ක්‍රීඩා පුවත්

ක්‍රීඩකයන් දිරිගන්වන්න ක්‍රීඩා ඇමති නාමල් ඔලිම්පික් යයි..!

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔලිම්පික් සමාරම්භක උත්සවයට සහභාගී වීම සදහා ජනාපය බලා පිටත්ව ගොස් ඇත.

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා තිබුණේ මෙවැන්නකි.

‘ටෝකියෝ ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය නියෝජනය කිරීමට වගේම අපේ රට නියෝජනය කරන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සදහා ජපානය බලා පිටත්ව යාමට සූදානමින්. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ ජපාන රාජ්‍ය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගිවීමට බලාපොරොත්තු වනවා. ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රට වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරන්න අපි රටක් ලෙස එකතු වෙමු !’

டோக்கியோ ஒலிம்பிக்கின் ஆரம்ப விழாவை பிரதிநிதித்துவப்படுத்துவதற்கு போன்றே நம் நாட்டை பிரதிநிதித்துவப்படுத்தும் ஒலிம்பிக் விளையாட்டு வீரர்களை ஊக்குவிக்கவும் ஜப்பான் செல்ல நாங்கள் தயாராகி வருகிறோம். சர்வதேச ஒலிம்பிக் கமிட்டி அதிகாரிகள் மற்றும் ஜப்பானிய அரசாங்க அதிகாரிகளுடன் பல இருதரப்பு கலந்துரையாடல்களிலும் பங்கேற்க எதிர்பார்க்கிறேன். டோக்கியோ ஒலிம்பிக்கில் நாட்டிற்காக பங்கேற்கவுள்ள விளையாட்டு வீரர்களை ஊக்குவிக்க ஒரு நாடாக ஒன்றுபடுவோம்!

Just about to head off to Japan 🇯🇵 for the #Olympics to watch & support our very own team Sri Lanka ! Looking forward to some bilateral meetings with IOC officials & Japanese state officials! Don’t forget to support our athletes as they take on the world! #ජයගමු

Back to top button