තරු හුට පට

ලොව ප්‍රථම virtual Mrs World Peace 2021 තරගයේ තුන්වන ස්ථානය ශ්‍රීලංකාවට

Singapore වල සංවිධානය කල මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඉරිදා පැවැත්විනි. මේ සදහා රටවල් 47ක් තරගකාරියන් සහභාගි විය. මේ pageant එක සදහා ලංකාවෙන් නියෝජනය කලේ අවුරුදු 21ක් ලංකාවේ නිරූපිකාවක් ලෙස කටයුතු කරන ක්ශේත්‍රයේ ප්‍රසිද්ධ Louching Wong ගේ නිරූපිකාවක් වන නිලු‍ෂා ෆ්‍රනැන්ඩුයි. ඉන්දියාවේ ජනප්‍රිය නිලි ජැක්ලින් ෆෙර්නෑන්ඩුස් පවා එහි යෑමට ප්‍රතම ඇය සමග නිරෑපන කටයුතු කර ඇත.

ඇය Louching Wong ගේ අනුග්‍රහයෙන් Mrs Super model 2019 India තරගය සදහාද ලන්කාව නියෝජනය කල අතර එහිදි Mrs best congeniality වීමටද සමත්විය. කවදත් නර්තනයට හපන් ඇය Mrs Talent winner ද ලංකාවට හිමිකරදීමට සමත්වුවාය. ඉන්දියාවේ ලැබු ජයග්‍රහණය කරනකොටගෙන Singapore වලින් ඇයට නැවතත් කැදවීමක් ලැබුනි. කලින් pageant එකටද ඇයට කිසිවෙකුගේන් sponsor සදහා රටෙන් උදව්වක් නොලැබ හැමදේම තනියම කරගන්නට සිදුවූ නිසා ඇය මේ Singapore pageant ආරාධනාව ප්‍රතික්ෂේප කලද එ් අවස්ථාවේ නැවතත් එරටින් ආ බලවත් ඉල්ලීම හමුවේ ඇය අවසානයේ තම කැමැත්ත පලකරන්නේ කෙසේ හෝ Talent එක දීනාගැනිම සදහායි. මන්ද Talent win කිරිමට ඇයට තදබල ආසාවක් ඇති නිසායි.අවසානයේ ඇය ඉදිරිපත් කල නර්තනය සදහා ඇය ගින්දර භාවිතා කරමින් අති විශීශ්ට නර්තනයක් රගදැක්වූවාය. එය දැක රටවල් 47 මවිතයට පත් වී ඇති අතර සමහර රටවල් Sri Lanka ගැන සොයා බැලිමට උනන්දු වු අතර ඇය ඊලඟට කුමක් කරයිද යන කුතුහලය ඔවුන් තුල හටගෙන තිබුන බව අපට කීවේය.එම නර්තනය ඇයට උගන්වනු ලැබුවේ ක්ශේත්‍රයේ ප්‍රසිද්ධ sri Jee Sri mal නොහොත් ගයියා විසිනි.

අවසාන තරගයෙන් ඇය Mrs Empowerment queen tittle එකද දිනාගනිමින් සියලු රටවල් වල තරගකාරියන් සැම අභිබවා 3rd runners up ස්ථානය ශ්‍රීලංකාවට හිමි කරදීමට සමත්විය. මේ ජයග්‍රහණය ලගාකරගැනීමට ඇයගේ පවුලේ අය ඇයට විශාල ශක්තියක් විය.ඔවුන් නිසා අද මේ තැන ඇය බවයි පැවසුවේ.

