දේශීය පුවත්

නිවසේදී අධ්‍යාපන අතපසුවීම් සිදුවුණත් මේක දරුවන්ගේ නිර්මාණශීලීත්වයට හොඳ කාලයක්

පවතින වසංගත තත්ත්වය මත බොහෝ දරුවෝ නිවෙස් තුළ කොටුච සිටිති. ඔවුන්ට පාසල් අධ්‍යාපනය අහිමි වී ඇත. මේ නිසා කණගාටු වන දෙමාපියන් වෙනුවෙන් පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් දැක්වූයේ පවුල් සෞඛ්‍ය කාර්යශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරී හේවාමාලගේ මහත්මියයි.
එහිදී ඇය ඒ පිළිබදව දීර්ඝව මෙලෙස අදහස් දැක්වූවාය.

“කෝවිඩ් වසංගතය නිසා මාසයක පමණ කාලයක් රටේ දරුවෝ ගෙදරට වෙලා ඉන්නවා. ඇතැම් පවුල්වල දෙමාපියන් එක්ක ළමයි ගෙදර ඉන්නවා. සමහර පවුල්වල දෙමාපියන් අත්‍යාවශ්‍ය සේවා වලට ගිහින් නිසා ළමයින් පමණක් නිවෙස්වල සිටිනවා. මේ දරුවන් සමග කොහොමද දවස ගත කරන්නේ කියන එක සම්බන්ධව විශාල ප්‍රශ්නයක් සහ ආතතිමය තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ වගේම මගහැරෙන අධ්‍යාපන කාලය සමග ඉදිරියේදී දරුවන්ගේ ජිවිත පසුබෑමකට ලක්වේවිද? යනුවෙන් විශාල කතිකාවතක් දෙමාපියන් තුළ නිර්මාණය වී තිබෙනවා. මේ නිසා අපි හිතුවා දෙමාපියන්ට උදව් වන කරුණු කාරණා කිහිපයක් බෙදාගන්න. පළමු තමයි දෙමාපියන්ටත්, දරුවන්ටත් මේ කාල සීමාවේ ආතතියක් ඇති වෙන එක සාමාන්‍ය තත්වයක්. මොකද අපි හැමෝම වෙනස් තත්වයකට තමයි මුහුණ දී සිටින්නේ. අපේ සාමාන්‍ය දින චර්යාව වෙනස් වෙලා තිබෙනවා. ඒ අනුව ගැටලුකාරී තත්ත්ව ඇතිවෙන එක සාමානයයි.

නමුත් මේ ගැටලුකාරී තත්වය ගැන අපිට දෙවිදියකට බලන්න පුළුවන්. ඒ අනුව මේක ප්‍රශ්නයක් කියල හිතලා හිත කලබල කරගන්න එපා. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද කියල බලන්න අපිට පුළුවන්. මේක තමන්ගේ දරුවන් එක්ක නිදහසේ ගතකරන්න ලැබුණ හොද අවස්ථාවක්. අපේ පුරුදු දින චර්යාවේ අපිට ඒ සදහා කාලයක් ලැබී තිබුණේ නැහැ. නමුත් දැන් අපිට දරුවොත් එක්ක නිදහසේ දරුවාගේ වෙනත් කුසලතා අධ්‍යයනය කරගෙන, ඒවා වර්ධනය කරන්න දේවල් කරන්න පුළුවන්. අපි දරුවෙක්ගේ අධ්‍යාපනය කියලා බැලුවාම මූලිකවම හිතපාසල් පන්ති කාමරයේ උගත්වන විෂය කරුණු ගැනයි. නමුත් අධ්‍යාපනය කියවිය කුරුණු වලට වඩා එහා ගිය පුළුල් දැනුම් සම්භාරයක්. අපේපැවැති ජීවන රටාවේදී අපිට බැරිවු මේ පුළුල් දැනුම් සම්භාරය අපේ දරුවන්ට ලබාදෙන්නට. විය කරුණුවලට අමතරව දරුවෙක්ට අනාගතයේ සාර්ථක වැඩිහිටියෙක් බවට පත්වන්නට ලැබිය යුතු දැනුම සම්බන්ධයෙන් ’21 වන සියවසට අවශ්‍ය කරන ඉගෙනුම් කුසලතා’ යනුවෙන් ලැයිස්තුවක් තකර තිබෙනවා. අපි එහි සඳහන් කරුණු කීපයක්විමසා බැලුවොත්,

විච්චාරාත්මක චින්තනය – එනම් ගැටලුවක් දෙස විචාරාත්මකව බලා එයට පිළිතුරු සොයන ආකාරය..

