දේශීය පුවත්

ශෂීකගේ කොරෝනා මරණාසන්න අත්දැකීම්

අද මේ ඉන්නේ එක්තරා යුවලක්. ඔවුන් ඇත්තටම මරණය දැක දැක සිටියා. අද ඔවුන්ට පුදුමයි ඔවුන් නොමැරී ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණය. ඒ මොකක්වත් නිසා නෙමෙයි covid නිසා .ඒ නිසා මේ අත්දැකීම කතා කරමු. දවසකට 30 හරි 34 හරි 29 හරි මිනිස්සු මැරෙන්නෙ ආසාවකට නෙමෙයි.

මේකේ ගැඹුර තේරුම් ගන්න. ඒත් සමහරුන්ට මේක තාම තේරෙන්නේ නෑ. මරණය දැක දැක මරණයෙන් ගැලවුණු යුවළක්. විශේෂයෙන්ම මේ සැමියා .කතා කරමු ඔහු ශශික ගලප්පත්ති. ඒ වගේම තක්ෂිලා. මේ සැමියා සහ බිරිඳ.

ශශික ඔයා මොනවද කරන්නේ?
මම ව්‍යාපාරිකයෙක්.

එතකොට දැන් ඔයා කොහොමද මේක ඔයාට ආසාදනය වෙන්නේ ?ඔබ දෙපළ ම ආසාදිත වුණා නේද ?බිරිඳට ආසාදනය වෙන්නේ ඔබෙන්? කොහොමද අසාදනය වෙලා කියලා දැනගන්නේ?

මම මිතුරෙක් එක්ක දිවා ආහාරය ගත්තා. එතකොට ගත්තෙ අප්‍රේල් පස්වැනි දා. එයාට කෝවිඩ් තියෙනවා කියලා ආරංචි වුණා මට දවල්. නම වෙනිදා .මම එදා රෑම පී.සී ආර් එකක් කලා. ඒකෙ රිසල්ට් එක ආවෙ මටඑකොළොස් වෙනිදා negative කියලා. ඊට පස්සෙ මම බය නැතුව හිටියා. පස්සේ අප්‍රේල් 13 වෙනිදා වෙනකොට තමයි මට පොඩ්ඩක් ඔලුව රිදෙන්න ගත්තා. ඒත් මං ගණන් ගත්තෙ නෑ. ආයිත් අප්‍රේල් 16වෙනිදා වෙද්දි තිබුණා මට උගුරෙ සෙම .නමුත් මේක මේ එළියට එන්නේ නෑ. උගුර බැඳිලා තියෙන්නේ.කැස්සක් ආවෙ නෑ .උගුර යාන්තං රිදෙනවා. නමුත් උගුර සැම තියනවා වගේ.ම ම එක එලියට ගන්න ට්‍රයි කලාට එක එන්නේ නෑ. වේලිච්ච සමක් වගේ එන්නෙ නෑ. හැබැයි යනවා තේරෙනවා ඇතුලට .ඊට පස්සේ
මට ඔලුව රිදෙන්න ගත්තා. මම ඊට පස්සේ පැනඩෝල් ගත්තා .ඒ වෙලාවේ මට සහනයක් දැනුනා .නමුත්ඔහොම ඔහොම ගියා මේක එන්න එන්න වැඩි වුණා .18 වෙනිදා තමයි මට ඊළඟ pcr කරන්න තිබුනේ.

කවුද ඔයාට ඔය පිස්සි මෙදා ට කරන්න කියලා කවුරු හරි කිව්වද?
ඔව් මට මගේ යහළු ඩොක්ටර් කෙනෙක් කිව්වා dates ගණන් කරලා මෙහෙම තමයි වෙන්න ඕනි කියලා.මොකද යාලුවෝ positive උනානේ ඒ නිසා. ඉතින් ඊට පස්සේ දහඅටවෙනි තමයි මට තිබුණේ pcr කරන්න. ඒකත් කළා. ඒ pcr එකත් නෙගෙටිව් .හැබැයි 18 වෙනිද වෙද්දි මට ටිකක් අසනීපයි. ඒක යම්කිසි දුරකට මට උණ ගන්නවා. එතකොට මම පැනඩෝල් අරගෙන සමනය කරගන්නවා. ඒත් මගේ ඇඟට පන නෑ. මට ගොඩක් ලෙඩ එතකොට වෙද්දී. ඒත් තක්ෂිලාට මොකුත්ම ප්‍රශ්නයක් නෑ.

දරුවන් ඉන්නවා නෙද?
ඔව්. අපේ පුතාලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට අවුරුදු 12 .අනිත් එක්කෙනාට අවුරුදු හතයි. ඒ අයටත් මොකුත් වෙනසක් තිබ්බෙ නෑ .පුතාල දෙන්න නම් ගොඩක් වෙලාට ආච්චිත් එක්ක තමයි ඉන්නේ. එතකොට ඒගොල්ලෝ රෑටත් නිවාඩු කාලේ නිසා එහෙ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. වැඩිපුරකැමති ආච්චි එක්ක ඉන්න.

pcr දහනවවෙනිදත් නෙගෙටිව් වුණා. නමුත් මගේ හිත කියනව මට මොකක් හරි වෙන ලෙඩක් තියෙනවා කියලා.මම ඊළඟට ගියා ඩොක්ටර් ගාවට. බෙහෙත් දුන්නා දවස් තුනකට දුන්නෙ .දවස් තුනෙන් පස්සෙත් අඩු වුණේ නෑ. ආයිත් මම 24 වෙනිදා බෙහෙත් ගත්තා. 24 ගත්තට පස්සේ මට 25ම තේරෙනවා මේ බෙහෙත් මට හරියන්නේ නෑ කියලා. වෙනසක් වෙන්නේ නෑ .ඊට පස්සේ 26 වෙනි ද මම ගියා මම දන්න වෙන ඩොක්ට කෙනෙක් ලඟට. සමාන්‍යයෙන් මට අසනීපයක් උනාට පස්සේ එයා මට එක පාරටම හොඳ කරනවා. ඉතින් ඒ ඩොක්ටර් ලඟට මම ගියා ගියාට පස්සේ මට කිව්වා ඔයාට පපුවේ විස් එක තියෙනවා කියලා.

ඔයාට සාමාන්‍යයෙන් විස් තියෙන කෙනෙක්ද?
නෑ එහෙම කවදාවත් තිබුන කෙනෙක් නෙමෙයි. මට කිසිම ලෙඩක් තියෙන මනුස්සයෙක් නෙමෙයි.එතකොට මට තේරෙනවා පපුව ගැහෙනා මට දැනෙනවා. විසිපස්වෙනි ද වගේ වෙද්දි මට දැනෙනවා’ ගැහෙනා වගේ දැනුනා. පස්සේ මම මගේ ෆෝන් එකට ඇප් එකක් දාගත්තා පල්ස් බලන්න. එතකොට මම understanding එකේ හිටියෙ මගෙ පපුවත් ගැහෙනවා. මට ලෙඩේ හොයා ගන්නත් බෑ .හැම වෙලේම මගේ පල්ස් බලනවා normal ද කියලා. ඉතිං ඒක normal. ඊට පස්සේ 26 වෙනිදා තමයි මම බෙහෙත් ගන්නෙ. 26 වෙනිදා රෑ මට නින්ද යන්නෙ නෑ. කැස්ස. එළි වෙනකම්ම කැස්ස. කාමරෙ ඉන්න බෑ මම මෙතන තමයි වාඩිවෙලා ඉන්නේ මුළු රාත්‍රියම. ඒ ඩොක්ටර් මට ඉන්හේල එකක් දුන්නා .ඒක ආන්සර් කරයි කියලා මම ඒ විශ්වාසෙට 27 වෙනිදා ඉන්නවා. ඒත් එන්න එන්න වැඩි වෙනවා .පස්සේ 27 වෙනිදා එකම දේ තමයි නින්ද යන්නෙ නෑ .ඊට පස්සේ මෙයා මාව බලෙන් අරගෙන ගියේ. central හොස්පිටල් එකට. මොකද ගෙදර ඉන්නත් බෑනෙ නින්ද යන්නෙ නෑ.

