කොදෙව් ලෙජන්ඩ්ස් පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ජය සමරයි

බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා කඩුලු 05ක ජයක් හිමි කරගැනීම ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

ඒ, Road Safety World Series ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති තරගයේදී ය.තරගයේ පළමුව පන්දුවර පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 157ක් රැස්කළේය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 160ක් රැස් කරමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.එහිදී උපුල් තරංග නොදැවී ලකුණු 53 ක් සහ නායක තිලකරත්න ඩිල්ශාන් ලකුණු 47ක් ලබාගැනීමට සමත් විය.

Exit mobile version