විශේෂාංග
Trending

ඔබේ දරුවා, සහෝදරයා ශිෂ්‍යත්වයට මුහුණ දුන්නාද

ඔවුන්ට ඔබේ ආදරය අවශ්‍යම මොහොතයි මේ!

“ශිශ්‍යත්වෙ ලකුණු ඇවිත්, කඩයිම් ලකුණු වල වෙනසක් නෑ මොන ප්‍රශ්නෙ රටේ තිබ්බත්” ..මුලින්ම සුභ පැතුම් පුංචි නංගියේ මල්ලියේ….වෙනසක් කරන්න හිතන්නෙ නෑ ඒ සුභ පැතුමෙ මට…මේ සුභ පැතුම මේ වගේ අවධානමක ,චූටි හිතක ගැස්ම එක්ක විභාහගෙට මූණ දුන්නු සියලුම චූටි හිත් වලටයි . මේ සුභ පැතුම විතරමයි මේ ලිපියෙ ඔවුන්ට අදාල වෙන්නෙ…ඉතිරි කොටස ඒ වටිනා හිත් වල අයිතිකාර දෙමව්පියන් හට භාර කරමි. කවුරු කොහොම කීවත් හැම දෙමාපියෙක්ම තමන්ගෙ දරුවා පාස් නම් උජාරුවෙන් තව දෙමාපියන්ට කඩිමුඩියේ කියන බව අපි දන්නවා..බොහෝවිට තරගෙට හිටපු පවුලෙ කෙනෙක් අසල්වාසියෙක්ට ඇහෙන්න සද්දෙට හිනා වෙවී ඔය කතාව කියනවා වෙන්න පුලුවන් …තමන්ගෙ දරුවව දුවවලා දුවවලා..දෙමාපියනුත් මහන්සිවෙලා ලබා ගත්තු ඒ ජයග්‍රහණයටට සතුටු වෙන එක ඇත්තටම සර්වසාධාරණයි…මෙහිදී කඩයිම් ලකුණු යනු වෙනත් පාසලකට දරුවා දානවනම් අදාල දෙයක් පමණක් බව දෙමාපියන් තේරුම් ගන්න එක හුගක් වටිනවා..අවුරුදු 10ක් කියන්නෙ මේ ලෝකෙ එලිය එක්ක ඉදලා තියෙන්නෙ ඒ දරුවන් වසර 10යි..මේ කරුණ හුගක් බලපානුයේ …ශිශ්‍යත්වෙ අසමත් යැයි පවසමින් සැර කරමින්..දරුවන් පෙලන පිරිසටයි..දෙමාපියන්ගේ හේතු සාදාරණ විය හැකි..විය හියදම්..අලුත් පාසලක්..ඒ සියල්ලම සාදාරණයි.නමුත් මේ කිසිදු දෙයක් කුඩා දරුවකුගේ මානසික සතුට තරම් වටින බවක් මටනම් නොහැගේ…කෙලිදෙලෙන් සිටීමට අවශ්‍ය කාලය ඔවුන් ඔබ වෙනුවෙන් කැප කලා..ඔබගේ හීන උදෙසා…තම නින්ද කෑම බීම..කොටින්ම දෙමාපිය තුරුලේ උණුසුම පවා ඔබ ගේම හීන වෙනුවෙන් ඔවුන් කැපකලා..අවසාන කාලෙදී ඔවුන්ද දෙමාපියන් මෙන් අසීමිතව මානසිකව පීඩා වින්දා…දෙමාපියන්ට අමතරව මග තොටේ පාරෙදි පවා..”මේ පාර ශිශ්‍යත්වෙ නේද” කියන වචනෙ ඇහෙන ගානෙ හිසේ සිට පාදාන්තය දක්වා ඔවුන් ඇවිලෙනවා,භිය වෙනවා වගේම හිනාව සගවනවා, දයාබර දෙමාපියනී..