උතුම් මව් පදවියට ළඟ ලෑස්ති වෙන සුරූපී නිලි සෙව්වන්දි නයනතාරාගේ අලුත්ම ප්‍රෙග්නන්සි ශූට්එක

අපේ රටේ ඉතාම ජනප්‍රිය සුරූපී තාරකාවක් වන සෙව්වන්දි නයනතාරා කියලා කියන්නේ අහම්බෙන් රංගනයට එන ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය මුලින්ම රංගනයෙන් දායක වුන තෝඩු ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරය දිනා ඇය ඊට පස්සේ නාඩි ටෙලිනාට්‍ය හරහාද ප්‍රේක්ෂකයින් හමුවට ආවා.
ඉතින් ඒ වගේම කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනිය අපේ රටේ ඉන්න දක්ෂ මැණික් ව්‍යාපාරිකක් සමඟ යුග දිවියට පිවිසිලා ආදරණීය සුන්දර ජීවිතයක් ගතකරන බවත් මේ වනවිට නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අපේ මේ ආදරණීය රංගන ශිල්පිනිය දැන් කුළුදුලේ උතුම් මව් පදිවියට සුදානම් වන පුවත අපි ඔබ වෙත අරගෙන ආවත් ඔබට මතක ඇති.
ඉතින් ඒ වගේම ඇයගේ කුසේ ඉන්නේ කොලු පැටියෙක්ද කෙලි පැටියෙක්ද කියලත් ඇය පහුගිය දවසක අපූරු උත්සවයක් පවත්වලා හැමෝටම කියලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය කියලා තිබුනේ ඇයගේ කුසේ ඉන්නේ පුංචි දූ සිගිත්තියක් කියලයි. ඉතින් ඒ වගේම මේ අපූරු සාදය පවත්වපු දවස කවදාවත් අමතක නොවන දවසක් කරගන්න එහි අපූරු සුන්දර අවස්ථා කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.
ඉතින් ඒ වෙනුවෙන් සුරූපී නිලි සෙව්වන්දි නයනතාරා ඇයගේ සැමියත් එක්ක එකතුවෙලා අපූරු ආදරණීය ෆොටෝශූට් එකක් කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාවේ මේ යුවලව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපෙ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන පමුක නිමේෂ් පීරිස් කියන ඡායාරූප ශිල්පියා විසිනුයි.
ඉතින් ටික් ටෝක් හරහා ජනප්‍රිය වෙලා ඊට පස්සේ රංගන ක්ෂේත්‍රයට පිවිසිලා දැන් ටෙලිනාට්‍ය වලට අමතරව වෙළඳ දැන්වීම් වලින්ද, මියුසික් වීඩියෝ වලින්ද නිරතරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන සෙව්වන්දි නයනතාරාට උතුම් මව් පදවිය නිමිත්තෙන් අපි හදවතින්ම සුබ පතන ගමන් ඇයටත් කුසේ ඉන්න දරුවාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.

The post උතුම් මව් පදවියට ළඟ ලෑස්ති වෙන සුරූපී නිලි සෙව්වන්දි නයනතාරාගේ අලුත්ම ප්‍රෙග්නන්සි ශූට්එක appeared first on FoxMedia.