දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර කොළඹ පෞද්ගලික රෝහලකදී අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට 68 වන වියේ පසුවූ ඔහු, පසුගිය 06 වනදා පෞද්ගලික රෝහලට ඇතුළත් කෙරුණේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.

එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ දකුණු පාදය ඉවත් කිරීමට ද වෛද්‍යවරුන්ට සිදු වූ බවයි.

ටෙස්ට් තරග හතරකට සහ ජාත්‍යන්තර එක්දින තරග 12 කට ක්‍රීඩා කර ඇති බන්දුල වර්ණපුර 1982 – 1983 දකුණු අප්‍රිකාව සමඟ තරගයකට සහභාගිවීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වුණා.

1979 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේ සිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ද බන්දුල වර්ණපුරයි.

ශ්‍රීලාංකේය ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන් ඔබ දැක්වූ දක්ෂතාවයට මෙන්ම, කැපවීමට ගොඩක් ස්තුතියි..

ඔබට නිවන් සුව ලැබේවා..!

Back to top button