ඒ වෙද්දි නිකං හරි හිතුනද මට covid ද දන්නෙ නෑ එහෙම හිතුනද?
මම හිත යටින් හිතුවා covid කියලා. නමුත් ඉතිං මගේ පී.සී.අර් නෙගෙටිව් නේ. ඒ නිසා එක ඔලුවෙන් ගියා.

තක්ෂිලා ටත් එහෙමද ඔයත් හිතුවද මේ පී.සී.අර් negative නිසා covid එන්න බෑ කියලා?
ඔවුන් ඇත්තටම මමත් හිතුවේ එහෙමයි .මොකද අපි විශ්වාස කරන්නේ .අපි වෛද්‍යවරු නෙමෙයි ඒගොල්ලො තහවුරු කරන්නේ මේක කෝවිඩ් කියන එක මේක හරහා නේ. ඊට පස්සේ දැන් සෙන්ට්‍රල් හොස්පිටල් එකට ගියාට පස්සේ ඩොක්ටර් තිරිමාවන් කියන ඩොක්ටර් චැනල්කළා. එයා කිව්වා පුතා ඔයාට බ්‍රොන්කයිටිස් වෙන්නැති කියලා. මොකද pcr කතාව තියෙනවනේ හැමතැනම. ඊට පස්සේ admission එකට යන්න කියලා කිව්වා එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න කිවුවා.ඔක්කොම අපි කරලා තිබුණේ ඒතකොට .ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා guardian and a patient අනිවාරෙන්ම rapid එකක් කරන්න ඕනේ කියලා . අපි rapid එකට ගියා. එතකොට මගේ ඉස්සරහම තිබුණා තව rapid කරපු අය ඔක්කොම නිකං තිබුණේ .මගේ ඉස්සරහම මම දැක්කා විනාඩි දෙකක් වගේ ඇතුලත දී කරලා රිසල්ට් එක. positive කියලා. මම විතරයි මුලින්ම positive වුණේ .ඊට පස්සේමෙයාට එන්න කියල කිව්වා. එන්න කිව්වා ඉන්පස්සෙ මෙයත් කරා. මෙයත් positive .එතකොට මට හරිම සන්තෝෂයක් දැනුනා. ඒ කියන්නේ මම මෙච්චර කාලයක් බලාපොරොත්තුවෙන් හිටපු මටහොයාගන්න බැරි ලෙඩේ හම්බවුණා කියලා. සමාන්‍යයෙන් උණත් හැදුනහම අපි කාලයක් තිස්සේබෙහෙත් කරා මේකට. නමුත් අඩු වීමක් නැහැ. දැන් මම දන්නවා මගේ ලෙඩෙක් covid කියලා.හැබැයි මම හිතනවා විසි වෙනිදා හරි මම antigen එකක් හරි වෙන තැනකින් හරි පීසීඅර් එක කළා නම් ඒක මට හරි result එනවා කියලා. මම ලැබ් එකේ ප්‍රශ්නෙ තමයි මම තාමත් කල්පනා කරන්නේ.

ඔයා හිතන්නෙ ඒ කරපු ලැබ් එකේ පී සී ආර් test ඒක වැරදියි කියලා ද?
ඔව් මම ඒ දෙකම same ලැබ් එකෙන් කළේ. එතැනදි මට මම වෙන තව lab එහෙකින් කරා නම් හොදයි කියලා හිතනවා. ඊට පස්සේ 28 වෙනිදා තමයි අපි දෙන්නගෙම antigen එක positive උනේ.

ඊට පස්සේ හොස්පිට්ල් එකෙන් ඔය දෙන්නව ඇඩ්මිට් කරගන්න කැමති වුණාද?
මෙහෙමයි මම එතකොට registration එකේ හිටියෙ administration එකෙන් කිව්වා ඔයාලා හොස්පිට්ල් එක ඇතුලේ positive උන නිසා සමාන්‍යයෙන් ගන්නෙ නෑ කෝවිඩ් with patience lover නමුත් අපිඔයාලව තියාගන්නවා කියලා government hospital එකක් ලැබෙනකල් අපි ඔබ මෙහෙ තියා ගන්නම් කියලා කිව්වා.

ඔය දෙන්නා හොස්පිට්ල් එකට ගියේ ඇඩ්මිට් වෙන්න බලාගෙනද ඇදුම් අරගෙන ද?
ඔව් ගෙදර තියාගෙන නිදා ගන්න බැහැ. එතකොට හොස්පිට්ල් එක තිබ්බොත් හොඳයි කියන අදහස හිටපු නිසා මම රෙදි ඔක්කොම ලෑස්ති කරගෙන මගේ බලයට තමයි මෙයාව මම එක්කගෙන ගියේ. අපි දෙන්නම රෙදි අරගෙන ගියේ. ළමයිව ශශිකෙග් අම්මා ගෙදර තියලා ගියා.මම 28 වෙනිදා රෑ සාමාන්‍යයෙන් මම ගොඩක් බඩු අරගෙන ගියා. කෑම බීම ඔක්කොම මෙයා දාගෙන තිබුණේ. ඒ ඔක්කොම අරගෙන මම ගියා. අවිදගෙන ගියා සාමාන්‍ය විදිහට. විසි නම වෙනිදත් මම හොඳට හිටියා .තිස් වෙනිදා doctor aflah මගෙන් ඇවිල්ලා ඇහුවා පුතා ඔයාට ඇවිදින්න පුලුවන්ද ,වොෂ් රූම් එකට යන්න පුලුවන්ද? ඔයාට හතිය එනවද ?කහිනකොට blood එනවද කියලා .එතකොට මම කිව්වා මට එතකොට මොකුත්ම තිබ්බෙ නෑ. මම හරි fit එකෙ එතකොටත් හිටියේ .මම කිව්වා ඔය කිසි දෙයක්නැහැ කියලා. නමුත් මෙයාලා මගෙන් දවසගානේ දවසට දෙපාරක් මගේ එක්ස්රේ ගත්තා .මට පස්සේ තමයි තේරුනේ ඒ x rays බලලා තමයි doctor ඇවිල්ලා මේ ලක්ෂණ තියෙනවද කියන එක අහන්නෙ. අපිදෙන්නම එකම රූම් එකේ හිටියේ. මමත් positive හැබෑයි කිසිම සිම්ටම් එකක් නැහැ. කිසිම දෙයක් නැහැ. මොකද මම vaccine එක අරගෙන හිටියේ.

vaccine ඒක අරගෙනද හිටියෙ? මොකද්ද ගත්ත vaccine එක?
ඔව් මම vaccine එක අරගෙන හිටියේ . AstraZeneca. එක් dost එකයි අරගෙන හිටියේ.

එතකොටvaccine ඔයා අරගෙන හිටියේ නැද්ද?
නෑ මම අරගෙන හිටියේ නැහැ.

සමහරවිට එහෙනම් ඔයාට symptoms නැති වෙන්න හේතුව vaccine එක්ක ගත්ත නිසා වෙන්න පුළුවන් නේද?

ඔව් ඒකත් හේතුවක්. තව මම මගේ මම වෙන රෝගයකට මම සිංහල බෙහෙත් කළා. ඒකෙදි මට මුල්ම ප්‍රතිකාරය විදියට ඒගොල්ලෝ කිව්වා දවසකට වතුර වීදුරු එකොළහක් බොන්න. ඒත් එක්කම හැම රාත්‍රියකම තම්බපු හාල් එක්ක මුරුංගා කොළ මැල්ලූමක් කන්න. එක විතරක් රාත්‍රියට කරන්න .මම දවස් විසි එකක් ම එක දිගටම ඒ විදිහට ප්‍රතිකාර කළා .නිර්මාංශව හිටියා. කරල පොඩි දවසකින් තමයි මේක හැදුනේ.

