දේශීය පුවත්

අපි බලාපොරොත්තු වෙච්ච වෙනස මේ ආණ්ඩුව ඇති කරේ නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාධ්‍ය ඉදිරියේ පළ කළ අදහස් දැක්වීමක් පහතින්

එදා තිබිච්ච තත්ත්වයත් එක්ක අද තත්ත්ව බලපුවාම දැන් කිසි වෙනසක් නෑ.. අපි බලාපොරොත්තු වුනේ පංචශීලය රකින ජන සමාජයක් ගොඩනගලා හොඳ සමාජයක් කරා ගමන් කරන්නයි.. නමුත් අද අපිට කියන්න කනගාටු වෙලා තිබෙනවා මෙවර පොසොන් සතිය ආරම්භ කළේ තැබෑරුම් විවෘතකරලා. දැක්කා දවස් දෙකක් මත්පැන් වලට ඕන තරම් ඉඩ දීලා ඕන තරම් ගොඩ ගහගෙන ඉදලා බීපල්ලා කියන මතය තමයි තිබුණේ.. මම හිතනවා මේක පොසොන් සති ආරම්භ කළේම මත්පැන්වලින්. මේක අපේ රටේ සෞභාග්‍යහත්කම කෙසේ වෙතත් මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයටවත් ගැලපෙන එකක් නෙමෙයි. අද covid හැදිච්ච රටවල් පවා මත්පැන් පුලුවන් තරම් ඈත් කරල තියෙන යුගයක තමයි දිනපතා covid වසංගතය වර්ධනය වෙමින් පවතින අපේ රටේ මත්පැන් හල් විවෘත කරලා පොසොන් මාසය ආරම්භ කිරීම බෞද්ධයින්ට ලොකුම නින්දාවක්, ලොකුම ලැජ්ජාවක් අපිට මේ වගේ අවස්ථාවක..

අනිත් පැත්තෙන් බලපුවහම අපි සංස්කෘතිය ගැන කතා කරනවා, ආරක්ෂාව ගැන කතා කරනවා තව තව නොයෙක් දේවල් ගැන කතා කරනවා. ඉදිරියේදී ඉතාම භයානක තත්ත්වයක් උදාවෙන බව අපිට පේනවා. එක පැත්තකින් මුහුද හාරලා වැලි ගොඩ ගන්නවා හමුදා ඇඳුම් ඇඳගෙන.. අනිත් පැත්තෙන් අපිට ආරංචි වාර්තාවෙනවා American -japan නැව් නැංගුරම් දාගෙන ඇවිල්ලා තව තව නොයෙක් ක්‍රමවේදයන් වලට සැරසනවා කියන එක. මේක මහා භයානක තත්ත්වයක් රටට වෙලා තියෙන්නෙ.. නමුත් මේවා අපි දන්නවා අපේ රටේ කතාවක් තියෙනවා හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න එළිය කියන එක..

අද මිහිඳු මහරහතන් වහන්සේ වැඩිම අපේ ශ්‍රී ලංකා ජනතාවට තිබිච්ච හැදියාව වෙනස් වුණා.. නමුත් මම හිතනවා අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ මිනිස් සමාජයක් මේ සමාජයට ගොඩනගන්නයි. එහෙමනම් මේක තමයි හොඳම දේ එදා මිහිඳු හාමුදුරුවන් වැඩම කරවන්න ඉස්සෙල්ලා අපි නාගයන්ට යක්ෂයන්ට ,ගස් ගල් වලට වඳින්න පුදන්න පටන් ගත්තා. ඒ වගේම චිත්‍රකාලවේල යක්ෂයින් අදහන්න පටන් ගත්තා. නමුත් උන්වහන්සේ ඇවිල්ල වැඩම කරලා මේ සියල්ලක්ම විනාස කරල මේක ධර්මද්වීපයක් බවට පත් කළේ මිහිඳු මහරහතන් වහන්සේ.. එහෙම නම් මම හිතනවා මේ පොසොන් යුගයේ අද වගේ දවසක මේ රටේ ජනතාව ඒකරාශී කරලා මේ ජනතාවන්ගේ හඬක් නගන්න වෙලා තිබෙනවා .

මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු මිහිඳු හිමියනි ඔබ වහන්සේ වැඩම කරවලා ලබා දුන්න අපේ සංස්කෘතිය අද කෝ ?අපේ ජාතිය අද කෝ ? අපේ පැවැත්ම අද කෝ ?මේවා විනාශ වෙමින් දිනෙන් දින විනාශ වෙලා ගිහිල්ලා මිනිහා නොමිනිස් තත්ත්වයට පත්වෙලා පමණක් නෙමෙයි මිනිහා තිරිසන් තත්වෙට පත් වෙන යුගයක අපි ජීවත් වෙන්නේ. එහෙමනම් අපි අද අධිෂ්ඨාන කර ගන්න ඕනේ රජයේ පාලකයන් අධිෂ්ඨාන කර ගන්න ඕනේ අපි බලයට පත්වෙන කොට හැම රජයක්ම හැම නායකයෙක්ම කියන්නේ මේවා වෙනස් කරලා කිරියෙන් පැණියෙන් රට උතුර වල ජනතාවට දුකක් වෙන්නේ නැති වෙන්න ජනතාව පෝෂණය කරලා රටත් පෝෂණය කරලා රට සංවර්ධනය කරන මඅතෙකින් තමයි පැමිණෙන්නේ.. නමුත් අද අපිට පේනවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවලා ලබාදුන්න සංස්කෘතිය පවා අද විනාස කරා ගමන් කරනවා කිව්වොත් මේක පාට පාට කන්නාඩි දාන්නේ නැතුව බැලුවොත් ඕනෑම කෙනෙක්ට පැහැදිලිව පේනවා හැම දෙයක්ම…

අද මට පේනවා ධර්මය නෙමේ රජය කරන්නේ අධර්මය රජ කරන්නේ. අපිට අවශ්‍ය ධර්මය රජ කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි. නමුත් මෙන්න මේ වගේ අවාසනාවන්ත තත්ත්වයෙන් මිදෙන්න නම් ජනතාව දැන්වත් පෙළ ගැහෙන්නට ඕනේ මේ වගේ සාපරාධී ක්‍රියාවන් යුක්තියට පා පහරදීලා අයුක්තිය පිටුදැකීම අද ඇති වෙලා තියෙනවා පේනවා.. මිනිහා නොමිනිස් තත්ත්වයට ඇවිත් පේනවා. අපි බලාපොරොත්තු වුන දේවල් නැතුව මිනිසා ඉච්ඡාභංගත්වයෙන් කටයුතු කරන බව අද අපිට පේනවා. අද මාධ්‍යයක් බලපුහාම අපිට දුක හිතෙනවා සමහරු හැලිය පෙන්නනවා කන්න දෙයක් නැහැ කියලා. පාන් පෙත්තක් පෙන්නනවා ලමයිට කන්න ඕන මේ විදියයි කියලා. මේක අපි බලාපොරොත්තු වුණේ මේ සමාජය තුළ. වර්තමාන ආණ්ඩුවෙන් බලාපොරොත්තු උනේ මේකද. එහෙම නම් මම හිතනවා දැන්වත් රට කරවන ඇත්තන්ට හොඳම අවස්ථාවක් තමයි මිහිඳු හාමුදුරුවන් පාඩමට අරගෙන එදා දේවානම් පියතිස්ස රජ්ජුරුවන්ට මිහිඳු හාමුදුරුවන් ප්‍රකාශ කළේ මොකක්ද මහරජ ඔබ රටේ භාරකාරයා මිසක් රටේ අයිතිකාරයා නොවෙයි කියන එකයි දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට එදා මිහිඳු මහරහතන් වහන්සේ පැහැදිලි කරලා දුන්නෙ..

එහෙමනම් අද අපිටත් කියන්න වෙලා තිබෙන්නේ මේ රට බාර කළා. අයිතියක් දීලා නැහැ මේ රට බාර කරපු රට රට ආරක්ෂා කරගෙන පුලුවන්නම් අයිතිය ලබා ගත්තට කමක් නැහැඒ රට දියුණු කරල.අපේ විරෝධයක් නෑ එකට.. නමුත් බාර ගත්ත රට බාර කරපු රට විනාස නොකර ජනතාවට දුක් නොදී ජනතාව පාරට බස්සන්න නැතුව ජනතාව ඉච්ඡාභංගත්වයක් ඇති කරන්නේ නැතිව මේ රට සෞභාග්‍යමත් රටක් කරා ගෙන යන්න කියන එක තමයි අද අපේ අධිෂ්ඨානය විය යුත්තේ. වර්තමාන පාලක පක්ෂය මේවා තේරුම් අරන් ක්‍රියා කළොත් මම හිතනවා අපිට ගොඩ එන්න පුළුවන් කමක් ඇති වෙයි. එහෙම නැත්නම් අත්තනාමකිත විදිහට හිතුවක්කාර විදිහට දරදඬු විදිහට මේ පාලන ක්‍රමය ගෙනියනවා නම් රටත් ඉවරයි ජාතියත් ඉවරයි ඉවරයි පමණක් නෙවෙයි රාජපක්ෂලත් ඉවරයි කියන එක තමයි අපට මතක් කරන්න

අපේ හාමුදුරුවනේ දැන් ජාත්‍යන්තරය පවා මේ රටට අත තියලා කියලා චෝදනාව එල්ල වෙනවා. දැන් චීනෙන් අත තියලා චීන කොලනියක් කියලා කතාවක් හැදුනා.. දැන් මේ ඇමරිකාවෙන් ඇවිල්ලා දැන් යුධ ප්‍රකාශ ,නැව් ඇවිල්ලා එහෙම දෙයක් කරනවා කියලා.. මොකද මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ මතය?

