ගොසිප් පුවත්

මම දැන් අවුරුදු 50කට වඩා රඟපානවා, ඒ අතර චිත්‍රපට 115කට ආසන්නයි-ප්‍රවීණ නිලි ශ්‍රියානි අමරසේන

රටක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනියක්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියක් වගේම නිෂ්පාදිකාවක් තමයි ශ්‍රියානි අමරසේන කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය මේ වන විට සිනමා නිර්මාණ සියයකට අධික ප්‍රමාණයක් සඳහා රංගන දායකත්වය ලබා දීලා තියනවා. කොහොම නමුත් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය රංගන ආරම්භය ගත්තේ වේදිකාවෙන්ලු. ඒ වගේම පාසල් අවදියේ සහ ඉන් අනතුරුව වේදිකා නිළියක් විදිහට කාලයක් කටයුතු කිරීමෙන් අනතුරුව තමයිලු සිනමාවට පිවිසීමට ඇයට අවස්ථාව උදාවන්නේ. ඉතින් එතැන් සිට මේ දක්වා ඇයගේ මතකයේ විදිහට වසර 50 ක් හෝ ඊට මඳකට වැඩි කාලයක් ඇය කළා ක්ෂේත්‍රය තුල කටයුතු කරනවාලු.

AV Rase

ඉතින් ඒ වගේම අපේ රට කියන්නේ සුන්දරත්වයෙන් පිරුණ භූමියක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ නිර්මාණාත්මක ජීවිතය තුළ එවැනි ස්ථාන බොහෝමයක් දැක බලාගන්න ඇයට අවස්ථාව උදා වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඒ අතරින් දකුණු මුහුදු තීරය කියන්නේ ඇය තදින්ම ඇලුම් කරන ප්‍රදේශයක්ලු. ඒ වගේම තංගල්ල උස්සන්ගොඩ කියන ප්‍රදේශය ඇයට විශේෂයි කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ඇය දකුණේ කරන ලද සෑම රූගත කිරීමක් අතරතුරම දකුණුලක ජනතාවගේ ආදරය ආගන්තුක සත්කාරය නොඅඩුව ලබන්නට පුළුවන්කම ලැබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ අය තුළින් ඇය දකින තවත් විශේෂත්වයක් තමයිලු කලාවට බෙහෙවින් ඇලුම් කිරීම.

ඒ වගේම ඇය මේ වන විට චිත්‍රපට 115 කට ආසන්න ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවාලු. ඊට අමතරව ටෙලිනාට්‍ය පහළොවක් විස්සක් අතර ප්‍රමාණයක රඟපාලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ අතරට ඇය විසින් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය කීපයකුත් ඇතුළත් වෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම එම චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගත්තොත් ලංකාවේ ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගත් නිර්මාණ ගණනාවක්ම ඒ අතර පවතිනවාලු. විශේෂයෙන් විරාගය, කුලගෙය, අපරාධය හා දඬුවම කියන චිත්‍රපට ඇතුළු තවත් සිනමා නිර්මාණ රැසක් හරහා අවස්ථා කීපයකදීම ඇයට සම්මානයට පාත්‍රවෙන්න අවස්ථාව හිමිවුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post මම දැන් අවුරුදු 50කට වඩා රඟපානවා, ඒ අතර චිත්‍රපට 115කට ආසන්නයි-ප්‍රවීණ නිලි ශ්‍රියානි අමරසේන appeared first on FoxMedia.

Back to top button