එහෙනම් ඒක ද දන්නෑ ඔයාට මේ ප්‍රතිශක්තිකරණය ඇඟේ හැදිලා තිබුණ ද දන්නෙ නෑ මුරුංගා කියන්නේ ප්‍රතිශක්තිකරණ හොඳ ආහාරයක්නේ?
ඔව් මම හිතනවා ඒකත් මට ලොකු උදව්වක් වෙන්නැති කියලා symptoms නැතිවෙන්න. ඒ වගේම අපි දවස් පහළොවක් හොස්පිට්ල් එකේ ඇඩ්මිට් වෙලා හිටියා. ඒ දවස් පහළොවෙන් දවස් දහයක් විතර මෙයා නිදි ගෙන නෑ එක දවසක්වත් ඒ මම නිසා .මම හිතන්නේ මෙයා නිදි ගත්තේ තිස් වෙනිදා විතරයි.

මට කියන්න ශශික දැන් ඩොක්ටර් ඇහුව ඔයාට බැහැල ඇවිදින්න පුළුවන්ද කියලා ඒයා කිව්ව නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ එතකොට ඔයාට ඒ වෙනකල් ලොකු අමාරුවක් තිබුණෙ නෑ. එතකොට වෙනස් උනේ කවදද?

පළවෙනිදා උදේ පාන්දර සිස්ටර් කෙනෙක් ඇවිල්ලා මගේ බ්ලඩ් එකක් ගත්තා. සමාන්‍යෙන් blood එකක් ගන්නකොට අපි ඇඟ තද කර ගන්නවා නේ. අතපය තද කරගන්න කියලා තමයි කියන්නේ .බ්ලඩ් එකඅරන් ගත්ත ගමන් මට ආවා හතියක්. ඒ හාතිය නවත්තගන්න මට විනාඩි විස්සක් විතර ගියා. හුස්ම ගන්න බැරිවෙනවා හු.ස්ම ගන්න අමාරුයි .අපේ සාමාන්‍යයෙන් විස්සක් තිහක් අතර තමයි අපි හුස්ම ගන්නේ මිනිත්තුවකට එක මැෂින් වල පෙන්නනවා. මේක යනවා අසූවකට විතර. ඒ කියන්නේ ස්පීඩ් එක හුස්ම හරි කොටයි. ඉක්මනින් ඉක්මනින් මම හුස්ම ගන්නවා .එකේ ස්පීඩ් එක මට කියන්න තේරෙන්නෙ නෑ . ඒක explain කරන්න බැහැ .මට කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා හුස්ම තියාගන්න ඒක තමයි හැදෙන ලෙඩේ මට මුලින්ම .එදා උදේ පාන්දර එක තමයි මට සිද්ධ වුණේ.

ඒ කියන්නේ හුස්ම ගන්න අමාරු ද නැත්නම් හුස්ම ගත්තෙ ඒ ක තියා ගන්න අමාරුයිද?
ඒ කියන්නේ හුස්ම ගන්න වේගය මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ඒක හුස්ම අල්ල ගන්න බෑ. ඒ තරමට ස්පීඩ් ඒක හැදුනහම මෙන්න මේක පේනවා මෙහෙම ගැහෙනවා. ඇඟ ගැහෙනා මගේ පේනවා. මම වයිෆ්ට පෙන්නනවා මේ ගැහැණ විදිය බලන්න කියලා. ඒක කියන්න බෑ කොච්චර අමාරුද කියලා. හරිම අමාරුයි .ඕක සමහර වෙලාවට විනාඩි විස්සක් විතර අදෙනවා.

ඒ කියන්නේ ඔයාට දැනෙනවද එතකොට මට දැන් හුස්ම නතර වෙනවා වගේ දෙයක් දැනෙනවද?
ඔව් හුස්ම අල්ල ගන්න ඕනේ .නැත්නම් එක් කරන්න අමාරුයි. නතර වෙනවා වගේ දැනෙනවා නිසා තමයි එයා fight කරන්නෙ නෑ මම ගන්නවා කියන එකට.

ඒ කියන්න ඔයාට දැන් එනවා ඔයාට අමාරුයි කියලා ජීවිතයක් අතඅරිනවා වගේ ගතියක් දැනෙනවාඔයාට?

ඔව් ඒක fight එකක් කෙලින්ම. ලොකු අරගලයක් .ඒක තනියම කරන්න ඕනේ. ඒක ලොකු මහන්සියක් මම මේ ඉන්න විදිහට මට පේනවා මේ ඔක්කොම මගේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මම ඒක තනියමම කරගන්න ඕනේ .ඒක හරි අමාරුයි. මුල් දවසෙ මට එච්චරම සීරියස් ඒක ආවේ නැහැ. පස්සේ මම උදේ නමයට විතර වොෂ් රූම් ගියා. ඊට පස්සේ මට කොමඩ් එකෙ වාඩි උනාට පස්සේ මට හතියක් ආවා .හැබැයි ලොකුවට නෙවෙයි .මම තේරුම් ගත්තා මොකක් හරි වෙනවා කියලා .මම ආයිත් බෙඩ් එකට ආවා. ඇවිල්ල ඉතින් මම බැස්සෙත් නෑ. මම ටීවී එක දාගෙන බලාගෙන ඉන්නවා කරන්න දේකුත් නෑනේ. අර මගේ ඇඳේ තිබිච්ච රිමෝට් එක අර උස්සන එක කොහොමහරි වයර් එක ගැලවිලා ඇතුලෙන් . ඉතින් ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් කරන්න පුළුවන් මට. මම එවෙලෙ කිව්වා වයිෆ්ට. ඒක කරන්නේ කියලා . මෙයා බැලුවා ට්‍රයි කළා .මම බැහැලා ආවා ටිකක් .බැහැලා ආවට පස්සෙ මට අර හතිය ආවා මට ඇඳේ වාඩි වෙන්න බෑ මෙයාට තිබුණේ සෝෆා බෙඩ් එකක්. මම එතන වාඩි උනා වාඩිවෙලා මම හිතා ගත්තා ආයිත් ඇඳෙන් බහින්නේ නැහැ කියලා හැබැයි ඒ කියලා පැය තුනක් හතරක් යද්දි මට ඇඩ්වයිස් කලා කාමරේට ඇවිල්ල doctor ඔයාට ඇඳෙන් බහින්න බැහැ කියලා .එතකොට මම තීරණය කරලා හිටියේ මම ඇඳෙන් බහින්නේ නැහැ කියලා .මොකද මට අර වයර් එක ගහන්න ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක තියෙනවනේ. එතකොට මම තනියම තේරුම් ගත්තා දැන් මම නෙමෙයි ඉන්නේ කියලා .මම මගේ ඇඟ control එකේ නැහැ කියලා තේරුම් ගත්තා. මම ඒ වෙලාවේ ඉන්පස්සෙ දවස් අටකට පස්සේ තමයි ඇඳෙන් බැස්සේ .මට වෙන්න තියන ඔක්කොම දේවල් උනා .මාව බලාගත්තා.මම පැම්පස් අන්දවලා තමයි හිටියේ.නමුත් මට පැම්පස් වල කරගන්න බැහැ. මොකද අපිට පුරුදු නෑ.එ ඉන්න විදියට චු කරන්න වත් බැහැ.ඒ පැත්තෙනුත් මම ගොඩක් මානසිකව දුක් වින්දා. central hospital එකේ දැඩි සත්කාර ඒකකයේ තමයි ඔක්කොම දේවල් උනේ මාව හැමදාම ඇවිල්ලා උදේට හෝදනවා.

