ගොසිප් පුවත්

ලහිරු කුමාර සහ ලිටන් දාස් අතර ඇති වූ උණුසුම් බහින්බස්වීම මෙන්න.! (Video)

ලහිරු කුමාර සහ ලිටන් දාස් අතර ඇති වූ උණුසුම් බහින්බස්වීම මෙන්න.!

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ආරම්භක පිතිකරු ලිටන් දාස් ලකුණු 16කට දවාලීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවට නොගැලපෙන ලෙස දර්ශනයක් මතුවිය.

බංග්ලාදේශ ඉනිමේ 6 වැනි ඕවරයේදී කුමාරගේ උඩ පන්දුවක් දසුන් ශානක ලබාගැනීමත් සමඟ එම අවස්ථාව සිදුවිය.

ඒ, පළමුව පන්දුවට පහර දෙන බංගලාදේශ කණ්ඩායමේ ලිටන් දාස් , ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟයි.

එම දැවී යාමත් සමඟ ලිටන් දාස්  හා ළහිරු කුමාර අතර වචන හුවමාරුවක් සිදු වුණා.

සාජා හි පැවැත්වෙන අද තරගයේ බංගලාදේශ කණ්ඩායම මේ වන විට පන්දුවාර 8ක් අවසානයේ කඩුළු දෙකක් දැවී ළකුණු 58ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන, ලෝක කුසලාන තරගාවලියේ, සුපිරි 12 දෙනාගේ තරග වටයේ ප්‍රථම තරගය අතුරතුර ඇති වු උණුසුම් තත්ත්වය පහතින්,

Back to top button