ඒක තමයි මම අර මතක් කලේ අපිට ටිකෙන් ටික ආරංචි වෙනවා ගොඩක් දේවල්. american නැව් ඒනවා ජපන් නැව් වෙනවා තව එක ඒක බෝට්ටු ඒනවා, යුධ හමුදා ඇඳුම් ඇඳගෙන වැලි ගොඩ දානවා.. මේ වගේ එක එක දේවල් වෙනවා.. අද මේ තත්ත්වයෙන් මෙහෙම නම් ඉදිරියේදී තව මොනවා වෙයිද අපිට කියන්න පුළුවන් කමක් නැහැ.. සමහර වෙලාවට අපට සිද්ධ වෙයිද දන්නෑ කියන්න ජනතාවගේ ආරක්ෂාව තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්න වෙයිද කියන්න දන්නේ නැහැ.. එවැනි තත්ත්වයකට මඟ පාදා ගෙන එන්නේ. අපි ඒ නිසා අධීක්ෂණ කළමනාකරණය කියන එක මීට වඩා පාලකයන් ගෙන් වැඩි වෙන්නට ඕනෙ.. එහෙම නොවුණොත් එක ඒක එක අධිරාජ්‍යවාදීන්ට එක එක රටවල් වලට ඕන විදිහට ඇවිල්ලා මෙ පැලපදියම් වෙන්න දෙනවා නම් මේවා විනාශ කරන්න දෙනවා නම් අපේ ශ්‍රී ලංකාවේ අහිංසක ජනතාවට කාගේ පිහිටක් ද කියන එක තමයි අපිට කියන්න සිදුවෙලා තියෙන්නේ.. ඒ නිසාම මෙය අවබෝධයෙන් කටයුතු කරන්න කියන එක තමයි අපි පාලකයින්ට කියන්නේ.

ජාත්‍යන්තරයේ දැනටමත් ලංකාවට අතදාල ඉවරයිනෙ ?

ඇත්ත වශයෙන්ම අපිට දැන් පේනවා අපේ ආධාර ක්‍රමයන් දැන් ටිකෙන් ටික කොයි පැත්තකින් හිර කරයි ද දන්නේ නැහැ.. මේ එන පොට නම් හොඳ නැහැ නමුත් ජනතාවට අපි කියන්නේ එනපොට හොඳ නෑ ඒත් අපි සංවිධාන වෙමු මේවායින් මිදෙන්න.. ඒකයි කළමනාකරණය හරියට නැතිකමයි.. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා ඉතා වැදගත් ප්‍රකාශයක්. ඒ ප්‍රකාශයෙන් පස්සේ මටත් ගොඩක් මැති ඇමැතිවරු කතා කරලා කිව්වා අපට අවදි වෙන්න පුළුවන් ප්‍රකාශයක් තමයි අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කළේ කියලා.. ඒක කවුරුත් අගය කරනවා. ඇත්තෙන්ම අපි බැහැර කරන්න හොඳ නැහැ ඒවා. ආණ්ඩුව බලයට පත් කරන කොටස්කරයන් වශයෙන් අපි කිව්වේ දේශීය සම්පත් විකුණන්න එපා, ඒවා ආරක්ෂා කරගන්න කියන එක අපි හැමදා මතක් කළේ..

නමුත් දැන් අද අපිට පේනවා අපේ රටට දියුණු වෙන්න ආයෝජකයෝ අවශ්‍යයි ,ව්‍යාපාරිකයෝ අවශ්‍යයි. නමුත් එක කොට්ඨාසයකටම මේක දීලා හදනවා නම් ඒකේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. අනිත් රටවල් අපිත් එක්ක තරහා වෙනවා මිසක් යාලු වෙන්නේ නැහැ. මේක රට දියුණු කරන්න ඕනේ ආයෝජකයෝ එන්නට ඕනෑ. දැන් ගිය සුමානේ ව්‍යාපාරික ලෝකය අපේ ආරාමයේ රැස්වීමක් පැවැත්වූවා ව්‍යාපාරික සංවිධානය. හැම කෙනාම දුක් ගැනවිල්ලක් කිව්වේ. අද අපේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. අද අපි කබලෙන් ලිපට වැටිල තියෙන්නෙ. මේ රට ගොඩනගන්න මහා සංඝරත්නය වත් නැගිටින්න කියන එක බැගෑපත්ව ඒ ව්‍යාපාරිකයෝ අපි ළඟට වෙලා ඉල්ලුවා.. ඇත්තෙන්ම අපට මගහරින්න පුළුවන් කමක් නැහැ. අපි ඉදිරියේදී කුමන හෝ වැඩපිළිවෙලක් යොදාගෙන මේ හැම දෙයක්ම ආරක්ෂා කරගන්න අපි කටයුතු කරන්න තමයි ඉදිරි පියවරක් ගන්න හදන්නේ..