ඔයාට රූම් එකේදිනේ ඕව ඔක්කොම වුණේ ඊට පස්සේ ICU එකට අර ගත්තද?
ඔව් එදා කිව්වා doctor මට විසි නම වෙනිදා තව දෙයක් වුණා ‘මාව බැලුවෙ doctor තිරිමාවන් කියන doctor .එයා මාව refuse කළා. බලන්න බැහැ කිවුවා .කෝවිඩ් නිසා බලන්න බැහැ කිවුවා .ඒ වෙලාවේ මම ඇත්තටම මානසිකව වැටුනා. ඒ වෙලාවේ මම කිව්වා හොස්පිට්ල් එකට කවුද මාව බලන්න කැමති ඩොක්ටර් thurul attyagalle සහ එතුමාගේ team එක. afla එතකොට එතැන හිටිය doctor dilshan Priyankara එතකොට තව එතැන හිටියා ශිරාත් කොළඹගේ ,,doctor ශාලුක මංචනායක ඒ වගේ ටීම් එකක් හිටියත් ඉදිරිපත් වෙලා මාව බාර ගත්තා ඒක අපිට පුදුම ශක්තියක් වුණා.

 

දැන් තක්ෂිලා ඕගොල්ලොව බාර ගත්තේ ආණ්ඩු ඉස්පිරිතාලයක් දෙනකන්නේ ඒතකොට ඒක ප්‍රශ්නයක් වුණේ නැද්ද දිගටම ඔයාලව තියාගන්න කැමති වුණාද ඒගොල්ලො?

නැහැ. මෙහෙම දෙයක් වුණා. ඔය කාල සීමාවේ තමයි ලංකාවේ ගොඩක්ම covid patience ල වැඩි වෙන්න පටන් ගත්තෙ .ඒ නිසා මේ ගොල්ලොන්ට අපිව මාරු කරන්න බැරි වුණා. ඒ නිසා govermant හොස්පිට්ල් එකට මාරු කරන්න බැහැ. එතකොට ට්‍රාන්සර් කරන්න පුළුවන්කමක් උනත් මාව දෙවෙනිදා උදේ ඇවිල්ලා කිව්ව special drug එකක් තියනව . ඒක ලක්ෂ දෙකක් වෙනවා . ඒක ඉන්ජෙක්ෂන් එකක් වගේ දුන්නෙ මට කැනියුලා එක හරහා. ලක්ෂ දෙකක් වෙනවා ගාන ප්‍රශ්නයක් නැද්ද ඇහුවා. ඒතකොට මට එවෙලෙ තේරුමක් නැහැ ඇයි මට එච්චර ගාණක drug එකක් දෙන්නෙ කියලා. මම කිව්වා ප්‍රශ්නයක් නෑ. ඩොක්ටර් එක හොඳ වෙනවා නම් මට දෙන්න කියලා. ඔව් හැබැයි doctor ආටිගල පුදුම උත්සාහයක් දැරුවා doctor ananda wijewickrama එක්ක කතා කරලා අයි ඩී එච් එකට ට්‍රාන්සර් කරන්න.

ඒ කියන්නේ ඒගොල්ලොන්ට drg එක නැද්ද? නැත්නම් ගණන් වැඩි ද?
නැහැ ගාන නෙමෙයි . දෙවෙනිදා තමයි දැන් ඇවිල්ලා කිව්වේ දෙන්න තියෙනවා කියලා. ඊට පස්සේ තුන්වෙනි කිව්වා not available කියලා .ඊට පස්සේ තුන්වෙනිදා උදේ තමයි ඇවිල්ලා කිව්වේ මම ඒ වෙද්දි icu එකේ. මාව දෙවනිදත් ට්‍රාන්සර් කළා i see u එකට. මෙහෙමයි වුණේ එයාලා කිව්වා අපේ ICU බfull. .අපි ඔයාව දනවා asiri surgical එකට transfer කරනවා කිව්වා. ඊට පස්සේ එයාලා ට්‍රාන්සර් කළේ නැහැ. එයාලගේ රූම් එකක් තියෙනවා ඒක හදලා තියෙන්නෙ low pressure chickenfox වගේ හැදිච්ච ලෙඩ්ඩුන්ට .එක බෝවෙන ලෙඩ්ඩු දාන එකක්ඒ. ක isolated රූම් එකක්. ඊට පස්සේ ඒක ඒක ඒගොල්ලො නිර්මාණය කළා මං වෙනුවෙන් මැෂින් ටික ඔක්කොම දාලා මාව එතැනට ගත්තා.

එතනට ගත්තට පස්සේ ඔයා කොහොමද එතන හිටියේ?
ඔව් ඒක නිසා තමයි මටත් ශශික ඉන්න තැන ඉන්න පුළුවන් වුනේ. නැතුව icu එක්කට ට්‍රාන්සර් කළා නම් මට ඉන්න බැහැ. ඇත්තටම මාවicu එකකට දැම්මා නම් මම මානසිකව වැටෙනවා. මොකද මම එතකොට කල්පනා කළා මෙයාට මොකද වෙන්නේ කියලා. මෙයා හැමතිස්සෙම මගේ ළඟ හිටියා. මට හැම ඉඅමාරුවෙන අවස්ථාවකදිම මෙයා හිටියා .තුන්වෙනිද ඊට පස්සේ කොහොම හරි ඇවිල්ල කිව්වා ඒ drug ඒක හොයාගන්න නැහැ කියලා. කිව්වට පස්සේ මම මගේ යාලුවෝ , මගේ groups වලට දැම්මා මෙයා වෙනම contacts වලට කතා කළා. ගොඩක් කට්ටිය මහන්සි වුනා. මෙයා කිව්වා නෑ අපිට හම්බ වෙයි
සමහරක් විට කියලා .මෙයාට විශ්වාසයක් තිබුණා .කොහොම හරි උදේ 6 වෙද්දි අපිට පණිවිඩය ලැබුණා drug එක ගන්න පුළුවන් වෙයි කියලා. 600 milligram අපිට අවශ්‍ය වුණා ඒත් අපිට හම්බ උනේ 400 milligram. .ඩොක්ටර් කිව්වා ප්‍රශ්නයක් නැහැ අපි මේක දීලා බලමු කියලා. ඊට පස්සේ දුන්නා සවස 4 ට විතර තමයි දුන්නෙ.

Drug එකේ නම මතකද?
Tocilizumab 600mg .1 dose. එක්ක ඩෝස් එකයි දෙන්න පුළුවන්. මට ඒක හතරවෙනිද දුන්නා. ඉන්පස්සෙ පහ හය වෙද්දි යම්කිසි සුවයක් ලැබුණා. මොකද මාව දැඩි සත්කාර ඒකකයට දැම්මෙ දෙවැනි දා. දෙවෙනි ද දැම්මට පස්සේ මට normal ඔක්සිජන් දීගෙන හිටියේ. නමුත් එයාල ඇවිල්ල කරනවා. arterial blood test කියලා එකක් කරනවා. ඒක අපේ hard එකේ තියෙන ධමනි වලින් ඩිරෙක්ට් ගන්න බ්ලඩ් එකක්. ඔක්සිජන් කොච්චර ප්‍රමාණයක් සපයනවා ද කියන එක එක හරහා තමයි හොයා ගන්නෙ.ඒක ගන්නවා කියන්නේ පුදුම වේදනාවක් තියෙන්නෙ .සමහර ඩොක්ටර්ස්ලා එකපාරින් වන්ෂොට් ගන්නවා.
හැබැයි මේ වෙද්දි doctors අතට ග්ලවුස් තුනක් හතරක් දාගෙන ඉන්නේ. ඒක නිසා ඒගොල්ලොන්ට එකපාරට ඒක හොයාගන්න අමාරුයි.නැත්නම් මේක සාමාන්‍ය කෙනෙක්ට ගන්න පුළුවන්. ග්ලවුස් දාගෙන ඉන්න නිසා ඒක හොයාගන්න අමාරුයි. ඒක සමහර ඩොක්ටර්ස්ලා එකපාරටම ගන්නවා .සමහර කට්ටිය මේක කොහොමත් ගන්න විනාඩි එකහමාරක් විතර යනවා කට්ට ඇතුළු තියාගෙන ඉන්නේ. මෙහෙම දාල කරකවල කරකවලා ඒක ගන්නෙ. ඒක ලොකු වේදනාවක් . මිනිස්සුන්ට මාස්ක් එක දාල පරිස්සං වෙන්න
පුළුවන්කම තියෙද්දී මේ තරම් වේදනා විඳින්න නං එපා කියලා මම ඉල්ලනවා.

