ක්‍රීඩා පුවත්
ශ්‍රී ලංකා පිල ඉනිම අත්හිටුවයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන් ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 493 ක් ලබාගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබේ.තරඟයේ තෙවන දිනය ආරම්භ කරමින් නිරෝෂන් දික්වැල්ල පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස් දිනයේ පළමු කඩුල්ල ලෙස දවාගැනීමට ටස්කින් අහමඩ් සමත්විය.
පසුව ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තීරණය කළ අතර නිරෝෂන් දික්වැල්ල නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 77කි.ඒ අනුව සිය පළමු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 32ක් ලබා සිටී.