කාලගුණ පුවත්

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) සවස 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය.නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Leave a Reply

Your email address will not be published.

Back to top button