ඉතින් මේක දවසකට ගන්නවා තුන්පාරක් විතර. සමහර වෙලාවට හතර පාරක් ගන්නවා. මාව ice blue එකට දාපු මුල් දවස් වල තුන් හතර පාරක් ගත්තා පැය තුනෙන් තුනට වගේ ගත්තා .මේ අත සම්පූර්ණම කළු පාට උනාට පස්සේ අනිත් අතින් ගන්නවා .ඊට පස්සේ කකුලේනුත් ගන්නවා. මොකද ඒ තැන් වලින් ගන්න පුළුවන්. සමහරක් වෙලාවට එකපාරින් ගන්න බෑ .සමහර වෙලාවට ඒකපාර ගන්නවා. ඒක ගන්නවා කියන්නේ මට හදවතට කෙලින්ම ඇන්න වගේ තමයි තේරෙන්නේ ඒ තරමට අමාරුයි.

ඔයාට ඔක්සිජන් අවශ්‍ය වුණාද දෙන්න ඊට පස්සේ?

දිගටම එතකොට සියයට අසූවක් ඔක්සිජන් දෙනවා. දෙවැනිදා තමයි මාව දැම්මෙ දැඩි සත්කාර ඒකකයට. එතකොට මට දුන්නේ crap machine කියන එකෙන් තමයි මට මුලින්ම දුන්නේ. ඒගොල්ලො බැලුවා .ක්‍රේප් මැෂින් එකෙන් පුළුවන්ද කියලා manage කරන්න පුළුවන්ද කියලා. නමුත් crap machine එක දාල නෑ. පැය හතරක් හිටියත් මගේ oxygen level එක වැඩි වුණේ නෑ. ඊට පස්සේ මගේ blood oxygen එකක් කලා .එතකොට මට ඇවිල්ල හිටපු සිස්ට කිව්වා ඔයා දන්නවද ඔයාගේ range එක rate එක පනස් හයයි කිව්ව තියෙන්නෙ .ඒ කියන්නෙ සියට සීයක් තියෙන්න ඕනේ ඒකේ මට තියෙන්නෙ පනස් හයයි කිව්වා .ඊට පස්සේ පාටද විතර ඇවිල්ලා කිව්වා අපි ඔයාව C pap දානවා කියලා. c pap කියන්නේ තනිකරම මූණ වහල දාන්නෙ. මූණ වහලා තදකරලා පැය දෙකක් දාගෙන ඉන්න බැහැ. මොකද තද කරලා දාන්නේ මොකද මෙතනින් ඔක්සිජන් පිට වෙන්නේ නැති වෙන්න. එතකොට මෙහෙන්
පිට වෙන්න නැ පොඩ්ඩක්වත්. මගේ ඇස්දෙකෙන් බාගයයි පේන්නේ. ඒක පැය දෙකක් ඉන්න බෑ .නමුත් මම දැනගෙන හිටියා මගේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා. Ventilator machine එක . ඒකට දාන්න මිනිස්සු සීයට අනූවක් මැරෙනවා බේරෙන්නෙ නෑ. මොකද එකට දාන්න සිහිය නැති කරලා. ඒතකොට අපේ අපේ කන්ට්‍රොල් එකෙන් නැ. මම එක දැනගත්ත නිසා මම පැය හතක් අටක් එක දිගට දාගෙන හිටියා. මම එලිවෙනකන් දාගෙන හිටියා. රෑ දහයට දාගත්තට පස්සෙ මම උදේ හයට තමයි ආයිත් ගලවන්නෙ ඒකත් පොඩි වෙලාවකට.

එතකොට කොහොමද කන්නෙ බොන්නේ?
ඒ වෙලාව ඇතුලත මම සුප් එකක් බොනවා. වතුර බොනවා. මම කෑවේ නෑ .දියර දේවල් විතරයි ගත්තේ. මට ඔක්කොම නියුට්ට්‍රිෂන් දුන්නා කැනියුලා එක හරහා. අර බඩට ඕන නිසා තමයි මට සුප් එකක් දුන්නේ. එකක් මම ලොකුට බිව්වෙ නැහැ .මොකද බොන්න බැහැ. මොකද c pap එක දැම්මට පස්සේ මුළු උගුර ම වේලෙනවා ,තුවාල වෙනවා, නහය ඇතුල තුවාල වෙනවා. ඒ machine එකට තමයි නහය මේ ඔක්කොම තුවාල වෙලා ලේ ගලන්න ගත්තා. ඒක පුදුම වේදනාවක්. මෙහෙම ටිෂූ එකක් දැම්මට පස්සේ ඔක්කොම තියෙන්නේ ලේ කෑලි. අපි හිතනවා කෝවිඩ් හැදුනට පස්සේ පැනඩෝල් පෙත්තක් හරි මොකක් හරි
පෙත්තක් බිව්වට පස්සේ මේක හොද වෙයි කියලා නමුත් ඒක නෙමෙයි ඇත්ත කතාව .හැදිලා බේරෙනවා කියන්නේත් එක එක විදියේ දෙයක් .ඇත්තටම හාස්කම් වගයක් සිද්ධ වුණා මගේ ජීවිතේ.

ඔයාට නින්ද ගියාද රෑ?
මෙහෙමයි මට දෙවෙනිදා රෑ ඉඳන් දවස් තුනක් මම නිදිය ගත්තෙ නෑ එක විනාඩියක්වත් .නින්ද යන මුල්ම තත්පරේදී ඇස් දෙක පියාගෙන නින්දට වැටෙන ඒ ක්ෂණිකයෙන් මගේ පපුව හිර කර ගන්නවා. එක් එකපාරක් උනා .මම අයිත් නිදා ගත්තා. දෙවැනි පාරත් වුණා නිදිය ගත්තා එහෙම එහෙම දහපාරක් විතර උනා ඒක දිගටම .ඇස් දෙක පිය වුන ගමන් හුස්ම හිරවෙනවා. මම ඊට පස්සේ නිදියගන්න බය උනා මට එවෙලෙ නිදි ගන්න බෑ. මොකද මේක දිගින් දිගටම වෙනවා.

හුස්ම හිර වෙනකොට තක්ෂිලා ඩොක්ටට කතා කළාද?

නෑ ඒක වෙනයි. ඒ ඒක හුස්ම ගන්න බැරි වෙන එක .ඒත් මේක නිදියගන්න කොට තියන එක. ඉතින් මම දවස් තුනක්ම නිදිය ගත්තෙ නෑ .නිදිය ගන්නෙම නෑ. ඒකට තමයි මරණ බිය කියන්නේ. පස්සෙ ම ඩොක්ටර් ගෙන් ඔක්කොම ඇහුවා. ඒක තමයි මගේ මානසිකත්වය. මං දැන් මැරෙයි කියලා බයේ ඒක තමයි මට ඇස් දෙක පියවු හම එහෙම වෙන්නේ.

ඔයා හොස්පිට්ල් එක්ක ඉන්න අතරේ නෑයන්ට අම්මට ,තාත්තට ,දරුවන් ට එහෙම කිව්වද මෙයා මේ වගේ තත්ත්වෙ ක් ඉන්න කියලා?

