ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවම පුදුම කල පුංචි වීරයා..

හැම බාධකයක්ම මැඩගෙන හැමෝගෙම කටවල් වහන්න අපිට පුළුවන් වුනා. මේ තමා ඔයාට ලැබුන හොඳම පාසල…මේ තමා පුතාට ලැබුන හොඳම ගුරුවරු ටික.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යටතේ ශිෂ්‍යත්ව විභාගය ලියා ලකුණු 99ක් ගත් පුංචි පුතෙක් ගැන සංවේදී සටහනක් පසුගියදා මුහුණු පොතේ හුවමාරු වුණා. හිරුණි නදීශානි නමැති ගුරුවරියක් විසින් එම සටහන මුහුණු පොතේ සටහන් කර තිබුණා. එම සටහන සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තේ ගුරුවරියගේ සහ පුතුගේ ක්‍රියාව අගය කරමිනුයි.
මේ අතර හිරුණි නදීශානි ගුරුවරිය විසින් තවත් සටහනක් සිය මුහුණු පොත හරහා පළ කර තිබෙනවා. ඒ ඇය තබන අවසන් සටහන බව පවසමින්.

“මේ මම දාන අන්තිම post එක… අදින් පස්සෙ පුතේ ඔයාට යන්න ලොකු ගමනක් තියෙනවො…
මේ ඉස්කොලේ ලංකාවේ තියෙන හොඳම ඉස්කෝලේ නොවෙන්න පුළුවන් ඒත් පුතේ මේ තමා ඔයාට ලැබුන හොඳම පාසල…මේ තමා පුතාට ලැබුන හොඳම ගුරුවරු ටික….අද අපි පුතාව හම්බෙන්න ආවම තමා දැනගත්තේ විශේෂ අවශ්‍යතා යටතේ (මම එය සුවිශේෂී අවස්ථා යටතේ කියා හඳුන්වන්නෙමි)සමාන්‍ය දරුවෙකු ලියන ශිෂ්‍යත්ව විභාගය ලියලා පළමු ස්ථානය ලබා ගන්නට හැකි වූ බව..ගුරුවරයෙක්ට දෙන්න පුළුවන් ඉහළම වටිනාකම මගේ පුතා අද දීලා තියෙනවා..මගේ පුතාගෙන් ඇහුවම මෙොනාද තෑග්ගක් විදිහට ඕන කියලා පුතාගෙන් සංඥ්ඥා භාෂාවෙන් මගේ පුතා පෙන්නුවෙ හදවතක්….ඒ ඉල්ලුවෙ ආදරේ….ආදරෙයි මගේ පුතේ හැමදාටම…..
පුතා විභාගයෙන් කී වෙනියද කියලා ඇහුවම මගේ පුතා හිනාවෙලා හයියෙන් සංඥ්ඥා භාෂාවෙන් 1 කිව්වම මට දරාගන්න බැරි සතුටක් ආවා…ඒ වගේම පොඩි දුකක් ආවා අනේ මගේ පුතාට කතා කරන්න පුළුවන් වුනානම්,මගේ පුතාට ලියන්න පුළුවන් වුනානම්….මගෙ පුතාට දැනෙන හැඟීම් එහෙනම් අද තොරතෝංචියක් නැතිව කියවයි නේද කියලා…කමක් නෑ පුතේ…
මගෙ පුතා දිනුම්නේ….ඒක අපිට මහමෙරක් තරම් වටිනවා…
කරගම්පිටිය විජය විද්‍යාලයට කුඩ අම්මගෙ සැලකිලි ලැබුනට….ගුරුවරු පුරප්පාඩු තිබ්බට…ඒ හැම බාධකයක්ම මැඩගෙන හැමෝගෙම කටවල් වහන්න අපිට පුළුවන් වුනා….මොංගල් ළමයෙක් කියලා නම් පටබැඳපු ගුරුවරුන්ගේ ඉඳන් ඉහළ පුටු රත්කරපු නෝනාවරුන්ගෙ මහත්වරුන්ගේ කටවල අද ලොක් වෙලා….ලොකු ලොක්කො වහන්න දඟලන විජය විද්‍යාලය ගැන හැමෝම අද කතා වෙනවා…
ඔයා දිනුම් පුතේ…..ඉදින් අවසරයි සමුගන්නට අලුත් ලොවක් තනා වැජඹෙන්නට ඔබට අවසර…..මේ ඔයාගේ උස මිස්…..”
