Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
දේශීය පුවත්

මිනිස් පරිණාමයේ නව සාමාජිකයා

මිනිස්සු එහෙම නැත්නම් හෝමෝ සේපියන් පරිණාමය වීම ගැන අපිට තිබෙන්නේ ලොකු කුතුහලයක්.අන්න ඒ කුතුහලය තියෙන මිනිසුන් විසින් හොයාගත්තු තවත් අපූරු සොයා ගැනීමක් ගැන තමයි මේ කියන්න යන්නේ.

පුරාවිද්‍යාඥයෝ විසින් මීට අවුරුදු ලක්ෂ හතරකට කලින් ජීවත් වුණා යැයි සැලකෙන අලුත් මානව වර්ගයක් ගැන හොයාගෙන තිබෙනවා. හෝමෝ සේපියන්වරුන්ට පෙර ඔවුන් ඉන්න ඇතැයි කියලයි විද්‍යාඥයන් අනුමාන කරන්නේ.

ඊශ්‍රායලයේ රම්ලා නගරයට ආසන්නයේ තිබුණ සිමෙන්ති කම්හලකදී තමයි “නේෂර් රම්ලා” නමින් හැඳින්වෙන මානවයෙකුගේ හිස් කබලක කොටසක් සහ හකු කොටස් හමු වෙන්නේ. මේ හිස් කබල සහ හකු ප්‍රදේශයට අයිති දේහය වසර එක්ලක්ෂ හතලිස් දහසකට පමණ පෙර හොයාගෙන තිබුණා.

මේ සොයා ගත් හිස් කබල සහ හකු කොටස් පාවිච්චි කරමින් ඩිජිටල් ආකාරයේ රූපයක් නිර්මාණය කළාට පස්සෙ මෙම නූතන මිනිසුන්ට වඩා බෙහෙවින් වෙනස් ලක්ෂණයන් තිබෙන බව හෙළි වෙලා තියෙන්නේ. තරමක් වෙනස් වුණත් නියැන්ඩර්තාල් වරුන්ට පොදු ලක්ෂණ කිහිපයකුත් මේ නේශර් රම්ලාගෙන් දැක ගන්න පුළුවන්.
කොහොම වුණත් මේ හොයා ගැනීම නිසා මානව පරිණාමයේ තිබුණ විශාල ගැටළු කිහිපයකට පිළිතුරු ලබාගන්න ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. පර්යේෂකයන් පවසන “නේෂර් රම්ලා” පරිදි මීට වසර ලක්ෂ දෙකකට පමණ පෙර වර්තමාන හෝමෝ හෝමෝසේපියන් සමඟින් සර්සංගයේ යෙදුන කොටසක් බව තමයි අනුමාන කරන්නේ.

ඊශ්‍රායලයේ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ කතුවරයෙකු සහ ජීව විද්‍යාත්මක මානව විද්‍යාඥයෙකු විසින් ඒ සම්බන්ධව කරුණු කිහිපයක් ප්‍රකාශ කරලා තිබෙනවා. ඔහු පවසන පරිදි මීට පෙර සොයාගත් මානව පොසිල පිළිබඳව නව අවබෝධයක් ලබා ලබාගැනීමටත්, මානව පරිණාමයේ ගැටළුකාරී තැන් විසදා ගැනීමටත්, අවුරුදු ගණනාවකට පෙර මිනිසුන්ගේ සංක්‍රමණයන් පිළිබඳ අවබෝධ කර ගැනීමටත් හැකියාවක් මේ නව සොයා ගැනීම නිසා හැකිවෙලා තියෙනවා.

රම්ලා සිමෙන්ති කම්හලේ පතල් කැණීමේදී තමයි මේ නටඹුන් ඔවුන්ට හමු වෙලා තිබෙන්නේ. අඩි 26 ක් පමණ ගැඹුරින් අශ්වයින්, මුවන්, ගවයන් වගේ සත්වයින්ගේ වගේම විශාල සත්ත්වයන්ගේ ඇටකටු සොයාගෙන තිබෙනවා.

