පළාත් තුළ ධාවනය කරන බස් සහ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට වැඩි කරයි

පළාත් තුළ ධාවනය කරන බස් සහ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් අන්තර් පළාත් බස් රථ හා දුම්රිය ධාවනයට මෙතෙක් කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ අවසර හිමිවී නැහැ.

මේ අතර අද සිට උදාසන සහ සවස් කාලයේදී ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර පළාත තුළ අද සිට දෛනිකව දුම්රිය ගමන් ගමන්වාර 70 ක් ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, මීරීගම, වේයන්ගොඩ හා ගම්පහ සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 11 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම, දකුණු කළුතර, වාද්දූව, පානදුර, මොරටුව හා ගල්කිස්ස සිට ගමන් වාර 12 ක් ද ක්‍රියාත්මක කෙරෙනු ඇති.

කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල හා පාදුක්ක සිට ගමන් වාර 05 ක් ද, පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා මීගමුව සිට ගමන් වාර 08 ක් වශයෙන් කොළඹ කොටුව හා මරදාන වෙත ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

උදාසන ධාවනය වන මෙම ගමන් වාර සංඛ්‍යාව සවස නැවතත් ධාවනය කරවීමටද කටයුතු සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

Exit mobile version