නෑ මම කිසිම කෙනෙක්ට කිව්වේ නෑ. මොකද ඒ වෙද්දි මගේ පුතාලා දෙන්නම ඉන්නේ ශශිකගෙ අම්මා ළඟ. මොකද මේ වෙලාවේ හැමෝම හොඳින් ඉන්න ඕනේ .හැමෝම මේකට බය වෙන්න හොඳ නෑ .නමුත් මම කරන්න ඕනේ මේ වෙලාවේ බෙහෙත හොයා ගන්න එක සහ මෙයාට කරන්න පුළුවන් උපරිම දේ කරන එක. covid කියන එක දන්නවා. ඒත් එච්චර අමාරුයි කියල කිව්වෙ නෑ.icu එකේ ඉන්න මුකුත්ම විස්තර කිව්වේ නෑ .බෙහෙත හොයා ගන්න උත්සාහ කලා ඒක තමයි මගේ ප්‍රධානම අරමුණ වුණේ. කොහොම හරි මේක හොයාගෙන මෙයාට දෙන එක. icu එකේ ඉදලා සමාන්‍යයෙන් අපි හිටපු රූම් එකට ට්‍රාන්සර් කරලා ඒ කියන්නේ ඇඳෙන් බැස්සාට පස්සේ තමයි මෙයාගේ ගෙදරට අපි දැනුම් දෙන්නේ මෙහෙම තත්වෙක මෙයා හිටියේ කියලා. ICU එකෙන් බැහැලා මුල්ම විනාඩි පහේදී අම්මට මම කතා කරා.එ ICU එකෙ ඇදෙන් බැස්සුවාට පස්සේ. මම අම්මට කෝල් කරා මම මෙහෙම වුණා මෙහෙම වුණා ඔගොල්ලො දන්නෙ නෑ .මාව දෙවියෝ බේරුවා.

මට තව ප්‍රශ්නයක් තියෙනවා මට කතා කරන්න බෑ. මම දවසේන් වැඩි වේලාවක් ඉන්නේ අඩ අඩ. දැන් මෙයාට නම් ඒක පුරුදු වෙලා තියෙන්නේ. මෙයා ඉතින් මම අඩනවා දැක්කම ගණන් ගන්නෙත් නෑ දැන් ඒක. මොකද මම ගොඩක් දුරටම කරන්නේ අඩන එක. මට හැම දෙයක්ම මතක් වෙනවා මට වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. මම ඩොක්ටර් කතා කළා .ඩොක්ටර් කිව්වා මරණාසන්න රෝගියෙක්ට ඒන සමාන්‍ය දේවල් තමයි මේ ඕක හරි යනවා කියලා කාලයත් එක්ක හරි යනවා කිව්වා.නමුත් මට එක ප්‍රශ්නයක්. දවසගානේ අඩ අඩ ඉන්න බෑ මට .ඉතින් ඒක තියනවා මට.

ඔයාට පුදුම ද ඔයා දැන් ජීවත් වෙන්නෙ කොහොමද කියන එක?

තුන්වෙනිදා කියන දවස තමයි මට අමාරුම වෙච්ච දවස. මොකද තුන්වෙනිදා මම දෙවෙනිදා වෙනකොටමට තේරුණා මට මොකක් හරි ඇතුල වෙනවා කියලා .එතකොට මම මගේ තියන business වල එකවුන්ට්ස් වල ඔක්කොම details මම මෙයාට දීල තිබුනෙ. මම මෙයාගේ මල්ලිට ඇරලා තිබුණා මගේ මේ විලා එකේ control panel එකේ විස්තර ටික. ඊට පස්සේ මම මගේ රටේ ඉන්න මල්ලිට කියලා තිබ්බා මගේ ළමයි ටික බලාගන්න මට මොනවා හරි උනොත් කියලා. එතකොට මට තේරුණා මට මොනවා හරි වෙනවා කියලා .තුන්වෙනිද වෙද්දි මම මට ගොඩක් අමාරුයි. මොකද drug එක් ආවෙත් 4වෙනිදා නේ .එතකොට තුන්වෙනි රැ මම හිතන්නේ එකට දෙකට විතර මෙයා මගේ ලගට ඇවිල්ලා මෙයාට තේරෙන්නැති
මොනාහරි මගේ මොකක් හරි වෙනසක් වෙනවා කියලා.මෙයා මට කියන්න ගත්තා ශෂික ඔයා අර දවසේ මෙහෙම කළා ,මෙහෙම කළා. ගොඩක් මෙයා මට මතක්කළා. මම ජීවිතේ කරලා තියන පින්. මම පින් කරලා කියන්නේ මම purposely පින් කරලා නැහැ. මෙයා
ගොඩක් පින් කරනවා .නමුත් මම එහෙම පින් කරන මනුස්සයෙක් නෙමෙයි .නමුත් මම කොහේදි හරිකවුරුහරි හැප්පිලා ඉන්නව දැක්කොත් මම කවදාවත් පාරේ දාලා යන්නේ නැහැ. මම ඉගෙනගෙනතියෙනවා. firstaid course එකක් කරල තියනවා. මම දන්නවා කොහොමද firstaid දෙන්නෙ කියලා CPR කොහොමද දෙන්නේ කියලා .ඔක්කොම මම ඉගෙන ගෙන තියෙනවා. ඉතින් මම ඒ රෝගියා හැප්පිච්ච වෙලාවක දී කරන්න පුළුවන් බේසික් ටික කරලා තමයි මම වාහනේට දාගන්නේ. මම දන්නවා ඒ මනුස්සයගෙ කටින් ස්වසන මාර්ගයට ලේ ඇතුළු වුණොත් එහෙම ඒ මනුස්සය ගෙනියනකොට මැරෙනවා කියලා. ඒ වගේ දේවල් ඉගෙන ගෙන තියෙනවා. මම කොහේ ගියත් මම ඒ වගේ දේවල් නොහිතලා මම කරලා තියනවා. ඒ දේවල් සේරම මෙයා එකින් එක මතක් කළා.

ඒ අතරේ ඔයා ඉන්න අතරේ පින්දහම් එහෙම කළාද සෙත් කවි කාට හරි කියල පූජාවල් වගේ දේවල් කරාද?

ඔව් සෑහෙන්න කලා .බෝධි පූජා කළා ,සෙත් කවි කළා, ආශිර්වාද පින්කම් ගොඩක් කළා මොරගල්ල රජමහ විහාරය සහ පදාගොඩ ශ්‍රී ජන නන්දාරාමය විහාරාම හංවැල්ලේ මේධංකර ස්වාමීන් වහන්සේ කිව්වොත් ගොඩක් දෙනෙක් දන්නවා උන්වහන්සේ හුඟක් ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් මම කරපු එකම දේ තමයි මම කාටවත් කිව්වේ නැති වුණාට මට උන්වහන්සේලා මතක් උනා .මම කිව්වි ඔබ වහන්සේලාට මට කරන්න පුළුවන් දෙයක් අශිර්වාදයක් තමයි මේ වෙලාවේ අවශ්‍ය කියලා. ඔබවහන්සේ සුදුසු දෙයක් මේ වෙලාවේ මට කරලා දෙන්න කියලා මම කිව්වා.

ඒ කියන්න ඔබ පිළිගන්නවා ධර්මය ප්‍රභලත්වය තමයි ශශික ව බේරුවේ කියලා?
වෙන මුකුත් නෙමෙයි අපිට තියෙන ඇත්තටම මේක දහමෙන් තොර දෙයක් නෑ කියන එක තමයි මගේ විශ්වාසය.

ශශික ඇත්තටම ඔයා ජීවිතෙන් යන්නම සූදානම් වෙලා හිටිය නේද?

මට තේරුනා මට මොනාහරි වෙනසක් එනවා කියලා මගේ ඇඟේ. ඊට පස්සේ මෙයා මට මතක් කරාට මම කරපු දේවල් මට විනාඩි දහයක් දොළහක් වගේ කාලයක් තමයි මට ඕක දැනුනේ. ඊට පස්සේ මට ඒවමුකුත්ම දැනුනේ නෑ .මට හිතුනෙත් නෑ .මේ මගෙ ලගින් ඉන්නවා කියලා කියලා ඡායාව පේනවා. මටඡායාවක් විතරයි පේන්නේ නමුත් මට මෙයාව දැනෙන්නෙ නෑ .මට මගේ දරුවෝ දෙන්නාව මතක් වුණේ නෑ.