ඒ කියන්නේ පාරට බහින සූදානම් ආණ්ඩුවට විරුද්ධව?

ඔව් ආණ්ඩුව අකීකරු නම් ආණ්ඩුව හරි මඟ යන්නේ නැත්නම් නිසි මඟ යවන්න අවවාද අනුශාසනා කරන්න මේ රටේ මහා සංඝරත්නයට බහුජන සංවිධාන වලට අයිතියක් තිබෙනවා. ඒවා බැරිවෙලාවත් ඇහුම්කන් නොදී හිතුවක්කාර දඩබ්බර අත්තනෝමතික ක්‍රියාදාමයන් ගෙනයන්න සූදානම් වෙනවා නම් අපටත් තිබෙන ඒකායන මාර්ගය ජනතාවත් එක්ක පාරට බැසීම පමණයි.

දැන් ගම්මන්පිල මහතාට ඉදිරිපත් වුණ විශ්වාසභංගය පිළිබඳ මොකද්ද ඔබ වහන්සේගේ අදහස?

ගම්මන්පිල මහත්මයා විශ්වාසභංග යෝජනාවක වශයෙන්ම කියනවා නම් එතුමා හරහා මෙවැනි ආණ්ඩුවක් බලයට පත් කරන්න වෙච්ච මහන්සියට, කරපු දේවල් වලට, ශ්‍රමය, ධනය, කාලය සියල්ල වියදම් කරපු දේවල් වලට අද මේ ලැබෙන ප්‍රතිඵල මේවා නම් මේවා රටේ නිසි බලධාරීන් මේවා හොයන්න ඕනේ. මේවා කොහෙන් එන අවතාර ද කියලා හොයන්නට ඕනේ. ගම්මන්පිල මහතාට මේවා තනියෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මොනවා හරි අදෘශ්‍යමාන හස්තයන් පිට ඇති කියන එකයි අපේ විශ්වාසය. බය නැතුව නිර්භීතව ‍ප්‍රකාශ කරන්න ඔවුන්ගේ පසුපස ශක්තිමත් වෙන්නට ඕනෙ.. නැත්නම් ඒ වගේ ප්‍රකාශ කරන්නට බැහැ තනි පුද්ගලයෙක්.

සමගි බලවේගය කියනවා කොහොමහරි මේක ජයග්‍රහණය කරනවා කියලා විශ්වාස භංගය?

ඕනෑම දෙයක් ජයග්‍රහණය කරන්න නම් අපේ ශක්තිය තමයි තියෙන්න ඕනේ.. අපේ කැපවීම තියෙන්න ඕන. අපේ ඉදිරිපත්වීම තියෙන්න ඕනේ. මේ රටේ ජනතාවගේ ඉදිරිපත්වීම තුළින් තමයි ආණ්ඩුව වෙනස් කරලා ආණ්ඩුවක් බලයට ගත්තේ.. ආණ්ඩුව හදන්නෙත් මේ රටේ ජනතාවයි. ආණ්ඩු නැති කරන්නෙත් මේ රටේ ජනතාවයි. පරමාධිපත්‍ය බලය තවම මේ රටේ හීන වෙලා නැහැ. ඉදිරියේදී බලන්නේ මේ යන ගමන වෙනස් කරන්න නම් පරමාදිපත්‍ය බලය ඉදිරියට ගිහිල්ලා අපි ඔක්කොම එකා මෙන් එකතු වෙලා කටයුතු කරොත් අපිට පුළුවන් වෙයි සෞභාග්‍යමත් දැක්ම නැත්නම් සැලැස්ම ක්‍රියාත්මක කරන්න.. එහෙම නැත්නම් මම හිතන්නේ නෑ කවුරු කොහොම යෝජනා කළත් මේ රටේ පරමාධිපත්‍යට කන් දෙන්න ඕනේ. පරමාධිපත්‍යයට කන් නොදී රට විනාශ කරන්න ආපු එක්කෙනෙක් සර් ජෝන් කොතලාවල. කොතලාවල ඇහුම්කන් දුන්නේ නැහැ යන්න සිද්ධ වුණා. ඉතිහාසය සාක්ෂි දරනවා මේවට. ඒ නිසා වර්තමාන පාලකයෝ මේවයින් පාඩම් ඉගෙන ගන්න ඕනේ.

Back to top button