ගොසිප් පුවත්

ශ්‍රී ලංකා – අයර්ලන්ත T 20 තරගය අද

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර 2009 වසරේ ලෝඩ්ස් පිටියේදී පැවැති පන්දුවාර විස්ස තරගය ශ්‍රී ලංකාව කඩුළු 9කින් ජයගැනීමට සමත්වුණා.

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර පැවැති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා දිනයේදී සමත්වුණා.

එමෙන්ම නෙදර්ලන්තය සමග පැවැති තරගය ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම ද සමත්ව තිබෙනවා.

Back to top button