සමගි ජන බලවේගයේ ස්ථාවරය අග්‍රාමාත්‍යවරයාට දන්වයි

සමගි ජන බලවේගය දරන ස්ථාවරයේ වෙනසක් නොමැති බවත්, ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගනු ලබන නිවැරදි තීරණවලට සහය දෙන බවත් පවසනවා.
ඒ විපක්ෂ නායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියකින් යොමුකරමින්.

මේ අතර ගාලුමුවදොර ප්රජාතන්ත්රවාදී අරගලයට සම්බන්ධ “සර්වපාක්ෂික අරගලකරුවෝ” හි නියෝජිත පිරිසක් අද (14) පෙරවරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර ඔවුන්ගේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ද විපක්ෂ නායකතුමා වෙත පිළිගන්වා තිබෙනවා.
අරගල භූමියේ ඉල්ලීම් පිළිබඳව තමන් සංවේදී බව පැවසූ විපක්ෂ නායකතුමා එකී ඉල්ලීම් කිසිම විටෙකත් පාවා නොදුන් බවයි එහිදී පවසා ඇත්තේ.
ජනාධිපතිවරයා නිශ්චිතවම ඉල්ලා අස්වීම සම්බන්ධව තමන් දරණ තීන්දුව තිරසාර බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන් ඔබ්බට දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම, විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම, සංවරණ තුලන ක්‍රමවේදයක් හරහා ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ බලය ගොඩනැගීම යනාදී ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරකම් කෙරෙහි සමගි ජන බලවේගය නොවෙනස්ව පෙනී සිටින බවද එහිදී සඳහන් කළා.
(colombotimes.lk)



The post සමගි ජන බලවේගයේ ස්ථාවරය අග්‍රාමාත්‍යවරයාට දන්වයි appeared first on Colombo Times.