Uncategorized

සංගීතේ රොකීගේ උපන්දිනයට සුරූපී බිරිඳ දොනිත් එක්ක දීපු සප්‍රයිස් එක.

ශානක උදිෂ කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා බිහිවුන තවත් දක්ෂයෙක් කියලා කිවුවොත් නිවැරදියි. ගායන හැකියාව ඔහුගේ පවුලේ අනිත් යටත් තියෙනවා. විශේෂයෙන්ම හැමෝම දන්නා මල්ලි ලවන් අබිෂේක් කියන්නෙත් තාරුණ්‍යයේ සිටින දක්ෂ ගායකයෙක්. ඒ වගේම් අඔහුගේ අනිත් මල්ලි විදෙස් රටක හිටියත් ඔහුත් ගායනයට දක්ෂ බව තමයි දැනගන්න ලැබුනේ. ශානක කියන නමට වඩා හැමෝම වගේ ඔහුව හදුනන්නේ රොකී කියලා ඒ සංගීතේ ටෙලි නාට්‍ය නිසා ඔහු විවාහ වෙලා ඉන්නේ රූප සුන්දරියක් සමගින්. ඇය නිරූපන ශිල්පිනියක් වන නිලක්ෂි තිලකරත්න. මේ දෙන්නට දැන් ලස්සන සුරතල් දියණියක් ඉන්නවා.

ඊයේ ශානකගේ උපන්දිනය යෙදී තිබුනා. ඉතින් ආදරණිය බිරිඳ ආදරණිය සුබ පැතුමක් එක්කර තිබුනේ මෙලෙසින්, සුබ උපන්දිනයක්. ඔයා තරම් විශේෂ කෙනෙක් මගේ ජිවිතයේ නෑ. මම මේක කියන්නේ මගේ හදවතින්මයි මම දන්නවා ඒක ඇත්ත කියලා. ඔබ මගේ සැමියා වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා වගේම මමත් ඔබට ආදරෙයි. ඔබට අති විශිෂ්ට උපන්දිනයක් වේවා. යනුවෙන් තමයි ඇය සුබ පතා තිබුනේ. ඒ වගේම ශානක වෙනුවෙන් සප්‍රයිස් පාටි එකක් ඇය දෙන්නත් අමතක කරලා තිබුනේ නැහැ. අපිත් ජනප්‍රිය ගායක ශානකට සුබ උපන්දිනක් වේවා කියා සුබ පතනවා.

Back to top button