විදෙස් පුවත්

ඉන්දියාවේ කොවිඩ් සීඝ්‍රයෙන් පැතිරයාමට හේතුව

ඉන්දියාව තුළ කොවිඩ් ආසාදිතයින් ඉහළ යෑමට හේතුව ද්විත්ව විකෘති කොරෝනා වෛරස් ප්‍රභේදයක් බව එරට විශේෂඥයෝ පවසති.එම ප්‍රභේදය පළමුවරට එරටින් හමුවූයේ පසුගිය මාර්තු මාසයේදී ය. එය B.1.617 ලෙස නම්කර තිබුණි.

ඉතා දරුණු ලෙස කොවිඩ් වෛරසයෙන් බැටකන ප්‍රාන්ථවල හමුවූ රෝගීන්ගෙන් එම විකෘති ප්‍රභේදය හඳුනාගෙන තිබේ.අතර ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් ගණන ඊයේ (05) ඉන්දියාවෙන් වාර්තා වී තිබුණි.එම ගණන දැක්වුණේ 412,618ක් ලෙසය.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ, රටපුරා කොවිඩ් පරීක්ෂාවන් සිදුකිරීම මන්දගාමී වී ඇති පසුබිමක පවා එරටින් මෙතරම් දෛනික ආසාදිතයින් වාර්තාවීම විශේෂත්වයක් බවය.මේ අතර ඊයේ එරටින් කොවිඩ් මරණ 3,982ක් වාර්තා වී ඇත.එය ද දැක්වෙන්නේ දිනකදී එරට සිදුවූ වැඩිම කොවිඩ් මරණ ගණන ලෙසය.

Leave a Reply

Your email address will not be published.

Back to top button