ගොසිප් පුවත්

මුහුදේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙක් අතුරුදහන්

පලාලි පොලිස් වසමේ ඌරනි වෙරළතීරයේ දියනෑමට ගිය 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදහන් වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අතුරුදහන් වු පුද්ගලයින් දෙදෙනා 19 වන වියේ පසුවන බවය.

AV Rase

අද (29) දින දහවල් 1ට පමණ එම පිරිස දියනෑමට ගොස් ඇත.

මේ දිනවල පවතින මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් හා රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවැනි විනෝද චාරිකාවල නොයෙදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

කෙසේවෙතත් දියනෑමට ගොස් ඇති ස්ථානයට කිසිසේත්ම දියනෑමට සුදුසු ස්ථානයක් නොවන බවත් අතුරුදහන් වුවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button