විදෙස් පුවත්

එක්සත් රාජධානියෙන් හඳුනාගෙන ඇති 16 වැනි කොවිඩ් වෛරස ප්‍රභේදය වාර්තාවෙයි

“මූ” වෛරස ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානිය යළි අවදානමකට මුහුණ පා සිටිනවා.

ඒ, එක්සත් රාජධානියෙන් හඳුනාගෙන ඇති 16 වැනි කොවිඩ් වෛරසය ප්‍රභේදය බවට “මූ” වෛරස ප්‍රභේදය පත්වීමත් සමඟයි.

එංගලන්තයෙන් “මූ” ප්‍රභේදය ආසාදිතයන් 47ක්, උතුරු අයර්ලන්තයෙන් දෙදෙනෙක්, ස්කොට්ලන්තයෙන් තිදෙනෙක් සහ වේල්සයෙන් එක් ආසාදිතයෙක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

කොලොම්බියාවෙන් මුල් වරට හඳුනාගත් එම ප්‍රභේදය කොවිඩ් මර්දන එන්නත් සඳහා ප්‍රතිරෝධයක් දක්වන්නේ ද හෝ විශාල තර්ජනයක් එල්ල කළ හැකි ප්‍රභේදයක් ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන නැහැ.

කෙසේවෙතත් එය අවධානයට ලක්කළ යුතු වෛරස ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වර්ගීකරණය කර තිබෙනවා.

Back to top button