නව නිර්මාණශීලීත්වය- අලුත් යමක් උත්පාදනය කරන ආකාරය.

සන්නිවේදනය – පිරිසක් ඉදිරියේ කතා කරන්නේ කොහොමද සහ කම්පනයකින් යුතුව කතාබහ කරන්නේ කොහොමද කියන එක. මේවා දරුවෙක්ට පසුකාලීනව සමාකටයුතු කරද්දී සාර්ථක වෙන්නෙ අතවශ්‍ය වෙනවා. ඒවත්ම තොරතුරු හා මාධ්‍ය සාරතාව ඉතා වැදගත්. මේ මාධ්‍ය සාක්ෂරතාව නැති තැන තොරතුරු වසංගත තත්වයකට පත්වෙනවා. අපේ රටේ මේ තත්වය ඇතිවෙමින් තිබෙනවා. අනාගතයේ ඩිජිටල් ලෝකයට එන දරුවන්ට අත්‍යවශ්‍යම කුසලතාවක් තමයි තමන්ට ලැබෙන තොරතුර සත්‍ය තොරතුරක්ද යන්න හඳුනා ගැනීමට ඇති හැකියාව.

ඒවගේම අපිට අවශ්‍යයි නම්‍යශීලීව අනුවර්තනය වීමේ හැකියාවක්. අද අපිට ප්‍රශ්න එකින් එකට එනවා. කෝවිඩි ප්‍රශ්නය තියෙද්දී ගංවතුර ඇවිත් තිබෙනවා. ඒ ඔස්සේ එන රෝග තිබෙනවා. නැව නිසා ඇතිවූ පරිසර ප්‍රශ්ණ, තෙල් කාන්දුව නිසා ඇතිවුණ ප්‍රශ්නවගේ පාරිසරික පන්නරටේ ඇතිවෙනවා. මේවා ගැන අවධානය යොමු කරලා දරුවන්ට නව නිෂ්පාදන කරන ආකාරය, ඒවා ආශ්‍රිතව අලුත් සංකල්ප හා ගැටලු වලට පිළියම් සොයන ආකාරය පිළිබද හිතන්න අවස්ථාව සාදාදිය හැකියි. ඒ අනුව දෙමාපියක්දරුවන් සමග කාලය ගත කළ යුතුයි. එදිනෙදා කටයුතුවලදී දරුවන්ට අලුතින් හිතත්නපුළුවන් වාතාවරණයක් සකස් කිරීම සිදුකළ හැකියි. තමන්ගේ දරුවාගේ වයසට අනුව අවශ්‍ය තොරතුරු ලබාදෙමින්

