ක්‍රීඩා පුවත්
20යි 20 ප්‍රදර්ශනාත්මක තරඟයට සහභාගීවන කණ්ඩායම් නම් කෙරේ

ශ්‍රී ලංකා ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක 20යි 20 තරඟය සඳහා සහභාගී වන කණ්ඩායම් නම් කර තිබේ.අදාළ කණ්ඩායම් පහත පරිදි වේ,

කොවිඩ් 19 අරමුදලට ආධාර එක්රැස් කිරීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම තරඟය මැයි 4 වැනිදා පැවැත්වීමට නියමිතය.එම තරඟය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය.තරඟය මැයි මස 4 වැනිදා රාත්‍රි 7ට ආරම්භ වන අතර එම තරඟය සජීවීව ලොව පුරා විකාශය කිරීමට සැලසුම් කර ඇති බවද ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.