සොයාගත් අස්ථි රූප විද්‍යාව අනුව විශ්ලේෂණය කිරීමෙන් ඔවුන් මේ කරුණු තහවුරු කරගෙන තිබුණා. “නේෂර් රම්ලා” හෝමෝවරුන් සතුව උසස් ගල් ආයුධ නිෂ්පාදන සහ තාක්ෂණයන් තිබූ බවත් ඔවුන් බොහෝ දුරට වර්තමානයේ සිටින හෝමෝසේපියන් වරුන් සමඟ අන්තර් ක්‍රියා සිදු කරලා තිබෙන බවත් විද්‍යාඥයින් අනුමාන කරනවා.

මානව වර්ග පරිණාමනය වෙනකොට සිටි නියැන්ඩර්තාල් වරුන් කුඩා කණ්ඩායම් ලෙස ග්ලැසියර් වලින් බේරීම සඳහා දකුණු දෙසට සංක්‍රමණය සංක්‍රමණය වී තිබුණා. ඉන් සමහර දෙනෙක් මීට වසර 60,000 පමණ පෙර ඊශ්‍රායලය දේශයට පැමිණෙන ඇති කියලයි ඔවුන් අනුමාන කරන්නේ.

ඉතින් මේ මානව පරිණාමයේ කාලරාමුව වසර මිලියන ගණනක් පැරණි බව සොයා ගන්න පුළුවන් වුණා. මිනිස් ගස එහෙම නැත්නම් මිනිසාගේ පරිණාමයේ පවුල් ගස සිදුවී ඇති ආකාරය පිළිබඳව මෙලෙස සටහන් වී තිබෙනවා.

අවුරුදු මිලියන 55 කට පෙර – පළමු ප්‍රාථමික ප්‍රයිමේට් පරිණාමය

අවුරුදු මිලියන 15 කට පෙර – හොමිනිඩේ (මහා වානරයන්)

අවුරුදු මිලියන 7 කට පෙර – පළමු ගෝරිල්ලන් පරිණාමය / පසුකාලීනව, චිම්ප් සහ මානව පරම්පරාවන් අපසරනය

මීට වසර මිලියන 5.5 කට පෙර – ආර්ඩිපිටෙකස්, මුල් ‘ප්‍රෝටෝ-හියුමන්’ චිම්පස් සහ ගෝරිල්ලන්

මීට වසර මිලියන 4 කට පෙර – මුල් මිනිසුන් මෙන් වානරයන්, ඔස්ට්‍රොලොපිතෙසීන් (ඔවුන්ගේ මොළය චිම්පන්සියකට වඩා විශාල නොවූ නමුත් වෙනත් මානව ලක්ෂණ වලට වඩා වැඩි ය)

මීට වසර මිලියන 3.9-2.9 කට පෙර – ඔස්ට්‍රොලොයිපිතෙකස් ඇෆරෙන්සිස් අප්‍රිකාවෙන්

මීට වසර මිලියන 2.7 කට පෙර – පරන්ට්රොපස් (වනාන්තරවල ජීවත් වූ අතර හැපීම සඳහා විශාල හකු තිබුණි)

මීට වසර මිලියන 2.6 කට පෙර – අත් අක්ෂය (පළමු ප්‍රධාන තාක්ෂණික නවෝත්පාදනය බවට පත්විය)

මීට වසර මිලියන 2.3 කට පෙර – හෝමෝ හැබිලිස්

අවුරුදු මිලියන 1.85 කට පෙර – පළමු ‘නවීන’ හස්තය

මීට වසර මිලියන 1.8 කට පෙර – හෝමෝ එර්ගාස්ටර් (පොසිල වාර්තාවල පෙනෙන්නට පටන් ගනී)

අවුරුදු 800,000 කට පෙර – මුල් මිනිසුන් ගින්න පාලනය කර ලිපිගොනු නිර්මාණය කරයි. මොළයේ ප්‍රමාණය වේගයෙන් වැඩිවීම

මීට වසර 400,000 කට පෙර – නියැන්ඩර්තාල්වරු ප්‍රථම වරට යුරෝපය හා ආසියාව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීම

අවුරුදු 300,000 සිට 200,000 කට පෙර – හෝමෝ සේපියන්ස් – නූතන මිනිසුන් – අප්‍රිකාවේ

අවුරුදු 50,000 සිට 40,000 කට පෙර – නූතන මිනිසුන් යුරෝපයට ළඟා වීම

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago