ගොසිප් පුවත්

17 හැවිරිදි තරුණියට අමුතුම ගුරුකමක් කරන්න ගිය බණ්ඩාරවෙල හොර වෙදදුරා වැඩ වරද්දගත්තේ මෙහෙමයි

“වෙද මහත්තයා මං දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා මගේ අත බලන්න ඕන කිව්වා..”

“ශාන්ති කර්මය කරන්න මම තව දවස් දෙකකින් ගෙදරට එනවා. හොඳට නාලා පිරිසිදු වෙලා ඉන්න..”

“දිෂ්ඨිය ඇඟේ තියෙනකං ඔය කියන කරදර නවත්වන්න කීයටවත් බෑ”

“කෝ බලන්න මේ ළමයාගේ අත, මෙහාට දෙමු. මේ ගෙදරට ඇති වෙලා තියෙන දෝෂ ගැන කියන්න නං මේ ළමයාගේ අත බලන්න ඕනෑ..”

පසුගියදා මව සමඟ වෙදදුරෙකු සොයා ගිය දියණියකට ඇදුරා පවසා සිටියේ නිවසේ ඇති ව තිබෙන කරදර ගැන පැවසිය හැක්කේ තරුණියගේ අත බැලීමෙන් පසුව බවයි.

ශාන්තිකරුම මෙන්ම වෙදහෙදකම් කරන මේ ස්ථානය පිහිටා තිබුණේ බණ්ඩාරවෙල නගරයේ සිට දියතලාව, කොළඹ පාරේ කිලෝමීටරයක් පමණ දුරින්.

දුෂ්කර ගම් ප්‍රදේශයක සිට කිලෝමීටර් දහ අටක් ගෙවා මෙම මව හා දියණිය එහි ගියේ බලාපොරොත්තු ගොන්නක් පුරවාගෙනයි.

ඒ මෙම වෙදදුරා ලවා දෙහි ටිකක් කප්පවාගෙන සිදු කරන ශාන්ති කර්මයෙන් තමන්ට සැනසිල්ලක් උදාකර ගත හැකි යැයි තිබූ විශ්වාසය නිසායි.

එහි ගිය ඔවුන් දුටුවේ ජනප්‍රිය පුද්ගලයින් සමඟ වෙදදුරා ගත් ඡායාරූපද බිත්ති පුරා ප්‍රදර්ශනය කර තිබෙන බවයි.

“ලොකු ලොක්කෝ ආශ්‍රය කරන්නේ. කෙල්ලට රස්සාවක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ..”

දෙවියන් ඉදිරියේ වැදගෙන සිටින මවට එසේ සිතුණාට සැක නැහැ.

කපුරු, හඳුන්කූරු දුමින් සුවඳ වූ දේවාලයේ කාලි දෙවියන් ඉදිරියේ මල් පහන් දැල්වූ වෙදැදුරා ටික වේලාවකින් දේවාරූඨ වී තරුණියගේ මුහුණ දෙස බලා සිටින්නට පටන් ගත්තේ ඇය අපහසුතාවයට පත් කරමිනුයි.

ඔහු තරුණියගේ අත බලා පලාපල විස්තර කියන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.

“මේ ඇත්තන්ගේ ගෙදරට ඇති වෙලා තියෙන්නේ එසේ මෙසේ කරදරයක් එහෙම නෙමෙයි. මේ ළමයට බලපාලා තියෙන ලොකු දෝෂයක් හින්දයි මෙහෙම වෙලා තියෙන්නේ. ඒක මේ ලේසි පහසු බලපෑමක් එහෙම නෙවෙයි. කළු කුමාර දිෂ්ඨිය…”

වචන බර කර ඔහු පවද්දි මවත් දියණියත් එය අසා සිටියේ ගැහෙන හදවතින්. ඒ මේ සඳහා සිදු කළ ශාන්ති කර්මයට විශාල මුදලක් වැය කළ යුතු යැයි සිතුනු නිසයි.

