ක්‍රීඩා පුවත්

එළැඹෙන ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම්සහගතව පුහුණුවීම් සිදු කළ යුතුයි

වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතු වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ග්‍රාන්ට් ෆ්ලවර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම්සහගතව පුහුණුවීම් සිදු කළ යුතු බවය.

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය (14) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Back to top button