ක්‍රීඩා පුවත්

ලෝකයේ භයානකම ප්‍රහාරක පිතිකරුවාට කොරෝනා

2019 දෙසැම්බර් මස චීනයේ වුහාන් නගරයෙන් පළමුවෙන් කොරෝනා වෛරස ආසාදිතයෙක් හඳුනා ගැනිණි.මේ වනවිට ලොවපුරා පුද්ගලයින් 114,689,717කට වෛරසය වැළඳී ඇති අතර ඉන් මියගොස් ඇති ගණන ලක්ෂ 25කට අධිකය.

මේ අතර ලෝකයේ භයානකම එක්දින සහ විස්සයි විස්ස පිතිකරුවා ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අන්ඩ්‍රේ රසල්ට ද කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.ඔහුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ පෙබරවාරි මුල් සතියේදී ය.

මේ වනවිට ඔහු සුවය ලබා ඇතත් එළඹෙන ශ්‍රී ලංකා – බ ඉ කො එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා ඔහුව කැඳවා නැත.

Leave a Reply

Your email address will not be published.

Back to top button