ගොසිප් පුවත්

ඊයේ පැමිණි නෞකාවේ ඩීසල් තොගය ගොඩබෑම ඇරඹේ

අඛණ්ඩව දිවයින පුරා IOC සමාගම ඉන්ධන බෙදාහරිමින් සිටින බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

IOC සමාගමේ ඉන්ධන ප්‍රවාහනය සඳහා දෛනකිව ටැකි රථ 100 ක් පමණ යොදවා ඇති බවයි එහි සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ.

මේ අතර , ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 රැගත් නෞකාවක් කොළඹට ඊයේ රාත්‍රියේ ළඟා වී තිබෙනවා.

එම ඩීසල් තොගය අද පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

ගොඩබෑම අවසන් කළ වහාම පිරවුම්හල්වලට ඩීසල් බෙදාහැරීමට කටයුතු කරන බවත් අමාත්‍යංශය කියා සිටියා.

මේ අතර අද දිනයේදී ද තවත් ඩීසල් නෞකාවක් දිවයිනට ළගාවීමටයි නියමිතයි.

එමෙන්ම හෙට දිනයේදී පෙට්‍රල් නෞකාවක් දිවයිනට ළගාවීමට නියමිත අතර, ලබන සිකුරාදා දිනයේදී තවත් පෙට්‍රල් නෞකාවක් මෙරටට ළගාවීමට නියමිතයි.
(colombotimes.lk)

Viber
colombotimes.lk

Back to top button