විදෙස් පුවත්

ඉතිහාසයේ දරුණුතම ශීත සෘතුව

අමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක් මේ දිනවල ඉතිහාසයේ දරුණුතම ශීත සෘතුවට මුහුණපා සිටින බව වාර්තා වේ.

පවතින තත්ත්වය හමුවේ දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇත.

ඒ අතරතුර ශීත ඍතුවේ අපූර්වත්වය දැක්වෙන සුන්දර දසුන් පෙළක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

විදෙස් වාර්තා පවසන්නේ, ඊසානදිග අමෙරිකානු ප්‍රාන්තවලින් අධික හිම පතනයක් වාර්තා වන බවය.

වර්ජිනියා, බටහිර වර්ජිනියා, මේරිලන්ඩ්, පෙන්සිල්වේනියා සහ නිව් ජර්සි ප්‍රාන්තයන්හි ඇතැම් ප්‍රදේශවල සෙන්ටිමීටර් 6 සිට 8 දක්වා උසට හිම වැටී තිබේ.

අධික හිමපතනය සමඟ ඇතිවූ හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත ගණනාවක විදුලි සැපයුම ඇණහිට ඇත.

කාලගුණ අංශ පවසන්නේ එම තත්ත්වය තව දින කිහිපයක් පුරා පවතිනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published.

Back to top button