ඒකටයුතුවල යොදවන්න අවශයි. විශේෂයෙන් දරුවන්ට දැනෙන්න හරින්න අවශ්‍යයි ආදරය, කරුණාව හා සෙනෙහස යන ඕනෑම දෙයකදී ඔවුන් සමග දෙමාපිය ඉන්නවා කියන හැගීම. ඒ හරහා දරුවන් අතර තිබෙන ආතතිය අඩු කරගන්න පුළුවන්. මේ කාලය දරුවන්ට හොඳ ගුණාංග ඉගෙන ගත්ත වටිනා කාලයක්. අනෙක් එක තමයි පාසල් අධ්‍යපනය අහිමි වීමෙන් දරුවන්ට ලොකු පාඩුවක් සිදුවෙනවා කියල බය වෙන්න එපා. මොකද ඔබේ දරුවාගේ සම වයසේ සිටින හැම දරුවෙක්ටම මේ අවස්ථාවේදී යම් ආකාරයකට අධ්‍යාපනය අහිමි වෙනවා. එය රටේ දරුවන්ට වත්ම ලෝකේ අනෙක් දරුවන්ටත් පොදු තත්වයක්. අවසානයේ දරුවෝ මේ මගහැරෙන දැනුම අල්ලා ගනීවි. අපි හැමදාම මේ තත්වයේ ඉන්න බලාපොරොත්තුවක් නැහැනේ. අපි කවදාහරි යථා තත්වයට පත්වේවි. එවිට මේ මගහැරුණ අධ්‍යාපනය දරුවෝ අල්ලා ගනීවී.ඒ සඳහා දරුවන්ට සුවිශේෂී සහජ හැකියාවක් තිබෙනවා. අපි එයට ඉංග්‍රීසියෙන් කියන්නේ රෙසිලියන් (resilience) කියලා. දරුවන් තුළ තිබෙන මේ හැකියාව ඔනවන්න නම් දෙමාපියන් මේ කාල සීමාවේ තමන්ගේ දරුවන්ට ආදරය, කරුණාව, සෙනෙහස දැක්විය යුතුයි. දරුවොත් එක්ක තරහ ගන්නේ නැතිව ඔවුන්ගේ සි‍ත ධනාත්මකව පාලනය කිරිමයි සිදුකළ යුත්තේ.”වර්තමානයේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා පවුල් සොඛ්‍ය කාර්යාංශය දෙමාපියන් වෙනුවෙන් උපදෙස් මාලාවක් එදින නිකුත් කරනු ලැබීය.

කෝවිඩ් 19 සමයේ දරුවන් රැක බලා ගැනීම යනුවෙන් නිකුත් කර ඇති එම උපදෙස් මාලාවේ 10වැන්නේ දැක්වෙන්නේ සෙල්ලම් කිරීම ඉගෙනීමට මගක් ලෙස දායක කරගන්නා ආකාරය පිළිබදවයි. ඒ අනුව කෝවිඩ් සමයේ සෙල්ලම් කිරීම තුළින් ඉගෙන ගත්තට දරුවන් යොමු කරන ආකාරය මෙලෙස උපුටා දක්වමු.පාසල් වැසීම නිසා බොහෝ දරුවන් තම නිවසේ හුදකලා වී ඇත. නමුත් ඔබ දන්නවාද, සෙල්ලම් කිරීම දරුවන් බොහෝ ඉගෙන ගත්නා ප්‍රධානම ක්‍රමයබව. ඉතින් ඔබටත් මෙය අදාබැලිය හැකියි. සෑම වයස් කාණ්ඩයකටම මෙය විනෝද වී හැකි දෙයකි. සෙල්ලම් ක්‍රම බොහෝ ආකාරයේ සෙල්ලම් ක්‍රම තිබෙනවා. ඒවා විනෝදජනක මෙන්ම අධ්‍යාපනික විය හැකියි. විවිධ භාෂා, අංක විවිධ වස්තූන්, නාට්‍ය හා සංගීතය ආශ්‍රිත සෙල්ලම් මගින් ළමයින්ට ගවේණාත්මක අවස්ථා ලබාදිය හැකි අතරම හා තම අත්දැකීම ආරක්ෂිත හා විනෝදජනක ආකාරයකින් ප්‍රකාශ කිරීමටද අවස්ථාවක් කරගත හැක. පහත දක්වා ඇත්තේ ඔබට දරුවන් සමග නිවසේදී අදාළ බැලිය හැකි සෙල්ලම් කිහිපයකි.

1) කතන්දර කීම

ඔබේ ළමා කාලයේ අත්දැකීම් තුළින් ඔබේ දරුවන්ට කතාවක් කියන්නෙ. ඔබේ දරුවන්ට ඔබට කතාවක් කියන්නෙ අවස්ථාව දක්න. “එකමත් එක රටක” ලෙස ආරම්භ කර සෑම දරුවෙකුටම අලුත් වාක්‍යයක් හෝ එයට එකතු කිරීමට ඉඩ දෙමින් දරුවන් හා එක්ව නව කතාන්දර නිර්මාණය කරන්න. කැමතිම කතාවක් හෝ චිත්‍රපටයක් රගපාන, වැඩිහිටි දරුවන්ට තමාට වඩා කුඩා දරුවන් ඒ සඳහා යොමු කිරීමට අවස්ථාව දෙන්න. එමගින් ඔවුන් වගකීමක් දැරීමට ඉගෙන ගනී.

