ගොසිප් පුවත්
ලිට්රෝ සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

අද (24) දිනයේදී කිලෝ ග්රෑම් 12.5, 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබා නොදෙන බැවින් අද (24) ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ ගෑස් මහජනතාවට දැනුම් දෙනවා.
එමෙන්ම අයථා ලෙස ගෑස් තොග ගබඩා කිරීමෙන් වළකින ලෙසත්, අධික මිල ගණන් යටතේ ගෑස් මිලදී ගැනීම හෝ විකිණීමෙන් වළකින ලෙසත් ලිට්රෝ මහජනතාවට උපදෙස් දෙනවා.
ලබන බ්රහස්පතින්දා (26) වන විට යාත්රා දෙකක් ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ගෑස් මෙට්රික් ටොන් 7,000ක් නැව්ගත කළ යාත්රා දෙකක් සඳහා ඩොලර් මිලියන 6.5ක් ගෙවා ඇති බවයි ලිට්රෝ සමාගම පැවසුවේ.
කෙසේ වෙතත්, දිවයිනේ බොහෝ ප්රදේශවල ජනතාව තවමත් ගෑස් මිලදී ගැනීමට පෝලිමේ සිටිනු දක්නට ලැබෙනවා.
(colombotimes.lk)
The post ලිට්රෝ සමාගමෙන් විශේෂ දැනුම්දීමක් appeared first on Colombo Times.