ගොසිප් පුවත්

යළි විදුලිබලාගාර බිඳවැටීමේ අවදානමක්

අමතර කොටස්වල පවතින හිගය හේතුවෙන් විදුලිබලාගාර රැසක් නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකිව මේ වනවිට දැඩි අර්බුදයකට පත්ව ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 43ක වටිනාකමකින් යුත් අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව එහි ලේකම් එරංග කුඩාහේවා මහතා පැවසුවා.

ඒ හේතුවෙන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ද අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම අමතර කොටස් හිගය හේතුවෙන් මේ වනවිට ඇතැම් බලාගාර බිඳවැටීමේ අවදානමකට ද ලක්ව ඇති බවද එම සංගමය පවසනවා. (colombotimes.lk)

Viber

The post යළි විදුලිබලාගාර බිඳවැටීමේ අවදානමක් appeared first on Colombo Times.

Back to top button