දේශීය පුවත්

කොවිඩ් මර්දන නිතී යළිත් දැඩි කිරීමට සිදුවන ලකුනු

දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන, යළිත් කොවිඩ් මර්දන නිතී දැඩි කිරීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවනවා.

ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ පැතිර යාම සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු කරමින් සෞඛ්‍ය උපදෙස් මත සියලු දෙනා ක්‍රියාත්මක විය යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.

දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හමුවේ රෝහල්වල ධාරිතාව උපරිම මට්ටමට ළඟා වීමේ අවදානමක් ඉදිරියේදී ඇතිවිය හැකි බවද, කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

රට වසා තැබුණු කාලයෙන් අනතුරුව මෙලෙස සීඝ්‍ර ලෙස කොවිඩ් ආසාදිතයින් ඉහළයෑම බරපතළ ගැටලුවක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

Back to top button