මෙම ක්ශේත්‍රයේ අයගෙන් නම් ඇයට ලැබෙන්නේ ඉතා අඩු ප්‍රතිචාර බවයි ඇය පැවසුවේ. ගොඩාක් වෙලාවට මිනිස්සු වෙනස් හැසිරෙන විදිය වරදක් කරන්නම ඕන නැහැ මිනිස්සු වෙනස් වෙන්න කරන හොඳම ඇති මිනිස්සු නරකට හරවන්න එහෙම සමාජයක් මේක.හරිම වෙනස් ජයග්‍රහණය හමුවේ ලගින් ඉන්න කෙනාත් වෙනස් වුනත් පවුලේ මිනිස්සුන් අපිව අතහරින්නෙ නැහැ එකයි වටින්නේ
සෑමතැන සැමවිටම ඊර්ෂ්‍යාව රජ කලත් ඒ් අතරින් ඇය ගැන නොඅඩුව සොයා බලා උදව් කීරිමට Rozelle plunkett, Rozanne Diaz, Nilu Senanayake, Koshi edirisuriy, Harshani mudi සහ Geraldine Rozairo යන අය ඉදිරිපත් විය. ඔවුන් ඇයට කතා කර දිරිගැන්වු බවයි පැවසුවේ එලෙසම කවදත් ජයග්‍රහණය කනුව කරා ගෙන යන්න පුහුනුවිම් කරවන Madu Nilanjan Daminda සහෝදරයාගෙන් ඇය හට විශාල සහයෝගයක් ලැබුනි. එ කල කැපකිරීම් ඔහු නිම කල නොහැකි උදවු මාර යාලුවෙක් .පුහුනුවිම් දාලා උදේ ඉදන් රෑ වෙනකම් කන්න නොදි ජයග්‍රහණය තෙක්ම සිටිය හොඳ යාලුවෙක්.
මෙවර ඇයව ලස්සනට හැඩගන්වන්නේ කේශේත්‍රයේ ප්‍රසිද්ධ රෑපලාවන්‍ය ශිල්පී පරාක්‍රම දිමිත්‍රි විසිනි. එලෙසම ඇයට මෙවර ඇදුම් ලබාදී ඇත්තේ මුලු pageant එකටම Kanishka Sagabo Dias විසිනි.ඇයගේ main photo shoot එක ඇයට කර දී ඇත්තේ ශේෂ්ත්‍රයේ ප්‍රසිද්ධ photographer Prishan Pandithage විසිනි.එලෙසම ප්‍රරසිද්ද නිවේදකයෙක් වන Thanuj Hemantha ඔහුගේ ලස්සන hotel එක ඇයට Veido ටික කිරිමට ලබාදී ඇත.salon Hannah ද උපකාර කර ඇත කවදත් නොපෙනි ඉන්න අප්සරා නම් මිතුරියද ඇයට මෙ ගමනේ හයියක් වී ඇත.Shape and Build Fitness center හී නිශාන්ත සහ Summerfield Hotel එකද ඇයට හයියක් වී ඇත.

මේ ගමනේ පුදුමයට කරුන වන්නේ සාමාන්‍ය අවස්ථාවන් වලදී ලංකාවෙන් කවුරු ගියත් ඒ යන කෙනා පිටිපස National director කෙනෙක් හෝ සිටින අතර ඇය මෙවර සිට ගන්නේ සියලු දේ තනියම කර ගනිමින්ය. කිසිවෙකුවත් නොමැතිව තනියම සේරම වැඩ කරගත් බවයි පැවසුවේ එලෙසම ඇයගේ නමින් SHA නමින් brand එකක්ද තිබෙන අතර ඇය එ නමින් business කටයුතු වල නියැලේ.දහස් කන්ඩායම් යන ජයග්‍රහණයන් හමුවේ ජයලබන ගොඩාක් දේවල් අතරින් තනියම සියල්ල ජයග්‍රහණය කරා ගෙනෙමින් තවත් රට බබලන්නට ඇයට ඇති ශක්තිය ගැන අපි සැබැවින්ම ස්තුති කලයුතු වන්නේය. ඉතින් මේ නිර්භිත චරිතයට තව තවත් ජයග්‍රහණ අප රටවෙනුවෙන් ගෙන ඒමට අපි හදවතින්ම සුබ පතමු එක් කරමු.

Nilusha Fernando

Nilusha Fernando

Nilusha Fernando

Nilusha Fernando

Nilusha Fernando

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button