දේශීය පුවත්

අංගම්පොර කළාවට තිබු තහනම ඉවතට

යටත්විජිත සමයේ සිට දේශීය අංගම්පොර සටන් කලාවට පනවා තිබූ තහනම ඉවත් කරන බව, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ කොරතොට අංගම් සටන් පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.

ඒ අනූව ඉදිරියේදී අංගම්පොර සටන් කලාව ජාතික ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව, අමාත්‍යවරයා සඳහන් කළා.මෙරට අංගම්පොර සටන් කලාව 1818 වසරේ ඔක්තෝබර් මාසයේදී ඉංග්‍රීසීන් විසින් තහනම් කරනු ලැබුවා. එහෙත්, වසර 202 කට අධික කාලයක් එය රහසිගතව පවත්වාගෙන ඒමට පාරම්පරික ශිල්පීන්ට හැකිවුණා.

Back to top button