ව්‍යාපාරික පුවත්

නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය 2020 දී

2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් සියයට 3.6කින් සංකෝචනය වී ඇති බවත් ඒය නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ වාර්තා වූ විශාලතම ආර්ථික අවපාතය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 වාර්ෂික වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරන අතර වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයෙහි ඇති වූ පසුබෑම හා සමගාමීව මෙම තත්ත්වයට මුහුණ පෑමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව ඒහි සඳහන් වේ. මෙහිදී වැඩිදුරටත් මහ බැංකුව මෙසේ කියා සිටී.

රජය සහ මහ බැංකුව විසින් සිදු කරන ලද සුවිශේෂී ප‍්‍රතිපත්තිමය මැදිහත්වීම් තුළින්, 2020 වසරේ දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සංකීර්ණ අභියෝගයන්ට කාර්යක්ෂම ලෙස මුහුණ දුන්නේය. කොවිඞ්-19 වසංගතයෙන් පැන නැගුණු ගැටලූ හේතුවෙන් සමාජ ආර්ථික බලපෑම් ඇති වීම සහ, එහි ප‍්‍රතිඵලයක් ලෙස කුටුම්භ ඒකක හා ව්‍යාපාර වෙත වූ බලපෑම අවම කිරීම සඳහා මෙම ප‍්‍රතිපත්තිමය මැදිහත්වීම් අත්‍යවශ්‍ය විය. එසේම, ආර්ථිකය තුළ විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත්, එමගින් සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව මත ඇති කෙරෙන දැඩි පීඩනය වළක්වාලීමටත් එවැනි මැදිහත්වීම් අවශ්‍ය විය.

AV Rase

වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයෙහි ඇති වූ පසුබෑම හා සමගාමීව, නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය වාර්තා කරමින්, 2020 වසරේ දී ආර්ථිකය මූර්ත වශයෙන් සියයට 3.6කින් සංකෝචනය විය. කොවිඞ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණ ඇතිව දේශීය හා ගෝලීය වශයෙන් පැනවූ සංචරණ සීමා සහ අනෙකුත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් ආර්ථිකයේ සෑම අංශයකම මූර්ත ආර්ථික කටයුතුවලට බාධා එල්ල විය. ඉදිකිරීම් සහ නිෂ්පාදන ක‍්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස පසුබෑමකට ලක් වීම හේතුවෙන් වසර තුළ දී කර්මාන්ත අංශයේ ක‍්‍රියාකාරකම්වල තියුණු පහළ යෑමක් දක්නට ලැබුණි. වසංගතය හේතුවෙන් ප‍්‍රවාහන, වෙනත් පෞද්ගලික සේවා සහ නවාතැන් හා ආහාරපාන සැපයීමේ සේවාවල සිදු වූ පහළ යෑමත් සමඟ සේවා අංශයෙහි ක‍්‍රියාකාරකම්වල ද සැලකිය යුතු සංකෝචනයක් වාර්තා විය. කාලෝචිත ප‍්‍රතිපත්ති තුළින් ලද සහාය සහ හිතකර කාලගුණික තත්ත්වයන්හි ධනාත්මක බලපෑම ඉක්මවා වසංගතයෙහි බලපෑම ඉස්මතු වීම හේතුවෙන් කෘෂිකාර්මික අංශය ද වසර තුළ දී සංකෝචනය විය. ආයෝජක අපේක්ෂා මන්දගාමී වීම පිළිබිඹු කරමින්, 2020 වසරේ දී ආයෝජන වියදම් සංකෝචනය වූ අතර, පරිභෝජන වියදමෙහි සු`ඵ වර්ධනයක් දක්නට ලැබුණි. ජාතික ඉතුරුම්වල පහළ යෑම ඉක්මවා ආයෝජන වියදම අඩු වීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස 2020 වසරේ දී ඉතුරුම්-ආයෝජන පරතරය අඩු විය. මේ අතර, වසංගතය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතතා මධ්‍යයේ, ශ‍්‍රම බලකා සහභාගිත්ව අනුපාතය පහත වැටුණු අතර, 2009 වසරින් පසුව ප‍්‍රථම වරට සේවා වියුක්ති අනුපාතිකය සියයට 5 ඉක්මවීය. පවත්නා වෙළඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.* පහළ යෑමේ සහ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශී‍්‍ර ලංකා රුපියල අවප‍්‍රමාණය වීමේ ඒකාබද්ධ බලපෑම පිළිබිඹු කරමින්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් 3,852 සිට 2020 වසරේ දී එ.ජ. ඩොලර් 3,682ක් දක්වා පහළ ගියේය. සමස්ත ආර්ථිකයේ ප‍්‍රමාණය, 2019 වසරේ එ.ජ. ඩොලර් බිලියන 84.0ක සිට 2020 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 80.7ක් දක්වා පහළ යෑමට ද වසංගතය හේතු විය. සමස්තයක් ලෙස ආර්ථිකය සංකෝචනය වුව ද, රාජ්‍ය මූල්‍ය හා මුදල් ප‍්‍රතිපත්ති යන දෙ අංශයම තුළින් ක‍්‍රියාවට නැංවූ වර්ධනාභිමුඛ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගවලට ප‍්‍රතිචාර දක්වමින්, 2020 වසරේ දෙවන භාගයේ දී ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කළේය.

රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ කාලීන ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගවල සහාය ඇතිව, විදේශීය අංශය 2020 වසර තුළ දී මුහුණ දීමට සිදු වූ ප‍්‍රබල බාධකයන්ට එරෙහිව ක‍්‍රියාත්මක විය. ශ‍්‍රී ලාංකීය අපනයනකරුවන්ගේ අවදානම්වලට මුහුණ දීමේ හැකියාව පිළිබිඹු කරමින්, සංචරණ සීමා පැනවීම සහ සමාජ ආර්ථික කටයුතු සීමා කිරීමේ ක‍්‍රියාමාර්ග හේතුවෙන් අඩු වූ වෙළඳ භාණ්ඩ අපනයන කඩිනමින් යථා තත්ත්වයට පත්විය. ඒ අනුව, කෙටි කාලපරිච්ෙඡ්දයක් තුළ දී අපනයන ඉපැයීම් වසංගතයට පෙර පැවති මට්ටමට නැවත ළඟා විය. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා කිරීමට ගනු ලැබූ ක‍්‍රියාමාර්ග සහ ලෝක වෙළඳපොළෙහි ඛනිජ තෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතීම, 2020 වසරේ ආනයන වියදම පහළ යෑම සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු වූ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය. ගෝලීය වශයෙන් සංචරණ සීමා පැනවීම හේතුවෙන් සංචාරක ක්ෂේත‍්‍රය දැඩි බලපෑමකට ලක්විය. වසංගතය මධ්‍යයේ වැඩ කිරීම සම්බන්ධයෙන් නිර්මාණය වූ නව්‍ය වාතාවරණයේ සහාය ලබමින්, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක‍්‍රියාවලි බාහිර මූලාශ‍්‍ර වෙත පැවරීම (IT/BPO) යන අංශයට අදාළ සේවා වෙළඳාම මත විදේශ විනිමය ඉපැයීම් සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. වසංගතය ආරම්භ වීමත් සමඟ විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණවල පහළ යෑමක් දක්නට ලැබුණ ද, 2020 වසර තුළ දී පේ‍්‍රෂණ ලැබීම් සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් විය. මෙම වර්ධනයන් සහ ප‍්‍රතිපත්ති ගැළපීම් සමඟ, විදේශීය ජංගම ගිණුමේ හිඟය ද.දේ.නි.යෙහි ප‍්‍රතිශතයක් ලෙස 2019 වසරේ වාර්තා වූ සියයට 2.2 සිට 2020 වසරේ දී සියයට 1.3ක් දක්වා අඩු විය. මේ අතර, ගෝලීය අවිනිශ්චිතතා ඉහළ යෑම සහ විදේශීය ඍජු ආයෝජන හා විවිධ ආයෝජන සම්බන්ධයෙන් ආයෝජකයින් අනුගමනය කළ ආරක්ෂාකාරී ප‍්‍රවේශය හේතුවෙන් මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඩු විය. 2020 මාර්තු-අපේ‍්‍රල් කාලය තුළ හා 2020 වසර අවසාන කාලයේ දී පීඩනයක් පැවතිය ද, සුදුසු ක‍්‍රියාමාර්ග ඔස්සේ විනිමය අනුපාතිකයෙහි සැලකිය යුතු විචලතා වළක්වා ගැනුණු අතර, 2020 වසර තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශී‍්‍ර ලංකා රුපියලෙහි අවප‍්‍රමාණය වීම සියයට 2.6කට සීමා විය. සමස්තයක් ලෙස, 2020 වසර තුළ දී මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් ශුද්ධ පදනම මත විදේශ විනිමය අවශෝෂණය කළ අතර, 2020 වසර අවසානයේ දී එ.ජ. ඩොලර් බිලියන 5.7ක් වූ දළ නිල සංචිත ප‍්‍රමාණය මාස 4.2ක ආනයන සඳහා ප‍්‍රමාණවත් විය.

2020 වසර ආරම්භ වන විට රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය මගින් මන්දගාමීව පැවති ආර්ථිකයට සහාය සැපයීම කෙරෙහි විශේෂ අවධානයක්

6 Comments

  1. I would like to express thanks to the writer for rescuing me from such a scenario. After researching through the world wide web and coming across strategies which were not powerful, I thought my life was done. Existing without the presence of answers to the difficulties you have fixed by means of this posting is a serious case, and those which might have adversely affected my career if I hadn’t come across your website. That know-how and kindness in controlling every aspect was vital. I’m not sure what I would’ve done if I had not discovered such a stuff like this. I can at this moment relish my future. Thanks for your time so much for your skilled and effective guide. I will not be reluctant to propose your blog to any individual who would like guidelines about this area.

  2. I simply desired to appreciate you yet again. I do not know what I could possibly have implemented in the absence of the entire tactics revealed by you directly on this subject. It had been the alarming situation in my circumstances, nevertheless viewing a well-written way you treated that made me to leap with happiness. I’m just thankful for this work and in addition have high hopes you really know what a powerful job you’re carrying out training the rest through the use of your websites. Most probably you’ve never encountered all of us.

  3. My wife and i got now joyous when Ervin managed to deal with his studies from the ideas he made in your web page. It is now and again perplexing to just always be giving out tactics that many other folks may have been making money from. And now we know we have got the website owner to be grateful to because of that. These illustrations you’ve made, the easy blog menu, the friendships you give support to engender – it is all remarkable, and it’s really making our son and us reason why the article is excellent, which is certainly exceptionally serious. Thank you for all the pieces!

  4. I wanted to write down a simple remark to thank you for those nice secrets you are sharing on this website. My time-consuming internet look up has now been recognized with high-quality ideas to exchange with my companions. I would repeat that most of us visitors actually are rather lucky to live in a great community with so many special individuals with very helpful secrets. I feel quite privileged to have come across your webpages and look forward to many more entertaining times reading here. Thanks once more for everything.

  5. I in addition to my pals were found to be studying the best suggestions from your web blog and so before long got an awful feeling I never thanked you for those tips. All of the women were so glad to study all of them and have now sincerely been taking pleasure in them. Thank you for genuinely so thoughtful as well as for finding this sort of essential information millions of individuals are really wanting to understand about. My personal sincere regret for not expressing appreciation to you earlier.

  6. I’m just writing to make you be aware of what a notable discovery my cousin’s girl developed reading through your blog. She picked up lots of details, with the inclusion of what it is like to possess an excellent coaching style to get a number of people without difficulty gain knowledge of certain complicated things. You really did more than our own desires. Thanks for supplying the productive, trustworthy, educational as well as easy tips about that topic to Kate.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button