විදෙස් පුවත්

ඉන්දීය ධනවතුන් රටින් පැන යයි

ඉන්දියාවේ පවතින කොවිඩ් අවදානමත් සමග එරට ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් රටින් පළායමින් සිටින බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.එවන් පසුබිමක තම පෞද්ගලික වාහනය විකුණා දමා එම මුදලින් ඔක්සිජන් ටැංකි මිලදීගෙන දුප්පතුන් වෙත නොමිලේ බෙදාදුන් පුද්ගලයෙකු පිලිබඳව ද වාර්තා වී තිබුණි.

විදෙස් මාධ්‍ය ඔහුව හඳුන්වා දී තිබුණේ “ඔක්සිජන් මිනිසා” ලෙසය.මෙ අතර, ඉන්දීය ජාතික සුන්දර් පිචායි ප්‍රධානීත්වය දරන ගූගල් සමාගම සහ සත්‍යා නඩාලා ප්‍රධාන විධායක නිලධාරී ධුර දරන මයික්‍රොසොෆ්ට් සමාගමද ඉන්දියාවට ආධාර ලබාදීමේ වැඩසටහනේ පෙරමුණ ගෙන තිබේ.

මේ අතර අඛණ්ඩව 6වන දිනටත් ඉන්දියාවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 3 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.ඒ අනුව ගතවූ පැය 24 තුළ එරටින් ආසාදිතයින් 323,000ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.කෙසේවෙතත් එය පෙර දිනට සාපේක්ෂව සියයට 8.4ක අඩුවීමක් බව සඳහන්ය.ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිත මරණ 2,771ක් වාර්තා වී තිබේ.කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින ඉන්දියාව වෙත අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක් විසින් ඔක්සිජන් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීමට ද පියවරගෙන ඇත.ඉන්දියාවෙන් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1 කෝටි 76 ලක්ෂ 36,307 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ සංඛ්‍යා 197,894කි.

Leave a Reply

Your email address will not be published.

Back to top button