“මේ ළමයා මේ වෙනකොට කොල්ලෝ ගොඩක් එක්ක ගිහින් තියෙනවා. ඉස්සරහාටත් යන එක යනවාමයි. මේ දිෂ්ඨිය ඇඟේ තියෙනකං ඔය කියන කරදර නවත්වන්න කීයටවත් බෑ. ගෙදරට ඔය කියන කරදර තියෙන්නේ ඒ දෝෂෙන්ම තමයි…” ඔහු කියාගෙන ගියා.

“කළු කුමාර දිෂ්ඨිය නැති කරන්නේ නැතුව කීයටවත් මේකට දෙහි කපලා ඇති වැඩක් නෑ. මුලින්ම කපන්න ඕනෑ. මේ ළමයාගේ ඇඟෙන් ඔය දිෂ්ඨිය අයින් කරගන්න එකයි. ඒකට ශාන්තිකර්මයක් කරන්නම වෙනවා. තේරුණාද?”

ඔහු පැවසුවේ මවගේ ප්‍රතිචාරය දැනගැනීමේ අරමුණින්.

“අපේ අම්මා මාත් එක්ක බණ්ඩාරවෙල නෙත් සිත සහන වෙද මැදුරට ගියා අපේ ගෙදරට වෙලා තියෙන කරදරවල දෙහි වගයක් කපා ගන්න. ඒ වෙලාවේ වෙද මහත්තයා මං දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා මගේ අත බලන්න ඕන කිව්වා..”

“මෙයාට කළු කුමාර දිෂ්ඨිය වැහිලයි තියෙන්නේ. දැනට කොල්ලෝ ගොඩක් එක්ක ගිහින් තියෙනවා. ඉස්සරහටත් යනවා. ඒක නතර කරන්න ශාන්ති කර්මයක් කරන්නයි වෙන්නේ. ඒකට ලිංගික ප්‍රදේශයේ ජීවන් කරපු තෙල් ගාලා දේවාරූඨයෙන් ඉතාම පිරිසිදු පුරුෂ ලිංගයක් මෙයාගේ මත තියන්න ඕනි කිව්වා. ඒ ශාන්ති කර්මය කරන්න මම තව දවස් දෙකකින් ගෙදරට එනවා. හොඳට නාලා පිරිසිදු වෙලා ඉන්න ඕනෑ කියලත් කිව්වා..”

ඇය පොලිසියේදී පවසා සිටියා.

බණ්ඩාරවෙල, අඹදනිවේගම ගම්මානයේ සිට තම මව සමඟ මෙම වෙද මැදුරට පැමිණි දාහත් හැවිරිදි තරුණියට එසේ පැවසූ ඇදුරා නවීන පන්නයේ මෝටර් රියකින් ගෝලයෙකු සමඟ අදාළ නිවසට ආවේ රාත්‍රී හතට පමණයි.

එහෙත් මොහුට එම නිවසට පැමිණ ශාන්ති කර්මය කිරීමට ගම්වැසියන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ.

ඒ එම නිවසේ යන එන අය හා මේ තරුණිය යන එන තැන් මෙන්ම ඇසුරු කරන අය ගැන පදිංචිකරුවන් නිතරම ඇස ගසා සිටින නිසයි.

මේ නිසා ඔවුන් එකතුව නිවසට එන මඟ රැක සිට වෙදදුරා ගමෙන් එළවා දමා තිබුණා.

පියා නොමැතිව මව සමඟ තනිව සිටි මේ තරුණිය පාසල් ගමන කඩාකප්පල් කර ගත්තේ පෙම්වතෙකුගේ සෙනෙහස සොයා යාමේ ප්‍රතිඵලයක් ලෙසයි.

කුලී රැකියාවල යෙදුණූ ඇගේ මව ඇය ගැන සොයා බැලීම අතපසු කළ බැවින් ඇය නිදහසේ පෙම්වතා ඇසුරු කළා.

