කාලගුණ පුවත්

අද කාලගුණය

නිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) දින කාලගුණ අනාවැකිය නිකුක් කරමින් පෙන්වා දෙයි.

ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරන බව අපේක්ෂා කරයි.

AV Rase

මේ අතර ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button