සුව අරණ

ඉක්මනින් කොණ්ඩය දික් කරගන්නේ මෙහෙමයි

කොණ්ඩේ දික් ‌වෙන්න අපි ගොඩාක් දේවල් කරනවා.  සාමාන්‍යයෙන් අපි කොණ්ඩයට දක්වන්නේ සුවිශේෂි සැලකිල්ලක්. ශ්‍රී ලංකාවේ කාන්තාවන් කේශ කල්‍යාණය පංච කල්‍යාණයන් ගෙන් එකක් ලෙස සලකනු ලබන්නේ ඒ නිසාමයි.

ප්‍රසිද්ධ කොණ්ඩා මෝස්තර ශිල්පී මාක් ටවුන්සෙන්ඩ් කොණ්ඩය වැවීම ගැන දරන්නේ මේ වගේ අදහසක්

“කොණ්ඩය සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ මසකට අඟල් භාගයක් පමණයි. එහෙත්, ඉතා නිරෝගි හා පැලුණු අග සහිත හිස කෙස් නොමැති නම් පමණක් දිගු හිසකෙස් ලබා ගන්න පුළුවන්”

දිගු කෙස් කළඹක් හිමි කරගන්න හීන දකින ඔබට වැදගත් දෙවල් 5ක්.

1.නිතර අගිස්ස කපන්න

හිසකෙස් වල නිරෝගි බව නැති කරන හිස කෙස් පැලී යාම ඔබේ කොණ්ඩයේ වර්ධනයද අඩාල කරනවා.ඒ නිසා සෑම සති 10 ත් 12 ත් අතර කාලයක් තුළ ඔබේ කොණ්ඩයේ අගිස්සෙන් අඟලෙන් අටෙන් එකක ප්‍රමාණය කපා ඉවත් කරන්න. හිස කෙස් වඩාත් පැලී ඇත් නම් ඒ සදහා අවශ්‍ය සත්කාර ලබාගන්න

haircut
haircut

2.හිසකෙස් වර්ධනය වෙන විටමින් ලබාගන්න

ඔබේ  ආහාර වේලට හිසකෙස් ශක්තිමත් කරන පෝෂක වන බයෝටින්, ෆෝලික් අම්ලය, විටමින් ඩී, ඒ, සී සහ ඊ අඩංගු කරගන්න.ඔබට ආහාර මගින් ලැබෙන විටමින් ප්‍රමාණවත් නොමැති බව හැගෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවෙන්න.එහිදි ඔබ නිවැරදි විටමින් ප්‍රමාණයක් (සහ වර්ගය) ලබා ගැනීමට පුළුවන්.

vitamin E
vitamin E

3.අඩුවෙන් ෂැම්පු භාවිතා කරන්න

අපි භාවිතා කරන ෂැම්පූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සකස් කර ඇති නිසා එහි සල්ෆේට් නම් රළු සබන් අඩංගු වෙනවා.එමගින් හිසකෙස් සඳහා ඔබට අවශ්‍ය ස්වාභාවික තෙල් ඉවත් කරනු ලබන නිසා ඔබේ හිසකෙස් පිරිසිදු කිරීමට සල්ෆේට් රහිත ෂැම්පූ එකක් තෝරා ගන්න. හිසකෙස් හොදින් සෝදමින් ෂැම්පු ඉවත් කරන්න උත්සහ කරන්න.

SHAMPOO
SHAMPOO

4.සීතල වතුරෙන් සෝදන්න

සීතල වතුර ඔබේ කොණ්ඩයේ පිටත තට්ටුව වඩාත් මෘදුව තබන නිසා ඔබ ස්නානය කර අවසානයේ තත්පර කිහිපයක් සීතල වතුරෙන් ඔබේ හිස කෙස් සෝදන්න.

cool water wash
cool water wash

5.කන්ඩිෂනර් භාවිතා කරන්න

ඔබ ඔබේ හිසකෙස් තෙතමනය ලබා ගන්නා සෑම අවස්ථාවකම එහි තෙතමනය ආරාක්ෂා කරගත යුතු නිසා ඔබ ස්නානය කරන විට කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න. එමගින් කෙස් මුල වල ඇති ඇති ලිපිඩ සහ ප්‍රෝටීන නැවත ඇති කිරීමට මෙන්ම ජීව පටක වල පිටත තට්ටුව මුද්‍රා තැබීමට උදව් වේ.

hair-conditioner
hair-conditioner

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button