දේශීය පුවත්

ලංගම දුර ගමන් සේවා බස්රථ සීමා කෙරේ

මගී ජනතාවගේ හිඟය හේතුවෙන් දුර ගමන් සේවා බස්රථ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා පවසයි.කෙසේවෙතත් මගී ජනතාව අපහසුතාවයට පත්නොවන ආකාරයෙන් බස්රථ යෙදවීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

රටේ පවතින තත්ත්වය හේතුවෙන් මගී ජනතාව දුර ගමන් සඳහා යොමු නොවීම හොඳ තත්ත්වයක් වුවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැත්තෙන් එයින් ආදායම් අහිමි වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

“පැමිණෙන ජනතාවගේ අඩුවීම මත අපි ගමන්වාරවල යම් සීමා කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම අධිවේගී මාර්ගයත් සිටි සේවා බස්රථවලත් ගමන් කරන ජනතාව ඉතාමත් සීමිතයි. විශේෂයෙන් ම පෙරවරුවේ පළමු ගමන්වාරත් රාත්‍රියේ අවසන් ගමන්වාරත් අනිවාර්යයෙන් ම ධාවනය කරනවා මගීන් කොපමණ ප්‍රමාණයක් සිටියත්. “

Leave a Reply

Your email address will not be published.

Back to top button