දේශපාලන පුවත්
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය වාර්තාව පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එය මෙරට 75 වන අයවැය ප්‍රකාශයයි.
අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා දෙවන වර කියවිමේ විවාදය පැවැත්වේ.
ඒ අනුව අද පස්වරු 05.00ට එහි ජන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
පසුව අයවැය කරක සභා අවස්ථාව හෙවත් අවවැය තුන්වනවර කියවීම ලබන 23 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වේ.
එදින පස්වරු 05.00ට අයවැය තුන්වන වර කියවීම පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.