Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Sinhala-New-Year-auspicious
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙටට(14) යෙදී තිබේ.සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවේ.මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට පුර්වභාග 2.23ට අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා ක්‍රියාත්මක බැවින් අද අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වෙයි.ආහාර පිසීම හෙට දින පුර්වභාග 06.17ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙන් කර ගැනීම මැනවි බව නැකැත් චාත්‍රවල සඳහන්ය.
හෙට පුර්වභාග 07.16ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වේ.කෙසේවෙතත් දිවයින තුළ පවත්නා පීඩාකාරී තත්ත්වය හේතුවෙන් නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයින් සමඟ සිදුකිරීමට පියවර ගන්නා ලෙස මෙවර ද සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කරති.
මේ අතර අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්වභාග 07.16ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, හිසට නුග පත් ද, පයට කරුඳ පත් ද තබා නුග පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.අප්‍රේල් මස 19 වන සඳුදා දින පූර්වභාග 6.39ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කා කැවිලි අනුභව කොට දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටව යෑම සුබය.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…