දේශීය පුවත්

පැය හතරෙන් තැබෑරුම් හිස් වෙති.. වහාම තවත් තොග ඇණැවුම් කරති…නීතිය බුදි..!

නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ තැබෑරුම් විවෘත කිරිම පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් නගරයේ තැබෑරුම්න්හලක හිමිකරුවකු පවසන ලද්දේ තැබෑරුම විවෘත කර පැය හතරක පමන කාලයක් තුලදි තම වෙලද සැලේ තිබු සියල්ල විකිනිමට හැකිවු බවත්ය.

එම තත්වයන් මත තවත් තොගයක් ලබා ගැනිමට ඇනවුම් කල බවත් ඔහු වැඩි දුරටත් පවසන ලදි.

තැබෑරුම් විවෘත කිරිමට පියවර ගැනිමත් සමග අරක්කු කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්ව එම පිරිස් පවසනුයේ කොවිඩ් පාලන කිරිම සදහා රජය මගින් නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක වන කාලයක මෙසේ තැබෑරුම් වෘත කිරිමට අවසර ලබා දිම හෙලා දැකිය යුතු බවත්ය.

හැටන් නගරයේ සමහර තැබෑරුම් තුල බෝතල් කඩා බීමට ලබා දෙන බවත් එලෙසින් පානය කිරිමේදි එක් විදුරුවකින් කිප දෙනකුම පානය කරන බවත් මෙම තත්වයන් තුලින් කොවිඩ්නැ වත මෙම ප්‍රදේශයන් තුල පැතිර යාමේ අවදානමක් පවතින බවද පවසති.

නිරෝධාන ඇදිරි නිතිය හමුවේ තමන්ට අත්‍යවශ්‍ය භාන්ඩ වන හාල් පිටි සිනි වැනිදේ ලබා ගැනිමට ඇති සිල්ලර වෙලද සැල්ද වසා දැමිමට පියවර ගෙන ඇති කාලයක මෙසේ තැබෑරුම් විවෘත කිරිමට පියවර ගැනිම අනුමත කල නොහැකි බවද එම පිරිස් තව දුරටත් පවසන ලදි.

එමෙන්ම තැබෑරුම් අසල ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට පිටුපාමින් ඒවා ලබා ගැනිමට පොරකන තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත කොවිඩ් පොකුරු ඇතිවිමේ දැඩි අවදානමක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

Back to top button