Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Stopped AL winner voice cut
මෙවර උසස් පෙළ විභාගයෙන් දිවයිනේ දක්ෂතම සිසුන් තෝරා, ඔවුන්ගේ ස්ථාන ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රමවේදය අත්හිට වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය. කොළඹදී ඊයේ (05දා) දින මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පවසා සිටියේය. විශේෂඥ මනෝ උපදේශන සභාවක නිර්දේශ අනුව 2019 වසරේදී ගනු ලැබූ තීරණයකට අනුව එය ක්‍රියාවට නංවන බවද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව මෙම විභාගය සාධන පරික්ෂණ ලෙස පමණක් සලකනු ලබන විභාගයක් විනා පළමුවැන්නන්, දෙවැන්නන් තෝරන විභාගයක් නොවන බවත්,
දිස්ත්‍රික් සහ සමස්ත ලංකා ස්ථාන තෝරනු ලබන්නේ, විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතු සඳහා බවත් හෙතෙම පවසා සිටියේය. දැනට ඇති වී තිබෙන දැඩි තරගකාරීත්වය විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන දරුවන්ට ස්ම නොලබන දරුවන්ටද එක සේ බලපාන මානසික පීඩනයක් නිසා එම තීරණයට පැමිණ ඇති බවද බී. සනත් පූජිත මහතා ප්‍රකාශ කළේය. පාසල් විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසල් මාර්ගයෙන් මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ටද ඔන්ලයින් ක්‍රමවේදයන් අනුව අයදුම් කිරීමට පහසුකම් සලසා දෙන බවත්, ඒ පිළිබඳ ඉදිරියේදී පුවත්පත් දැන්වීම් මගින් දැනුම්දීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
(නවෝද්‍යා පවනි)
වේදිකාව, සිනමාව හා පුංචි තිරය ආක්‍රමණය කරමින් ප්‍රේක්ෂකයා සිනා සාගරයේ ගිල්වන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි…
අසූව අනූව දශකය සිටම අපේ රටේ කාගේත් ආදරය වගේම ආකර්ෂණය දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම…
අපේ කළා ක්ෂේත්රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් දන්න කියන දක්ෂ ජනප්‍රිය රංගන…
අපේ කළා ක්ෂේත්රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ…
ශ්‍රී ලාංකීය නිරූපන ක්ශේෂ්ත්‍රයේ ඉන්න හරි සුරූපිනියක් තමයි පියුමි හංසමාලී කියන්නේ. ඉතින් ඇය ගැනනම් අමුතුවෙන්…
අවුරුදු කුමාරි තරගාවලියකින් ජයග්‍රහණය කරලා කලා ක්ෂේත්රයට එකතු වුණු සුරූපී කලා ශිල්පිනියක් තමයි සදනි ප්‍රනාන්දු…