දේශීය පුවත්
අප්රිකානු – පාකිස්ථාන 20යි 20 පළමු තරඟය අද

සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් 20/20 ක්රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ.
පාකිස්ථානයේ ලාහෝර්හිදී එම තරඟය ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර පැවති ටෙස්ට් ක්රිකට් තරඟාවලිය තරඟ දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණි.
මේ අතර සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරඟය අද ඩකාහිදී ආරම්භ වීමට නියමිතව තිබේ.