ගොසිප් පුවත්

ජනප්‍රිය සුරූපී නිලි තාරුකා වන්නිආරච්චි පුංචි පුතුගේ 2වන උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිහතමානී රංගන ශිල්පිනියක් වගේම සුන්දර නිරූපණ ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය කාලයේ පුංචිම පුංචි හුරතල් පුතෙක් මෙලොවට බිහිකරමින් හා හා පුරා කියලා උතුම් මව් පදවිය ලැබපු බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන අපේ ආදරණීය රංගන ශිල්පිනිය ගැන අපි නිරන්තරයෙන්ම රස බර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති.

ඉතින් මේ ජනප්‍රිය නිළිය විවාහ වෙලා ඉන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ව්‍යාපාරිකයෙක් සමඟයි. ඉතින් මේ ආදරණීය යුවලගේ පුංචි පුතා ඩියෝන්ගේ දෙවන උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් මේ ආදරණීය කැදැල්ලේ හැමෝම එකතු වෙලා හරි අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව පවත්වලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු උපන්දින සාදයේ සුන්දර අවස්ථාවන් මේ තරම් අපූරුවට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන Zee Events ඡායාරූප කරන ආයතනය විසිනුයි.

ඉතින් මේ ඩියෝන් පුතා දැන් හොඳටම දඟයි කියලයි තාරුකා නම් කියන්නේ. ඒ වගේම හරිම හුරතල් කියලත් ඇය කියනවා. ඉතින් අද පුතා එක්ක මේ ගත කරන කාලය හරිම සුන්දරයි කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය හිතපු නැති විදිහට පුතා නිසා ඇයගේ ජීවිතේ වෙනස් වුණා කියලා ඇයට හිතෙනවාලු. ඉතින් දඟ කළාට පුතා හරිම ආදරේ හිතෙන හුරතල් වැඩ තමයිලු කරන්නෙ. පුතා දැන් හැමෝම එක්ක හරිම ආදරණීයයිලු. ඒ වගේම පුතා සතුන්ටත් හරි ආසයිලු. බල්ලන්ට පූසන්ට පුදුම ආසාවක් තියෙනවා කියලත් ඇය කියනවා.

ඉතින් මේ විදිහට පහුගිය දවසක දෙවන උපන්දිනය සමරපු පුංචි ඩියෝන් පුතාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් පුංචි පුතාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

The post ජනප්‍රිය සුරූපී නිලි තාරුකා වන්නිආරච්චි පුංචි පුතුගේ 2වන උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි appeared first on FoxMedia.

Back to top button