Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
The second video caught Danushka - all three in a nightclub until 11 p.m.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල දෙදෙනා එංගලන්තයේ පරාජිත තරගයෙන් පසු එදින රාත්‍රියේ ඩර්ම්හැම් නුවර විශ්ව විද්‍යාලයක් යාබදව පිහිටි ප්‍රකට සමාජ ශාලාවේ මත්වෙමින් විනෝදවෙමින් කාලය ගතකර ඇති බවටත් මෙම වීදි සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකද එක්වී ඇති බවටත් මේ වනවිට තොරතුරු අනාවරණයවී ඇත.
එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලියෙකුවූ නසීර් නිස්තාර් එදින ශ්‍රී ලංකාවේ පරාජිත තරගය නැරඹීමෙන් පසු කලකිරිණ සිතින් ඩර්ම්හැම් නුවර සිය වාහනය පදවාගෙන යද්දී අහම්බෙන් නෙත ගැටීමෙන් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල වීදියේ සැරිසරන අයුරු හඳුනාගෙන තිබූ අතර ඔහු වාහනය ඔවුන් වෙත සමීප කර ඔවුන්ව වීඩියෝගත කළේය. අනතුරුව දික්වැල්ල වීඩියෝ ගත කිරීම හඳුනාගත් නිසා වහාම කැමරාව වෙනතකට ගත් නසීර් වාහනය ටික දුරක් ධාවනය කර නතර කර තවදුරටත් ඔවුන් කරමින් සිටින්නේ කුමක්දැයි නිරීක්ෂණය කරමින් සිට තිබේ. එහිදී ඔහුට මේ දෙන්නා සමග පැමිණි ධනුෂ්ක ගුණතිලකවද හඳුනාගන්නට ලැබී ඇති අතර ඔවුන් පීසා අතේ තියාගෙන කමින් සිගරට් බොමින් වීදි පුරා ඇවිදිමින් සිටිනු නිරීක්ෂණය වී ඇත.
නසීර් එම අවස්ථාවේ දෙවන වීඩියෝවක්ද ලබාගෙන ඇත.
ඔහු පවසන පරිදි එම තිදෙනා එලෙස ඇවිද යමින් සිට ඇත්තේ ඩර්ම්හැම් නුවර විශ්ව විද්‍යාලයක් යාබදව පිහිටි ප්‍රකට සමාජ ශාලාවේ සිට ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානය වෙතය.
මෙම සමාජ ශාලාව මේ දිනවල නිරෝධායන රෙගුලාසි මත රාත්‍රී 11 දක්වා පමණක් විවෘත කර තැබෙන බවත් එම ස්ථානයට බොහෝ විට විශ්වවිද්‍යාල සිසු සිසුවියන් එක්වන බවත් තෙරතුරු වාර්තා වන අතර ධනුෂ්ක කුසල් හා දික්වැල්ල ඒ සමාජ ශාලාව වසාදමන තුරු එහි කාලය ගත කර එයින් පිටව ඇති සෙයක් හැඟී යන අතර එළියට යමින් සිටි තරුණියන් කණ්ඩායමක් දෙස හැරී බලමින් කථාබස් කරනා සෙයක් මුල් වීඩියෝවේ දැක්වේ.
හැමතැනම කැරකෙමින් කිසිදු වග විභාගයක් නැතිව රාත්‍රී විදිපුරා සැරිසැරූ ඔවුන් අනතුරුව පීසා කමින් සිගරට් බොමින් ඇවිදගිය අතර ඒ වනවිට ධනුෂ්කද ඔවුනගෙ කල්ලියට එක්විය.
ඔවුනට පනවා ඇති නීති අනුව රාත්‍රී 11 වනවිට නවාතැන් ස්ථානය වෙත පැමිණිය යුතු වුවත් රාත්‍රී 12 පසුවීත් එසේ කර නැති අතර ඒ ගැන සොයාබලන්නට භාරව සිටි නිලධාරිනියගේ නොසැලකිල්ල හෝ හිතාමතා ඇයද වරදට රුකුල්දී ඇති බව හඳුනාගන්නට ලැබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔවුන් විනය විරෝධී ලෙස ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටත යාම හේතුවෙන් තරගයෙන් ඉවත් කරන ලද බවත් ඔවුන් වහාම ශ්‍රී ලංකාවට නැවත කැඳවීමට පියවර ගෙන ඇති බවත්ය. ලංකාවට පැමිණි පසුව
උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල සහ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ට එරෙහි විනය පියවර ගන්නට නියමිතය.
මෙම තීරණය ගනු ලැබුවේ සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවක් පිළිබඳව කරන ලද මූලික පරීක්ෂණයකින් පසුව, මේ සම්බන්ධයෙන් ‘කළමනාකරුගේ වාර්තාව’ පදනම් කරගෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පවසයි. පරීක්ෂණය අවසන් වන තෙක් ක්‍රිඩකයන් තිදෙනාගේ සියලු තරඟ අත්හිටුවීමටද තීරණය වී ඇත.
ධනුෂ්ක ගුණතිලක අතවර සිද්ධියක් ඇතුළු විනය විරෝධී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ චෝදනාවට ලක්වූ අතර කුසල් මෙන්ඩිස් දකුණු පසින් වාහනයක් ධාවනය කර පාරේ ගමන් කළ අයෙකු මරාදැමීම නිසා පසුගිය කාලයේ කතාබහට ලක් විය. ඔවුන්ට වරප්‍රසාද හැකියාව නිසා බොහෝ විනය ප්‍රශ්න ලිස්සා යාමේ වාසියද හිමිකරගෙන සිටින්නන්ය.
පහත පළවන්නේ ආන්දෝලනයට තුඩුදුන් වීඩියෝ දෙකයි
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…