දේශීය පුවත්

දිනෙන් දින වියැකෙන කලාබළලු වැවේ සුන්දරත්වය

අනුරාධපුර කලා බළලු වැව යනු අලි ඇතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වන අලංකාර දසුන් මවන සුන්දර ප්‍රදේශයක්.

කෙසේ වෙතත් එහි සුන්දරත්වය මේ වන විට දිනෙන් දින විනාශ මුඛයට පත්ව තිබෙනවා.

එහි සුන්දරත්වයට ජපන් ජබර නම් ආක්‍රමශීලී ශාකය තර්ජනයක් වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙහි ජීවත්වන අලි ඇතුන් වැව්තාවුල්ලේ ඇති බෙරු තණ ආහාරයට ගන්නා නමුත් වැව පුරා මේ වන විට ජපන් ජබර ව්‍යාප්ත වීම හේතුවෙන් එම සත්වයින් උග්‍ර ආහාර ගැටලුවකට මුහුණදී තිබෙනවා.

වෙනදා අලි ඇතුන් 350ක් පමණ වැව්තාවුල්ලේ දැකගැනීමට හැකි වුවද මේ දිනවල අලින් 35 – 40 අතර රංචුවලට වෙන්වී තැන තැන ආහාර සොයමින් යන බව ප්‍රදේශවාසීන් පැවසුවා.

ජපන් ජබර ඉතා වේගයෙන් වැව් තාවුලු සියල්ල වසාගෙන ඇති අතර ඒවා ඉවත් නොකළහොත් එහි සුන්දරත්වයට පමණක් නොව ඉදිරියේදී වන අලීන්ට ඇතිවන ආහාර අර්බුදයත් සමඟ අලි මිනිස් ගැටුම්වලටද අතවැනීමක් වනු ඇති.

මෙම ගැටලුවට කඩිනමින් විසදුමක් දෙන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Back to top button