ඔබ ඉදිරියේ අද සිටින්නෙ ඉහත කී සියලු දේ කැප කර, ඉහත කී දේවල් දරාගෙන, තමා මෙය කල යුත්තේ කුමකටද, ප්‍රතිඵලය කුමක්දවත් නොදැන ඔබගේම සෙනහසට, ප්‍රේමයට ලෝභව උණුසුම තමාට අහිමිවේයැයි බියෙන් විභාගයක් සදහා මූණ දුන් , ඒ හා සමානව මෙවැනි කාලෙක ඔබේ හීන වෙනුවෙන් පුංචි ජීවිත ඔහේ කැපකල සුන්දර පුතණුවෙක් ,දියණියක් . එක ලකුණක් හෝ ලබාගෙන ඇත්නම් තම දරුවා පසසන්න..ඔවුන් එය ලබා ගැනීමට ඔබ හිතනවාට වැඩියෙන් මොහොත අනුව අරගල කල බව නිසැකයි…දරුවාට ඔබට ඔවුන් වටින බව කියා දෙන්න. අනෙකා සමග සැසදීම නවත්වන්න..ඒ ඔබේ දරුවායි..මිහිපිට සර්වසම්පූර්ණ ඇගිලි සලකුණක් වත් සොයාගත නොහැකි විට ඔබේ දරුවා තවත් දරුවෙකුට සමාන වන්නේ කෙලෙසද? ඔවුන් හැමෝම විශේශයි, සුවිශේශයි .. අද පටන් දරුවා හදුනා ගන්න..ඉදිරි ගමනට සුභ පතන්න. පසසන්න. නැගිටීමෙදි මෙන්ම වැටීමෙදිත් දේමාපියන් තමා ලග සිටින බව දරුවන්ට ඒත්උගන්වන්න. මානසික සෞඛ්‍ය මේ කාලය තුල යහපත්ව පවත්වා ගන්න ඔවුන් වටපිටාවෙන් නිරන්තරයෙන් පීඩාවට පත්වන සමයක් මෙය, ඔබ පමණයි ඔවුන්ගේ එකම අස්වැසිල්ල..මෙම වයසේදී ඇතිවන කළු පැල්ලම් ,අදුරු මතක, ඍණාත්මක සිතුවිලි, තමාවම පහත් ලෙස සලකාගන්නා සිතුවිලි මතු දිනෙක මුලු මහත් සමාජෙටම පිඩාවක් හා තම තමාගේ ජීවිතද කුඩා දෙයකට පවා සැලෙමින් අදුරු කරගැනීමට පෙලබීම ඇතිවන පශ්චාත් ප්‍රතිඵලයි…මීට වසර ගණනාවකට පෙර සිදුවූ එවැනි සිදුවීම් වලට මුහුණ පෑ පිරිස් සමාජ ගතවී සිටීම අද පවතින මානසික ගැටලු වලට අඩිතාලමක් වී හමාරය…උදාහරණ ඔබ අවටම සිටිය හැකිය. දරුවාගෙ අනාගතය අද්‍යාපනය පමණක් නොවේ.ඔහු හෝ ඇය මානසිකව ශක්තිමත් නම් , දෙමාපියන් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය යහපත් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට උපකාරයක් වනවානම්…ඔබේ දරුවා උගනගත් මෙම වසර පහ තුල ග්‍රහණයකර ගත් දැනුම මතු දිනක ලෝකය දිනන්නට තරම් ප්‍රමාණවත් බව දරුවාගේ අනාගතයට වගකිව යුතු දෙමාපියන් වශයෙන් සිහිතබා ගත යුතු අතර අනාගත මානසික ව්‍යාකූල පිරිස් බිහිවීමේ ප්‍රවණතාවය පවතින තත්වෙට වඩාඅඩු කරගැනීමට එය උපකාරී වනු ඇත .

සටහන :
හංසරන්දි ආදිත්‍යා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button