මට අම්මා තාත්තා කිසිම කෙනෙක්ව මතක් වුණේ නෑ ඒ වෙලාවේ. සමහරක් විට මම මගේ හිත හදාගෙන වෙන්න පුළුවන් හිටියේ. මට කිසිම දෙයක් මතක් උන් නෑ .මං බොහොම සැහැල්ලුවෙන් හිටියේ .මට ඒ ෆීලින් එක ඔයාට කියන්න බැහැ. නමුත් මම හරිම සැහැල්ලු මනසකින් හිටියේ. මම හිතනවා සැහැල්ලු මනස මම කරපු පෙර පිනක් වෙන්නැති මම අහල තියෙනවා මරණ මංචකේ මිනිස්සු අඬනවා කියලා. මම ඇඬුවේත් නෑ හිනා වුනෙත් නෑ. කොහොම හරි දේව හාස්කමකින් මම එදා රෑ බේරුනා. එතකොට මට ගොඩක් අමාරුයි උදේ තමයි අර drug එක හම්බ උනේ. ඉතින් මම හිතනවා මාව පෙර පිනකට තමයි මාව දෙවියෝ බේරුවේ.

තක්ෂිලා ඔයා නිතර පන්සලට යන ආගම පැත්තට බර කෙනෙක් ඒවත් ගොඩක් හේතු උනාද?

මම විශ්වාස කරන එකම දේ ඒක තමයි අපේ බුද්ධ ශක්තිය ඇරෙන්න වෙන කිසිම දෙයක් මේ ලෝකේ ප්‍රබල නැහැ. ඒක මම එකහෙලාම කියනවා. මම එක දැඩිව විශ්වාස කරන දෙයක්. මම යම්කිසි සීලයක් රැකලා තියෙනවා නම් මම ඇත්තටම සත්‍යක්‍රියාවක් කලා. මොකද මට එහෙම කරන්න පුළුවන් .මම රැකපු සිල් තියෙනවා ජීවිත කාලේ පුරාවටම. එහෙම සත්‍යක්‍රියාවක් කරල මගේ ස්වාමියාව බේරලා දෙන්න කියන මනසක් මට ඇතිවුණා .වෙන කිසිම දෙයක් නෙමේ ඇත්තටම ඉතින් මම හිතනවා ඒක ලොකු දෙයක් වුණා කියලා.

ඔයා දකින්නැතිනෙ ටීවී එකේ ඉන්දියාවේ කාන්තාවෝ පුරුෂයෝ පණ අදිනවා ඔක්සිජන් නැතිව ඔයා දකින්නැති ඉතාලියේ මිනිස්සු පණ අදිනවා ඔයා එක ඇත්තටම ඔයාගේ සැමියාගෙන් ඇත්තටම දැක්කද?

ඒ අත්දැකීම ඇත්තටම ඒ ඉතාලියේ මිනිස්සු අපිට කිව්වා මේ ලෙඩේ ගැන දන්නවනම් කවුරුහරි ජනේලෙකින් වත් ඔලුව දන්නේ නෑ කියන එක. නමුත් තවමත් අපේ මිනිස්සු ඒක පිළිගන්නේ නෑ .ඒක මං බොහොම කාරුණිකව ඉල්ලනවා එකේ කියපු දේවල් ඇත්ත .මොකද මම විතරයි ඒ දේවල් දැක්කේ ඒ තියන අමාරුකම. අපිට ස්වභාවදහමේ හම්බෙනවා ඔක්සිජන් නිකංම. නමුත් ඒ හම්බ වෙච්ච දේ පවා අපිට ගන්න බැරි පුදුම සටනක් ඒක. මිනිස්සුන්ට මාස්ක් එකක් දාලා ආරක්ෂා වෙන්න බැහැ කියන එක ඒක මිනිස්සු කරන හරිම අනුවණ වැඩක්. කෝවිඩ් ඒ තරමට භයානකයි .හැබැයි මට ඒ ශක්තියක් ලැබුණා මගේ හස්බන්ඩ්ව එකෙන් වැටෙන්න දෙන්නෙ නැතිව මානසිකව වට්ටන්නෙ නැතිව, නෑ ඔයාට පුළුවන් කියන තැනට හිත හදන්න මට පුළුවන් වුණා.

දැන් පවුලේ දරුවටත් කෝවිඩ් ආසාදිතයි නේද ?
ඔව් එක්කෙනෙක්ට ආසාදිතයි. අම්මත් ආසාදිතයි.

හොස්පිට්ල් එකේ බිල් එක කීයක් විතර ගෙවන්න වුණාද ?

බිල් එක ලක්ෂ විසි එකහමාරක් ආවා. ඊට අමතරව ඩෝස් එක ගන්න ඒකත් මම මට දෙවියෝ බැලුවා. ඩෝස් එක 600mg ගන්න ගියා නම් ලක්ෂ දෙකක් යනවා කිව්වා. 400mg නිසා තමයි ඒක ලක්ෂයක් උනේ. එතකොට ලක්ෂ විස දෙකහමාරක් ගියා ජීවිතේ බේරගන්න.

ශශික දෙන්නම් එකතුවෙලා කියන්න, ඔයා කිව්ව ජීවිතය හරි ෆන් එකෙන් හිටපු කෙනෙක් කියලා .අද ඔය දෙන්නටටම ඔයා ආගමට ගොඩක් බර වෙලා හිටපු කෙනෙක් .ඔය දෙන්නම තරුණ වියේ ඉන්න දෙන්නෙක්. මොකක්ද ඔය දෙන්නම එකතුවෙලා කියන්නේ මේ සිද්ධියෙන් ඕගොල්ලෝ ජීවිතේ ගැන මොනවද තේරුම් ගත්තේ?

ජීවිතය ඇත්තටම මම කියන්නේ ,මම ගොඩක් ෆන් එකේ හිටපු මනුස්සයෙක්. මම හිතන් හිටියා මිනිස්සු අවුරුදු 75ක් උනාට පස්සේ ලෙඩ වෙනවා , වයසට යනවා ,මැරෙනවා ඕක තමයි මගේ හිතේ තිබුණේ. මම ඇත්තටම හෙට ගැන මම හරි සරල මනුස්සයෙක් .මම අද ගැන හිතුවා ජොලි කරා එහෙම මනුස්සයෙක් මම. නමුත් මගේ පවුලට වෙන්න ඕන සියලුම යුතුකම් නොපිරිහෙලා ඉටුකරන කෙනෙක් මම .නමුත් මට මේක හැදුනාට පස්සේ මම තේරුම් ගත්තා මට අවුරුදු තිස් අටේ දි තමයි මට මේක හැදුනේ .අපි මේ ඇවිල්ලා ඉන්නේ හරියට රෙන්ට් එකට ඇවිල්ල ඉන්න ගෙදරකට වගේ .අයිතිකාරය යන්න කිව්වට පස්සේ යන්න ඕනේ. අපට මේ ජීවිතය අයිති නෑ. අපිට කතා කරම අපි යන්න ඔන. ඒක තමයි ඇත්ත කතාව. ඔයාට තියෙන්නේ ඔයා කරන පින් පව් විතරයි. හොඳ නරක විතරයි. ජීවිතේ තේරුණා. බණ හාමුදුරුවෝ සිය දෙනෙක් ගෙන්වත් වබෝධ කරගන්න බැරි සත්‍ය තේරුණා. අපි කරන පින් පව් විතරයි අපි අරගෙන යන්නේ. අපි නිහතමානිම ජීවත් වුනාම විතරයි අපිට දෙයක් ලැබෙන්නේ. අපි මේ ගත කරන්නේ බොරු ජීවිතයක්.

මොනවද තක්ෂිලාට හිතුනෙ?

මට හස්බන්ට ඒක අවබෝධ වීමම ලොකු සතුටක් .ලොකු භාග්‍යයක් .අනිත් එක මිනිස්සුන්ට මෛත්‍රී කරනවා කියන්නේ ඇත්තටම මාස්ක් එකක් දැමිමෙනුත් මෛත්‍රියක් කරන්න පුළුවන් .මොකද තමන්ගේ ආරක්ෂාව වගේම අනිත් අයවත් ආරක්ෂා කරන්න .එතකොට ලොකු දේවල් කරන්න ඕනේ නෑ. තව කෙනෙක්ගේ නිරෝගී බව උදෙසා මට මාස්ක් එකක් පලඳින්න පුළුවන් නම් එකත් මෛත්‍රියක්. ඒ නිසා තමයි මං හැමෝටම කියන්නේ මේකේ භයානකකම හරි ලෙස අවබෝධ කරගන්න. අපි ඇත්තටම අත්වින්දා ඒ ගැන . ඉතින් ඔබට මට මේකට කියන්න තියෙන්නේ මේ ගැන සුළුවෙන් හිතන්න එපා .තමන් පරිස්සම් වුණොත් තමන් mask එක දැමීමෙන් අනිත් ගෙදර ආරක්ෂා වෙනවා.