ළාබාල වියේදීම පෙම් රස විඳීමේ ප්‍රතිඵල ලෙස ඇය අතවරයට ලක් වීමෙන් ඇයට වසර දෙකක කාලයක් පරිවාසයේ ගත කිරීමටත් සිදුවුනා.

ඇය නැවත මව ළඟට ආවේ ඉන් පසුවයි. එහෙත් ඇගේ චර්යාවේ හොඳ ඇති බවක් ගම්මුන් විශ්වාස කළේ නැහැ.

වෙදදුරා එළවා දැමූ දිනට පසු දින අළුයම බණ්ඩාරවෙල පොලිසියට ඇමතුමක් ලැබෙන්නේ මේ තරුණිය බණ්ඩාරවෙල පැමිණ ඇති බැවින් සොයා බලන ලෙසයි.

ඒ අනුව පොලිසියට ඇයව ගෙන්වා කළ සොයා බැලීමේදී වෙදදුරා ගැන සියල්ල අනාවරණය වුනා.

ඉහළ නිළධාරි පිරිස් සමඟ යන්ත්‍ර මන්ත්‍ර කළ ඇදුරෙකු බව පවසමින් පිහිට පතා එන බව කියමින් කාන්තාවන්ට වාචිකව ලිංගික ක්‍රියාවලට පොළඹවන බවට කලක සිට පොලිසියට තොරතුරු ලැබුණත් කිසිවෙකු ඒ ගැන පැමිණිලි කර තිබුණේ නැහැ.

පසුගිය නමවැනිදා මෙම වෙදදුරා අත්අඩංගුවට පත් වෙන්නේ තරුණියගේ පැමිණිල්ල මතයි..

කලක් යුද හමුදාවේ සේවය කර ඇති මේ පුද්ගලයා විවාහක එක් දරු පියෙක්.

‘ආමි අජිත්’ නමින් වැල්ලවාය ප්‍රදේශයේ වසර හතරක කාලයක් ජීවත් වී ඇති මොහු කිසිදු වෙදකමක් නොදන්නා මුත් එහිදී ද වෙද මැදුරුවලට මුවාවී මෙවන් දේ සිදු කිරීම හේතුවෙන් ගම්වැසියන් එළවා ඇති බව අනාවරණය වුණා.

ඔහු ඉන් වසර දෙකකට පසු දියතලාවට පදිංචිව ඇත්තේ ඉන් අනතුරුවයි.

තමන්ට සැමියා නොසලකන බවත් වෙනත් කාන්තාවන් ඇසුරට ප්‍රිය කරන බවත් පවසමින් ඔහුගේ බිරිඳද බණ්ඩාරවෙල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

නිතරම ගැටුම් ඇති කර ගන්නා මේ පුද්ගලයා මුහුණු පොත හරහා රණවිරු සංසදයක් පිහිටුවා ගෙන තමන්ට මරණ තර්ජන තිබෙන බව පවසමින් පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගත් බව දැන ගැනීමෙන් පසුව තම දියණිය සමඟ බණ්ඩාරවෙල පොලිසියට පැමිණි තවත් මවක් පවසා ඇත්තේ තම දියණියගේ අසනීපයක් සුව කර ගැනීමට මෙම වෙද මැදුරට ගිය අවස්ථාවේ ඇගේ රහස් ප්‍රදේශයේ පුරුෂ ලිංගයක් ස්පර්ශ කළ යුතු බව දේවාරුඨයෙන් වෙදදුරා පැවසූ බවයි.

නවීන විද්‍යාව මෙතරම් දියුණු යුගයක වුවත් මිථ්‍යා මතවලට රැවටී හරි හම්බ කරගත් තුට්ටු දෙක පූජා කිරීම තවමත් මේ සමාජයෙන් ඉවත් වී නොමැති බව මෙයින් පැහැදිලි වන සත්‍යම කරුණ නොවන්නේද ?

“විනීතා මානෙල් ගමගේ” විසින් “මාංචු” පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published.

Back to top button