විදෙස් පුවත්

ඇෆ්ගන් ගායන ශිල්පීන්ගේ ඉරණම

තලෙයිබාන් සංවිධානයේ තර්ජන හමුවේ ඇෆ්ගනිස්තාන ගායන ශිල්පීන් රැසක් පකිස්ථානයට පළාගොස් තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ ජීවත් වුවහොත් මරණ දඬුවම නියම කරනු ඇති බවට මතුවූ බියත් සමඟ තමුන් එලෙස පළා ආ බවයි BBC ලෝක සේවය වෙත අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර ඇත්තේ.

තලෙයිබාන් සංවිධානයේ රෙගුලාසි වලට අනූව සංගීතය තහනම්.

පසුගිය අගෝස්තු මාසයේදී උතුරු බැග්ලාන් පළාතේ ජන ගායකයෙකුට ඔවුන් මරණ දඬුවම ලබාදුන් බවට ද අදාළ ගායන ශිල්පීන් චෝදනා කරනවා.

එහෙත්, තලෙයිබාන් සංවිධානය එම චෝදනා වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

Back to top button