ලෝක කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය අදන් ඇරඹේ

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපර් ලීග් වටයට සුදුසුකම් ලැබීමේ තරගාවලි අද (17) සිට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 8ක් තරංග වැදීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකා පිල, අයර්ලන්තය, නෙදර්ලන්තය, නැම්බියාව සමඟ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වීමට නියමිතයි.

අනෙක් කණ්ඩායමට ඕමානය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය, බංගලාදේශය ඇතුලත් වනවා.

සෑම කණ්ඩායමක්ම සිය පිළේ අනෙක් කණ්ඩායම් සමඟ තරග වදින අතර පිල් දෙකේ ප්‍රසාද ලකුණු වැඩිපුර ලබාගන්නා කණ්ඩායම සුපිරි 12දෙනාගේ කණ්ඩායම හා එක්වීමට නියමිතයි.

Exit mobile version