ගොසිප් පුවත්

කතෘභාග ගෙවන්නෙ මෙහෙමයි

අප දන්නා පරිදි රූපවාහානි නාලිකා සහ ගුවන් විදුලි නාලිකා තුළින් විකාශනය වන ගීත සදහා කතෘභාග ගෙවීම 2020 අගෝස්තු 1 සිට ක්‍රියාත්මකව පවති. මේ අතර සිරස ,දෙරණ ,හිරු වැනි රූපවාහිනී නාලිකාවන් සහ ගුවන් විදුලි නාලිකාවන් නෙත් fm වැනි රේඩියෝ පමණක් තිබෙන ආයතනත් මේ වන විටත් කතෘභාග වීමට කටයුතු ආරම්භ කර ඇත.

රියැලටි වැඩසටහන් වල ගීත සඳහා කතෘභාග ගෙවීමට සිරසත්,දෙරණත් පැහැදිලි එකඟතාවය පළ කර ඇත. මෑත කාලයේ ඉතා ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන The Voice Sri lanka ගීත ගායනය සඳහා ද කතෘභාග ගෙවීමට සිරස TV නාලිකාව පොරොන්දු වී තිබේ.
 කතෘභාග ගෙවන්නේ කාටද?? රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා තුළින් විකාශනය වන ගීත සඳහා කතෘභාග ගෙවීමට ඔස්කා නැමැති ආයතනයක් රජය විසින් පත් කර ඇත. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ මෙම ගීතවල මුල් හිමිකරුවන් සොයා ඔවුන් සඳහා මෙම කොටස් ලබා දීමයි. මේ කාරණය සඳහා බුද්ධිමය දේපළ පිළිබඳ කාර්යාංශය ද මැදිහත් වී ඔවුන්ගේ අධීක්ෂණය ද මෙයට ලැබි ඇති බව අපට දැනගන්නට ලැබින.
            ගායක ගායිකාවන් ,ගීත නිර්මාණකරුවන්, සංගීත අධ්‍යක්ෂකවරුන් වැනි විශාල පිරිසක් ඔස්කා ආයතනය සහ සිරස සමග ඔවුනට ගෙවන මුදල තීරණය කිරිම ගැන දිගින් දිගටම සාකච්ඡා කරමින් පවති.
      සමහර ගායක ගායිකාවන් පිටරටවල සිට විවිධ ප්‍රකාශ නිකුත් කලත් ලංකාව තුළ මෙම කාර්යය සඳහා සක්‍රීයව සම්බන්ධ වෙලා කටයුතු කරන විශාල පිරිසක් ඇත. ඒ අතර ගායක ගායිකාවන්, සංගීත අධ්‍යක්ෂකවරු,තනු නිර්මාණකරුවන්, ගී පද රචකයන් හැඳින්විය හැක.
      සිරස නාළිකාවත් සමඟ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවීණ කලාකරුවන් වන සංගීත අධ්‍යක්ෂක රෝහණ වීරසිංහ, සරත් ද අල්විස්,නිලර් එම් කාසිම්,රාජ් තම්බපිල්ලේ ,හර්ෂ බුලත්සිංහල ,මහේෂ් දෙනිපිටිය සහ ගී පද රචකයින් වන ෂෙහාන් ගලහිටියාව සහ මනුරංග ද. ගායන ශිල්පීන් හා සංගීත කණ්ඩායම් අධ්‍යක්ෂකවරුන් වන සංගීත් විජේසූරිය,නලින් පෙරේරා, භාතිය සන්තුෂ්, කසුන් කල්හාර වැනි ප්‍රවීනයන් දැනටමත් සහභාගි වී අවසන්ය.
             පසුගිය Voice Teen රියැලටි වැඩසටහනේදී ශේන් සින් සහ MTV නාලිකා ප්‍රදානී සුසාර දිනාල් සමඟ කතා කරගත් පරිදි යු ටියුබ් චැනලය ඔස්සේ විකාශනය වන සින්දු වලට සිරසට ලැබෙන ආදායමෙන් කොටසක් කලාකරුවන්ට ගෙවීමට එකඟතාවය පළකර තිබින. Voice Teen වැඩසටහනට අදාලව එම කතෘභාග ගෙවීම මේ වන විටත් ඉහත සඳහන් කළ ඔස්කා ආයතනයට ගෙවා අවසන් බව අප කරුණු සොයා බලනවිට අනාවරණය විය.
ඉහත එකග තාවය අනුව මෙවරද Voice Sri Lanka වැඩසටහනේ ගීත යු ටියුබ් ආදායමෙන් කොටසක් කතෘභාග ලෙස ගෙවන බවට සිරසTV නාලිකාව ප්‍රකාශකර ඇත.
– අන්තර්ජාලයේ සටහනක් ඇසුරින්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button