දේශීය පුවත්

සංචරණ සීමා ලිහිල් වෙයි නැවත පැනවීම ගැන තීරණය අද දහවල්

දිවයින පුරා ආවරණය වන පරිදි පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කර තිබේ. එම ලිහිල්වීම සිදු වුණත් බස්නාහිර පළාතට පමණක් ජුලි මස 05 වන දින දක්වා පවතින බස් රථ ගමනාගමනය කඩසාප්පු විවෘත කිරීම ඇතුළු සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මතක් කර දෙයි.

කොවිඩ් පාලනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය අද පෙරවරුවේ රැස්වීමෙන් අනතුරුව ඉදිරියට නැවත සීමා පැනවීමක් සිදු කරන්නේද නැත්ද කරන්නේ නම් කවර ආකාරයටද යන්න සාකච්ඡාවට ලක්කරනු ඇති අතර එය අද (25) දින දහවල් දැනුම් දෙනු ඇත.

Back to top button