2) සිතිවිලි මැවීමට එදිනෙදා පාවිච්චි කරන විවිධ භාණ්ඩ යොදා ගැනීම

එදින්නෙදා භාවිතා කරන කොසු වැනි භාණ්ඩ සෙල්ලම් කිරීමේදී විනෝදවීමට අවශ්‍ය උපාංග ලෙස යොදා ගත්ත. කාමරය මැද වස්තුවක් තබා ඒ පිළිබඳ අදහසක් ඇති ඕනෑම කෙනෙකුට ඉදිරිපත් වී අහිරූෂ්පණයෙන් එය අන් අයට පෙන්වීමට ඉඩ සලස්වන්න. •උදාහරණයක් ලෙස කොස්ස ගවයෙකු, මයික්‍රොෆෝනයක් හෝ ගිටාරයක් ලෙස පෙන්වීම.

3) මතකය ආශ්‍රිත සෙල්ලම්

කෝවිඩ් 19 අවසන් වූ වහාම මම බලාපොරොත්තු වෙනවා………. (ලෙසින් ඉදිරියට වාක්‍ය තනන්න) (උදා. ළමා උද්‍යානයට යන්න) ලෙස පළමුවැන්නාට ආරම්භ කළ හැක. “කෝවිඩ් 19 අවසන් වූ වහාම මම බලාපොරොත්තු වෙනවා ළමා උදහනයට යෑමට අමතරව මගේ හොදම යහළුවා බැලීමට යන්න” ලෙස දෙවැන්නාට එයට එකතු කළ හැක. මෙලෙස එක් එක් පුද්ගලයා කෝවිඩ්19 අවසන් වූ වහාම තමන් කිරීමට බලාපොරොත්තු වන දේ සිතීමට උත්සාහ කිරීම විනෝදජනක වේ.

4) ගීත ගායනා කිරීම

•ඔබේ දරුවාට ගීත ගායනා කිරීම දරුවාගේ මාවත දියුණු කිරීමට උදව් වේ.

• ඔබ ගීතයක් වාදනය හෝ ගායනා කරපළමුව එය නිවැරදිව අනුමාන කරන දරුවා ඊළඟ නායකයා බවට පත් කරන්න.

• අඳීම හෝ සමාජීය දුරස්ථ බව පිළිබදව ගීතයක් නිර්මාණය කරන්න. හැකිනම් එයට නර්තනයක්ද එක් කරන්න.

5) චලන ආශ්‍රිත සෙල්ලම්

•ඔබේ දරුවාගේ ප්‍රියතම ගීත සදහා නර්තන නිර්මාණයක් කරන්න.

•පළමුවැන්නා නර්තන චලනයක් ඉදිරිපත් කළ විට අනෙක් අය එය අනුගමනය කළ යුතුය.

•වරින්වර සියල්ලෝම නායකයා වන්න. එක් විනාඩියකදී කකුලේ ඇගිලි ස්පර්ශ කර උඩපැනීමේ අභියෝගය වැඩි වාර ගණනක් කරන්න තෝරන්න.

•කන්නාඩියකින් පෙනෙන ලෙස එකිනෙකාගේ මුහුණේ ඉරියව් චලනයන් මෙන්ම ශබිද අනුගමනය කරන්න.

•මෙය නායකයන්මාරු කරමින් කරන්න. පසුව නායකයෙක් නොමැතිවද කරන්න.

•සංගීතයක් හෝ ගායනයක් ඉදිරිපත් කර සියල්ලන්ටම නර්තනයේ යෙදෙත්ත සලස්වන්න. සංගීතය හෝ ගායනය එක්වරම නවත්වා සියල්ලන්ටම නොසෙල් වී සිටීමට අණ කරන්න. අවසානය තෙක් තරගයේ යෙදෙන්නා ඊළග වටයේ විනිශ්චයකරු කරන්න.

•ඉහත ආකාරයටම, සංගීතය නතරවූවිට සතෙකුගේ නමක් කියා සෑම කෙනෙකුටම එම සත්වයා බවට පත්වීමට අණ කරන්න.

(නදිශානි පතිරණ)

Back to top button