ශශික අද සමහරු ඉන්නවා ඇඩ්මිට් වෙන්න හොස්පිට්ල් එකක් නැහැ, සමහරු ඉන්නවා මරණාසන්නව ඔක්සිජන් ඕනේ හැබැයි icu bed එකක් නෑ .මෙහෙම රෝගීන් මේ සීමාව ඉක්මවා ගියොත් මේ ලෝකයේ ඕන රටකට දරාගන්න බැරි සීමාවක් ඒනවා.

මම හිටපු හොස්පිටල් එකට යනකොට ඒ හොස්පිට්ල් එකේ නිසි ආකාර ICU bed නැති උනොත් ඒ රෝගියාට ජීවත් වෙන්න අමාරුයි. මොකද හැරෙන්නවත් බෑ මේ ලෙඩේ දී .මාව උදේට ඇවිල්ල සෝදනවා. ඒ හෝදනකොට මාව සෝදන්න පැත්ත හැරෙන්න කියනවා .ඒ පැත්ත හැරුනට පස්සේ මං විනාඩි විස්සක් හති අරිනවා. ඊට පස්සේ මම අත උස්සනවා මෙහෙම කරලා. එතකොට තමයි මගේ ඇඟේ ඉතුරු ටික කරන්න පටන් ගන්නෙ .ඒ තරමට අමාරුයි .මම කියන්න තියෙන්නේ මේ ලෙඩෙක් කෝවිඩ් හැදිලා නිව්මොනියා තත්වෙට පත්වුනොත් ලංකාවෙ තියෙන ICU beds මදි දැන් . ඇත්තටම දැන් පොසිටිව් වෙන ගානට icu beds නෑ. ඉතිං පරිස්සම් වීමක් විතරයි වෙන්න ඕනේ. මේක හැදුනොත් ලේසි නෑ බේරගන්න. ජීවිතේ හරිම අමාරුයි ගොඩ එන්න .ඒක කර්ම ශක්තිය මත තමයි අපිට පුළුවන් වෙන්නේ ගොඩ එන්න.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ශෂීට වියදම් කරන්න සල්ලි තිබුණ හින්දා ලක්ෂ විසි දෙකක් වගේ වියදම් කරන්න පුළුවන් වුණ හින්දා ශෂිකට බේරෙන්න පුළුවන් වුණා. එතකොට අපි බලන්න ඕන ICU Beds වැඩි කරන එක නෙමෙයි රෝගීන් ප්‍රමාණය අඩුකරන එක මේ වෙලාවෙදි .

කාටවත් බැනලා වැඩක් නැහැ තමන්ගේ ආරක්ෂාව තමන්ගේ අතේ විතරයි තියෙන්නේ. ඒක නිසා ජනාධිපතිතුමාටවත් සෞඛ්‍ය ඇමති භෙවත් බැනලා වැඩක් නැහැ. තමන් එළියට නොගිහින් ආරක්ෂා වුණත් තමන්ට ලෙඩේ හැදෙන්නේ නැහැ. ඒක නිසා තමන් ගෙදර හිටිය මේ ඉවරයි .එලියට බැස්සොත් තමයි අපිට ලෙඩ බෝ වෙන්නේ .අපි ආරක්ෂාව උනාට පස්සේ hospital ගානේ ගිහිල්ලා දුක් විඳින්න ඕනෙ නැහැ.

අපි දැන් අවසන් කරමු ඔය දෙන්නටම එකතුවෙලා යම් පණිවිඩයක් දෙන්න තියෙනවා නම් රටට කියන්න?

අපි කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැතුව අපේ යුතුකම අපි කරන්නං හරියට අපි ආරක්ෂිතයි .එතකොට හැමෝම ආරක්ෂිතයි. ඉතින් මේ වෙලාවේ කටවත් වරද පටවන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේකෙන් අපිට බේරෙන්න පුලුවන්.පුළුවන් තරම් කියන විදිහට ආරක්ෂා වෙලා ඉන්න. ඇත්තටම ඉතාලියේ මිනිස්සු ජනේලෙන් ඔලුව එළියට දාන්න එපා කිව්ව කතාව ඇත්ත .ඒ තරම් පරිස්සම් වෙන්න ඕන. මිනිස්සුන්ට මේකෙ භයානකකම තේරෙන්නෑ .බොහොම ආදරෙන් කියන්නේ ඕගොල්ලෝ මේකෙන් පුළුවන් තරම් පරිස්සම් වෙන්න තමන්ගේ යුතුකම් ඉටු කරන්නේ කියලා තමයි මම කියන්නේ .මට කවදාවත් අමතක කරන්න බැහැ ඩොක්ටර් අටිගල ඇතුළු කාර්ය මණ්ඩලය සම ICU එකේ nurse ලා මේකට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා. ඒකට ගොඩක් පින්. ඒක මට තව තව රෝගීන් සුවපත් කිරීමේ හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ශෂික ඔයා?
එතකොට මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මාව හොස්පිටල් එකට අරන් ගිය වෙලාවෙ ඉඳන් මාව බලාගත්ත සෑම සියලු දෙනාටම මගේ පාසල් දෙකේ මගේ මිතුරන්ට මම විශේෂ ගෞරවයක් පුදකරනවා. මොකද එයාලා නැත්තං මගේ තත්වෙ වෙනස් වෙන්න තිබුණා .මම තාමත් නෝමල් නෑ. මම ඊයේ ඉදන් තමයි මේ කතා කරන්න පටන් ගත්තේ .කතා නොකර හිටියොත් මට කතා කරන්න බැරි වෙනවා. මුලින් මුලින් වචනෙ කතා කළත් මට හතිය එනවා. නමුත් මම ඇවිද්දොත් අඩි දහයක් ,පහළොවක් ඇවිද්දොත් මට ආයෙමත් හති එනවා .අර ලොකු හතිය නෙමෙයි .ඒත් මහන්සි.මට ඩොක්ටර් කිව්වා ටිකක් කල් යයි මේක හරි යන්න කියලා අපි කාලෙට ඉඩ දීලා බලන් ඉමු කියලා මොකද වෙන්නේ කියලා.

අපි හිතනවට වඩා covid ප්‍රභලයි. අපි හිතන් හිටිය නං කෝවිඩ් දරුණුයි කියලා ඒ හිතන් හිටියටත් වඩා කෝවිඩ් දරුණුයි .ශශික සහ තක්ෂිලා දෙපලම කෝවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා හිටපු ,එක දරුවෙක්, ඒවගේම තමන්ගේ අම්මා. ඒ නිසා අපි හිතුවටත් වඩා කෝවිඩ් බරපතලයි .ඒ නිසා අපිට කියන්න තියෙන්නේ පරිස්සමින් ඉන්න. කාට කාටවත් දොස් කියලා වැඩක් නැහැ .අපිව පරිස්සං කරන්න පුළුවන් වෙන්නේ අපිටම තමයි. ආණ්ඩුවට ඕනේ නම් ආණ්ඩුව lockdown කරයි ඒක ආණ්ඩුවෙ තීරණයක් බැනලා වැඩක් නෑ. අපි අපේ කටයි මූණයි දෙක lockdown කරගමු .කරගෙන පරිස්සම් වෙමු .ශශික මරණය දැක දැක ජීවිතයේ තව කාලයක් ජීවත් වෙන්න වාසනාව ලබපු කෙනෙක් .හැබැයි හිතන්න එපා ඒ වාසනාව හැමෝටම ලැබෙයි කියලා.
– චමුදිත සමරවික්‍රම

Back to top button