කාලගුණ පුවත්

බස්නාහිර – සබරගමුව ඇතුළු තැන් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.

ඌව පළාතේ සහ මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල ප.ව 1න් පසුව තැනින් තැන වැසි ඇති හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button